ඉතින් අද ටිකක් වෙනසකට යන්න හිතුනා...
පහුගිය දවස්වල ජුංගේ කතා කියලා..
ඊට පස්සේ පන්සල් ජීවිතේ ගැනත් කියන්න පටන් ගත්තනේ...
අද ඉතින් ඒ ඔක්කෝම නවත්තලා දාලා මට හිතුනා කවි කිහිපයක් උපුටා දක්වන්න..
මෙ කවි ඔක්කෝම ජාතකරත්නාකරය කියන කවි පොතේ කවි.
ඇත්තටම මෙ ජාතක රත්නාකරය කියන්නේ වයි.ඒ. හරමානිස් අප්පුහාමි නැමැති දෛවඥතුමන් විසින් බොහෝ පැරණි ජෝතිෂ්‍ය ග්‍රන්ත ගුරු කොටැගෙන නිමැවූ මහගු පුස්තකයක් බව කිව යුතුය..
මා හට ජෝතිෂ්‍යය පිළිබඳ ඇල්මක් ඇතිකරවාලීමෙ පළමු ගෞරවය මෙම පොතට අත්විය යුතු බැව්ද කියන්නේ මහත් වූ කැමැත්තකිනි.
මා පන්සලේ ජීවිතය ආරම්භ කොට මාසයක් පමණ කලකට පසු පන්සලේ පරණ කුණු ගොඩවල් ඉවත් කර ශුද්ධ පවිත්‍ර කිරීමට යෑමෙදී කාමරයක මුල්ලේ තිබී අසු වූ පැරණි පත්තර ගොඩක් තුළ සැගවී තිබී මා අතට පත් මෙය එසේ නොවී නම් තව නොබෝ කලෙකින්ම එම පත්තර ගොඩට වී තිබූ ආකාරයටම වේයන්ගේ ගොදුරක් බවට පත් වී යාමට ඉඩ තිබිණි.
කෙසේ නමුත් මාහට මෙ ජීවිතයේ ලැබුණා වූ උසස් වාසනාවක් සේ සලකනු ලබන ජොතිෂ්‍යය පිළිබඳ දැනුම මා හට මූලිකවම ලබා දීමට මුල් වූයේ මෙම අනගි පුස්තකය බවත් එය ලියූ කතුවරයාහට මෙන්ම එය එසේ නොසැලකිල්ලෙන් විසිකර දමා මා හට ලැඛෙන්නට සැලැස්සූ මා නොදන්නා පුද්ගලයාටත් දහස්වර පින් දෙමින් මෙම කවි කිහිපය මෙහි සටහන් කරනු කැමැත්තෙමි.
6.අදියර
ලග්න රාශිඵල
මෙස ලග්නයෙහි උපනුන්ගේ ඵල
ගතත් දුබල වෙති,කුරිරු ගතිය ඇති,
නෑයන් හට වයිරිව ඉඳිතී..
සිතත් උඩගුවෙති,තැන තැන ඇවිදිති,
වාදෙට නිතරම පිරිය වෙතී..
ඇතත් දනය ඉති,තිරයක් නම් නැති,
තේජස නම් බොහො කොටම ඇතී..
පිතත් අදික වෙති,ඇග ගිනියම් වෙති,
මෙස රැසෙහි උපනුන්ගෙ ගතී..
වෘෂභ
ගුරුන්ට බැතිවෙති,මුදු බස් තෙපලති,
දුටුවන් සැමටම පිරිය ඇතී..
දනෙන්ද යුතුවෙති,ලොහොබි කමුත් ඇති,
කාමුක වෙති ඇවිදුමෙහි රුතී..
දරුන්ද මඳවෙති,සිවුපා බෝ වෙති,
සන්සුන් නුවණැති ගතිය වෙතී..
ලියන්ට ගැති වෙති,ගුණෙන් අධික වෙති,
ගවරැස උපනුන් හට කියතී..
මිථුන
සිරිමති දනවති,බෝග සැපත් වෙති,
නෑ සබඳුන් හට ඇල්ම වෙතී..
ගුණවති නැණවති,දීමෙහි තුටු වෙති,
සුදනන් හට නිති පිරිය වෙතී..
සෙනෙහැති දූ පුත් මිතුරන් බොහො වෙති,
රාජ සෙවනෙ වාසය කරතී..
ලොව තතු දැනුමැති,කාමෙහි ලොල් වෙති,
මිථුන රැසෙහි උපනුන්ගෙ ගතී..
කටක
විස්තර සළු පිළි අබරණ තුටු වෙති,
මදුරාහරයට නිති ලොල් වේ..
බස් ඇත සුමිහිරි කපට නුවණ වෙති,
දහම අනුව පැවතීමත් වේ..
සත්දන ඇසුරෙහි වාසය වෙයි නිති,
මානෙට කටයුතු කෙරුමත් වේ..
බස් බොරු නැත කිසි නල රැස උපනුන්,
දිය කෙළියට නිතරම තුටුවේ..
සිංහ
පඩුවන් ගතවෙය,වා පිත් අදිකය,
වැහැරුණ උදරය මසට රුතී..
දරුවන් මද වෙය,කාමුක ගති වෙය,
පරහට වද හිරිහැර කරතී..
සතුරන් දිනනුය,රජුන් වසග වෙය,
පරදෙස වාසෙට තුටු සිතැතී..
විකුමෙන් පතලය,කිරියට සූරය,
සිහ රැස උපනුන් හට කියතී..
කන්‍යා
සතර දනිති නෙක,තියුණු නුවණ වෙති,
උදාර ගුණයෙන් නිති දිලෙතී..
විතර නොවන දන,ඉසුරු සැපත් ඇත,
කටයුත්තෙහි සැම දස්ස වෙතී..
නිතර රුසිරු නව,යොවුන් විලාසිත,
අගනුන් පහසට ලොබ කරතී..
ඉතිරි රැසෙහි උපනුන්ට මෙගුණ සහ,
රැවටිලි මායම් ඇත කියතී..
තුලා
පැහැපත් මුහුණැත,බබලන නෙත් ඇත,
මුකයෙහි කඩතොළු දතුත් වෙතී..
බියපත් ගති වෙත,සන්සුන් ඉඳුරැත,
යහපත් පණ්ඩිත බවද ඇතී..
ගුණවත් ලිය ඇත,ඉසුරුත් බොහො වෙත,
වෙළඳාමෙන් දන රැස් කරතී..
උපනු තුලා රැස,පිණටත් පිරියැත,
කුලයට පහණක් බඳු කියතී..
වෘශ්චික
කුරිරු ඇසුත් වෙති,නුවනත් මඳ වෙති,
චපල ගතිය නිතරම පාතී..
තරහ අදික වෙති,බොරුබස් පවසති,
සුදනන්හට වයිරය කරතී..
උඩගු ගතිය වෙති,අනුන්ට ගරහති,
බව බොග දන සම්පත්ද වෙතී..
ආයුස බොහො වෙති,කලහෙට රුති වෙති,
නුහුසු රැසෙහි උපනුන්ගෙ ගතී..
ධනු
සුන්දර සිරියා,මුහුණින් යුතු වෙති,
දුටු දන මන පිනවන රුවැතී..
ගම්බිර නැණ නුවණින් වෙති පූජිත,
නීති සතර මැනවින් දනිතී..
නන් දැරු රට තොට,ඉසුරුමතුන් වෙති,
රාජ සේවයෙන් කල් ගෙවතී..
වංසෙට නායකයින් වෙති පරසිදු,
උපනුන් දනුරැස පිණැති වෙතී..
මකර
කතුන්ට ලොල් වෙති,දීන වචන වෙති,
කපටි කමින් නිති කල් ගෙවතී..
තමන්ගෙ වැඩයෙහි උත්සහවත් වෙති,
අනුන්ගෙ වැඩයට අලස වෙතී..
වදන් චතුර වෙති,ලොහොබි ගතිය ඇති,
නීච වැඩෙහි නිතරම යෙදෙතී..
දරුන්ද බොහො වෙති,පාපෙට බර වෙති,
උපනුන් මුව රැස පල කියතී..
කුම්භ
දුටුවන් පිණවන සොඳුරු කයක් වෙති,
උඩගු ගතිය නිති රජ කරතී..
පරඹුන් වෙත නිති ඇල්ම කෙරෙති සිත,
අන්සතු වස්තුව කොල්ල කතී..
අගතැන් පැමිණෙති,කපටි කමින් ලොවැ,
බැගෑ වචන නිතරම කියතී..
මිතුරන් බොහො වෙති,දන සම්පත් ඇති,
කුඹුරැස උපනුන් පලය වෙතී..
මීන
කාමෙහි වැඩියෙන් ඇල්මක් නොකරති,
මද වසයෙන් අහරද බුදිතී..
පේමය වෙති නිති හිත මිතුරන් වෙත,
රන් රිදි මිණි මුතු වස්තු ඇතී..
ඥානෙන් යුතුවම කටයුතු ගෙන යති,
කීර්තියද තෙද බලද ඇතී..
මීනෙහි උපනුන් දුබල කයින් යුති,
වංක කමත් එලෙසටම ඇතී..
හම්මෙ..ඔන්න ඉවරයි..
මෙම පොතෙහි වන කවි 2512 න් කවි දොළසක් පමණක් උපුටා දැක්වීම මෙතරම් අමාරු නම්..
මෙය රචනා කළ තැනැත්තා මොන තරම් මහන්සියක් ගත්තෑදැයි මට මෙ දැන් සිතුනි.
මෙම කවි සියල්ලම කියවා තේරුම් ගැනීමට පමණක් මා හට වසර දෙකක් පමණ ගත වූ බව නම් කිවයුතුමය..
හා.. හොඳයි.. දැන් එහෙනම් තම තමන්ගේ ලග්නත් එක්ක මෙ කවි ටික ගලපාගෙන බලන්නකෝ..
අහල පහල ඉන්න නැදෑ මිත්තරයින්ගේ ඒවටත් ආදේශ කොරලා බැලූවට කමක් නෑ ඔං..
හප්පේ අයියේ මං කියවපු පොත් දෙක තුනක මගේ ලග්නෙට තිබුනු දේවල් වලට වඩා ගොඩක් වෙනස්වනේ මේ කවියෙ තියෙන්නේ...........
ReplyDeleteකාමක් නෑ........
මිත්‍රයො ගැන හොයල වැඩක් නෑ.....
හා හා .......... කියලා තියන එව්වායින් දෙකක් තුනක් තව ඉෂ්ඨ කරගන්න තියනවා ....
ReplyDeleteනැද්ද ක්‍රමයක් ඒ ටික ඉෂ්ට කරගන්න ...... සෙත් ශානතියක් එහෙම?
හා පැටික්කී...
ReplyDeleteඇයි ඒ පොත්වල මොනවැයි තිබුනේ..?
wap...
ReplyDeleteසෙත් ශාන්ති කොරන්න කළින් දැහැමින් සෙමින් ජීවත් වෙලා ඉන්න එක තමයි හොඳ
මාරෙ,
ReplyDeleteමරේ මරු..
කතාව ඇත්ත වගේ..
මොකද මන් කන්‍යා..
හැබැයි අපේ සුප්පා මේක දැක්කොත් මන් සුන්
මගෙ ඒවනම් හරි වගේ
ReplyDeleteකිවුව විදිහටම ට්‍රැක් එක වෙනස් කළා නේද. හැබැයි දාල තියෙන පෝස්ට් එක ලස්සනයි. මගේ ලග්නෙ ගැන කියල තියෙන සමහරක් ඒව හරි වගේ. ‘සුන්දර සිරියා,මුහුණින් යුතු වෙති, දුටු දන මන පිනවන රුවැතී..’ අනේ මන්ද....
ReplyDeleteඑව්ව කියන්න බෑ......
ReplyDeleteබලමුකො ඔය තියෙන රූපකාය නම් මට කිශිම ගැලපිල්ලක් නෑ. අනිත්ව ටිකක් හරි වගේ බලමු.......
බබලන නෙත් ඇත,
ReplyDeleteමුකයෙහි කඩතොළු දතුත් වෙතී..
සහතික ඇත්ත෴
නියමයි නියමෙටම නියමයි.....
ReplyDeleteමගේ ලක්නේ මාරුකරගන්න්යි හිත....
ඉ මේල් එකක් එවලා ඇති.....
මට ටිකක් කල් දෙන්න....
හ්ම්ම්.... හොද කියල තිබ්බ ටික නන් හරියටම හරි.. නරක ටික නන් බොරු හොදේ........
ReplyDeleteඅනේ මන්දා. මගේ ලග්නය මිථුන. ඒ මදිවට සිකුරුත් උච්චයි. රවිත් උච්චයි. ජීවිතේ වැඩි වරදක් නම් නැහැ.
ReplyDeleteපට්ටපල් ඇත්තක් නේ,,,,, හික්ස්...
ReplyDeleteමාරයියා නම් මාරම මාරය.
ReplyDeleteමං නොදන්න නරක් ගතිගුණේකුත් තියේනෙ මට, හපොයි.
ඉසුරු සැපත් තියෙනව කිව්වට නැහැ නොවැ. ශිහ්!!!
Indika...
ReplyDeleteහික් හික්..
සුප්පාගේ එකත් බලලා තියා ගන්න ඔන උනොත් ඒකෙන් වැඩක් ගන්න බැරියෑ..
ගීත්...
ReplyDeleteහරි යන්ට ඔන..
මම හුගාක් අයගේ කෙන්දර සමග මෙ කරුණු ගලපලා තියෙනවා..සෑහෙන දුරට ඒ හැම එකක්ම හරි.
Praසන්ன ...
ReplyDeleteකේන්දරෙ ග්‍රහ පිහිටීම් අනුව මෙ කරුණු වෙනස් වෙන් ඉඩ නැතුවාම නෙවී..
එකම ට්‍රැක් එක වෙහෙසකරයිනේ...
හා පැටික්කී...
ReplyDeleteහොඳයි කියලා හිතෙන ටික ගන්නකෝ..
ඉලංදාරියා...
ReplyDeleteහොඳම එක බලලා මාරු කරමු..
බොහෝම ස්තූතියි..
මම බලන් ඉන්නම්.
pasan...
ReplyDeleteහොඳයි පොඩ්ඩෝ..
කැමති විදියක්..
මැණික්(සුළඟ)...
ReplyDeleteරවි එකොළොස් වැන්නේ උච්ච වීමත්,
සිකුරු දහ වැන්නේ උච්ච වීමත් ඉතා හොඳයි නෙව..
බුධ කොහේද..?
zoro...
ReplyDeleteසහතික බොරුවක් නෙවී නම් ඒ මදැයි..
freedom...
ReplyDeleteඔහොම යනකොට ඒවත් ලැඛෙයි..
මොකද තවම ජීවිතේ ඉවරයෑ..
බය නැතුව මං ධනු ලග්නේ කියල කට ඇරල කියන්න පුළුවන්.
ReplyDeleteහරමාණිස් අප්පුහාමී නං ඉරිසිවරයෙක් වගේ
@කතන්දර
ReplyDeleteඅනේ මාවත් ගනිංකෝ බන් අයියේ රාජ්‍ය සේවයට ......... උබ විතරක් එකේ සැප විඳින්නේ ........
හිකිස්
කතන්දරකාරයා ...
ReplyDeleteකොහොමටත් මෙක ඉසිවරුන්ගේ සාස්තරෙ නෙව..
වැප්...
ReplyDelete@කතන්දර
අනේ ඔවු රාජ්ජ සේවෙ ඉතිරි ටිකත් දෙයියනේ කියලා ඉවර කොරලා දාතැකි.
මාරයියාට කිව්වා ශානත් කර්මයක් කියන්න කියලා ......... එක් මග ඇරියා බයිලයක් කියලා ........
ReplyDeleteයන්තම් කතන්දර අයියාට කියල පලා පලේ ඇත්ත කරගන්න බැලුවා ...
කොහෙද ඒකටත් මැද්දෙන් මාරයියා පැනලා කෑවා .... මටමයි වෙන්නේ ...
අර කවි පදේට තව එකක් එකතු කරන්න ඔනා ... වැඩක් කරන්න යනවිට මාරයියාගෙන් බාදා ඇති වේ කියලා ......
මහින්ද රාජපක්ෂ...
ReplyDeleteතමුන්නැහේ මෙ පැත්තේ නාවත් මෙ ටික කියන්න හිතුනා..
අනේ මෙ අපේ වැපාට මොකක් හරි රාජ්ජ අංශේ ජොබක් දෙන්ට බැරිද..?
අපිට මළ වදේ..
මොකක් දුන්නත් බය වෙනට කාරියක් නැහැ..
ඔය කය මඩුවක් අටෝගෙන පාඩුවෙ ඉන්න එකා නෙව..
අනේ මාරයියේ මං මීන නොවැ...දාන එකේ ටිකක්හරි හොද තියෙන කවියක් දාන්න එපැයැ...ඒක කියෙව්වම මට මාවත් එපා උනා අනේ...
ReplyDeleteමම...
ReplyDeleteමම කියන්නද වැඩක් අපි ලග්නේ මාරු කරමු..
මාරෙ,
ReplyDeleteබලාගත්ත බලාගත්ත..ගුරුන්නාන්සෙ දන්න අඳුනන කෙනෙක් ගැන කියල තීනව වගේ ඔය කියල තීනෙ ගානට.
මාරම වැඩේ කියන්නෙ අපේ සිංහ බාහුවත් මගේ ලග්නෙමනෙ..මන් කරපුව මතක් වෙනකොට ඇඟ හිරිවැටෙනව...ඇයි ඉතින් ප්‍රින්සිපල්ල..ටීචර්ල කොච්ච්රක්ගෙන්න කියල ළමයි හ්දන හැටි අහන් ඉන්නද.. ...හපෝයි..
හොදටෝම පරක්කු උනා මේ පැත්තට එද්දී, එකසීය ගානට උණ හැදිලා මාරයියේ. නැගිට ගන්න බැරි නිසා ඇඳ උඩ ගුලිවෙලා උන්න ඉතින් දිල් කෙල්ල. කොහෙද මාරයිය හොයලා බලනවා කියලද මම අහන්නේ ....
ReplyDeleteමගෙ ලග්නය...හික්ස්...මාරයියා දන්නවා නොවැ. මට නම් හෙනට හිනා කියවද්දිම
බුධ දහයේ සහ ගුරු පහේ. දැන් කියන්නකො සාස්තරේ.
ReplyDeleteindika...
ReplyDeleteමොකක්ද බං අර අන්තිමට කියලා තියෙන්නේ මට තේරුනේ නැහැ නෙව..
දිල්...
ReplyDeleteඅපොයි නගෝ මම හොයන්නේ බලන්නේ නැතිව ඉන්නවද..?
මම දැක්කා කොහේ හරි ලියලා තියෙනවා මෙ ටිකේ නගා එක්කයි ඉන්නේ කියලා..
ඒ හින්දා මම හිතුවා ඔයාට අපිව අමතක වෙලා ඇති කියලා..
අනික ඉතින් අක්කා නගෝ මැද්දට අපි පැනලා බාධා කරන්නත් හොද නැහැ නෙව..
නැත්තං මම නිකං ඉඳීද..?
දැන් කොහොමද තත්වෙ..
ඔයා ළග ළග අසනීප වෙනවා නේද මෙ ටිකේ..
දැන් අපෙන් මක්කෙයි කෙරෙන්ට ඔන කරන්නේ..?
ඹැණික්(සුළඟ)...
ReplyDeleteආ හොඳයි හොඳයි..
බුධ සිකුරු දහයේ බොහෝම හොදයි නෙව.
ගුරු තුලාව වූ පස් වැන්නේ වීමත් හොඳයි.
අධ්‍යාපනේ අතින් වගේම හොඳ විවාහෙකටත් උරුම ලැඛෙන පිහිටීම් තමයි..
හැබැයි අධ්‍යාපනේ පැත්තක දාලා ඉක්මනට දීග යන්නත් ඉඩ නැතුවම නෙවෙයි.
වයසට යන්ට යන්ට කඳබඩ ආරලා එන්ටත් පුළුවන්..
පළමු දරුවා පිරිමි දරුවෙක් උනොත් ටිකක් පරිස්සම් කර ගන්ට ඔන..
ආ ඔය මදෑ..
අනේ සොරිම වේවා මචං ..
ReplyDeleteමගේ හාමිනේ තමයි සුප්පා දේවි, පුතා තමයි සිංහ බාහු, මං තමයි සිංහය. ඇයි මෙහෙම කියන්නෙ කියල කතන්දරගෙ රෝස පාට තුවා කතාවෙ පින්තූරෙ දැක්කොත් හරියටම තේරෙයි. (මට ඔය පින්තූරෙ කාලෙකට කලින් e mail එකකින් ආව. එදා ඉන් අපේ ගෙදර ඇත්තන්ව මං නම් කරල තීනෙන් එහෙමයි. )
විසිරී බොහෝ මංපෙත්වල ජීවිතය
ReplyDeleteඇසිරී තිබුනු දැ හට දෙවමින් එළිය
නොපිරී පාරමී දිග් කරමින් දිවිය
වැපිරි යේ ඇයිද? දිවි කතරෙහි සුළිය
එකිනෙක වෙනස් කතිකා වල යෙදෙමින්නේ
ගමනෙක දී ඇසූ දුටු දෑ පවසමිනේ
සසරක මඟ තවත් දික් කරගනිමින්නේ
භවදුක විඳින්නට ඇයි මෙදෙසට පැන්නේ
indika...
ReplyDeleteදැන්නේ තේරුනේ..
විහඟ ගීතය ...
ReplyDeleteභව දුක නිමවනා මග එය නොවී නම්..
දැන දැන තවත් අඳුරෙ කල් ගෙවී නම්..
යන්නට අපායට මහ මං තැනේ නම්..
ඉන්නේ කෙලෙසින්ද තව දුක දැනේ නම්..
ඔබයි මමයි දෙන්නම එකම ලග්නේ.
ReplyDeleteමගේ සමහර ඒවා හරි. සමහර ඒවා නම් වැරදියි :)
ReplyDeleteDinesh_Silva...
ReplyDeleteහැබෑටම..
මෙන්න එහෙනම් තවත් මලපනින මුදියන්සේලාගේ අයෙක්..
Grey...
ReplyDeleteඔය තියෙන්නේ පොදු ලක්ෂණ විතරයි.
තම තමන්ගේ උත්පත්ති කේන්දරයට අනුව බොහෝ වෙනස්කම් විය හැකියි..
හෙන පරණ කතාවකට වරහන් දානවා කියලා මාත් එක්කත් මල පනින්න එපා මාරයියේ....
ReplyDeleteනියවපු වෙලාවේ ඉදලම මට මාරයියාව අපායටම යවන්න හිතිලා තිබුණේ ...
යන්තම් ඔයා පණ බේර ගත්තේ මම අන්තිම කොමෙන්ටුව දක්වාම කියවපු නිසා කියලා දැනගත්තොත් හොදයි.... හික් හික් හික්......
මම මේෂ ලග්නේ.. ඒකේ ඇත්තමට කිසි හොදක් නැද්ද මාරයියේ...? .....
හෙහ් හෙහ්..මක්කා කොරන්නද පූරුවෙ කොල පවට කිව්වළු..
ReplyDeleteනගා කේන්ති ගන්නේ මක්කටැයි..කිව්වට මොකෝ මාත් ඒකම නෙව...
බඩ කපාගෙන මැරෙන්ට හිතෙනවා ඔං...
උපන් ලග්නේ වෙනස් කොරන්ට කියලයෑ..
හොඳනං නැත්තේ මොකද...ඒත් ඉතිං කේන්දරෙන් කේන්දරෙට වෙන් නෙව...
කතාව නම් ඇත්ත.... මම් ඉතින් මිථුන ලග්න කාරියෙක් නොවැ. අර අන්තිමට තියෙන එක නම් ටෙස්ට් කරන්න වෙලාවක් හම්බ වුනේ නෑ. පස්සේ කාලෙක ටෙස්ට් කරලා තමා බලන්න වෙන්නේ ඒක ඇත්තද බොරුද කියලා. මොනවා වුනත් මගේ කේන්දරේ බලලා දැන් මට හොදටම අපලයි කියලලු කියලා තියෙන්නේ... අනේ මන්දා ඉතින් ඕවා නම්...!
ReplyDeleteඅප්පච්චියේ සංජුවා තාම අතීතේ සැරි සරනවද..?
ReplyDeleteපට්ට බොරු නේ?මම වෘශ්චික
ReplyDelete