දැන් සති දෙක තුනක ඉඳන් ඇගේ අසනීප ගතියක් තියෙනවා කියලා දැන ගෙන උන්නත් මං ඒක මතු වෙන්න නොදී ඔහේ වැඩ කරගෙන ගියා... ලෙඩ වැඩි වෙන්නේ ඒ ගැන හිතන කොට හා ඒකට අවස්ථාවක් දුන්නම කියලා තමා මගේ අදහස.. ඒත් අන්තිමට මඩකලපුත් ගිහින් ඇවිත් රාජකාරියටත් වාර්ථා කලාට පස්සේ මට හවස් අතේ ඕෆ් වෙන්න ලැබුනා.. ඒ කියන්නේ පහුවදා දවල් වෙනකල් නිදාගන්න අවස්ථාවක්..
මාත් අතෑරියේ නැහැ කාලෙකින් අහු උන එකනේ කියලා ටිකක් දවල් වෙනකල් නිදා ගත්තා.. අප්පද බොල..කාලෙකින් දවල් 11 විතර වෙනකල් නින්ද ගියා..ඒත් නැගිට්ටේ අර පහුගිය ටිකේම යට කරගෙන හිටිය අසනීප ගතිය ඉහ මුදුනට ගහගෙනම තමා... ඔන්න වෙච්ච විපත..ඕනවට වඩා විවේකයත් හොඳ නැහැ නෙව.. කොහොම හරි දවස් එක හමාරක් තිස්සේ පැනඩෝල් පෙති දෙකයි පිරිටන් පෙත්තයි පැය හයකට වරක් එක දිගට ගහලා ඊයේ රාත්තිරිය වෙනකොට කොල්ලා ගොඩ ආවා. ඊයේ උදේනං උන්නා මලා විස්වාස නැතිව හිටියේ.. යන්තං කෙලින් කටින් හිටගත්තට පස්සේ තමා අර කයිය ලියලා දැම්මේ...
කොහොම උනත් ලෙඩක් හැදුනම හොඳට කන්න ඕන..හොඳට නාන්න ඕන.. නිදාගන්න ඕන.. අත්දුටුවයි සත්තයි..මගේ වෙදකං මටම හොඳයි... හරි අද කතාව ඒක නෙවෙයි මේක...
-----------------------------
අපේ ජුමා මතකනේ... ආයේ මතක් කරන්න මට බැහැ..මතක නැති හරි දන්නේ නැති හරි කෙනෙක් ඉන්නවනං ඔය දකුණු අත පැත්තේ තියෙන ලේබල් තීරුවෙන් "ජුංගේ කතා" කියන එක උඩ ක්ලික් කරලා හොය ගන්ට ඇහැකි.
හරි ඉතිං මේ කියන කාලේ අපේ ජුංටත් ගැහුවා උණක්...
ඌට කාලෙන් කාලෙට එක එක උණ හැදුනත් මේ උණනං මං හිතන්නේ තාමත් ඇති. ඒ තමා අත්ටැට්ටර්..එහෙමත් නැත්තං ලෑන්ඩ්මාස්ටර් උණ...
ඒ දවස්වල ජුංගේ ගෙවල් වටේ කීප පොලකම අත්ට්‍රැක්ටර් තිබුනා... අපේ පළාතේ ඉතිං කුඹුරු වැඩ එහෙමත් හොඳින් කෙරුනා නෙව ඒ සන්ධියේ..ඉතිං ඒ හින්දා ඔව්වට හොඳට වැඩ තියේ..කුඹුරු වපුරන කාලෙට ඕවාට මට වීල් හයි කොරලා නගුල් සෙට් එක හයි කොරලා කුඹුරු හාන්ට වගේම රොටරි වීල් එකෙන් හාපු කුඹුරුවල ලොකු මඩ කුට්ටි කඩා බිඳ දාලා සකස් කරන්නටත් ඕන...
එයින් පහු ආයේම කුඹුරු කපන කාලෙට ඇග්රිමෙක් මැෂිමත් ටේලරේට පටෝගෙන ගෙහුන් කමත්වල ඒක සැට් කොරලා ගොයං පාගන්න වගේම.. ඇග්රිමෙක් එකක් දුවවන්න තරං ජවයක් නැති මට්ටමේ සැහැල්ලු ඇංජිං තිබුන අත්ටැට්ටර්වලට ෆෑන් එකක් හයි කොරලා අර පාගපු බැත ගොඩවල් හුළං කරන්නත් එතනින් පහු ගෝනි කරපු වී ගෙවල්වලට අඳින්නත් ආදී වශයෙන් මේ අත්ටැට්ටර් වලට බොහෝම ඉල්ලුම.. ඒ කාලෙට අත්ටැට්ටරයක් එලෝනවා කියන්නේ නිකං දෙය්යෙක් වගේ තමා... මාර සැලකිලි...
"අනේ පුතේ අපේ කෑල්ල අනිද්දා දිහාවේ හාලා දෙන්න බැරිද..?"
"පුතේ රොටරි කරන්න තියේ හෙට උදැහනෙන් වරෙංකෝ බං..."
යන යන තැන ඔහොම ඉල්ලුම..ගොයං කපන කාලෙටත් එහෙමයි...
"කොලුවෝ මගේ කමත පැත්තට අල්ලහංකෝ ගොයං කොල දෙක තුනක්ම තියේ..."
"අනේ පුතේ වී ටික හුළං කොර ගන්න ඕන..අතිං කරකෝන එව්ව කරදරයි..වරෙංකෝ දෙයියා.."
ඔන්න ඔහොම තමා ඒ සංදියට අට්ටැට්ටර්වලට ඇති අගේ...
ඉතිං ජුංඅලටත් මේ අත්ටැට්ටර්වලට ඇති ආසාව මෙතැකැයි කියන්න බැහැ. ජුංඅල විතරක් නෙවෙයි ඉතිං අපිත් ඒ කාලේ ඔව්වා පස්සේ දිව්වා... හැබැයි කුඹුරු හාන කේස් එකටනං මං ඒ හැටි නැහැ.. මට එයිට හොඳට වෙල් උදැල්ලෙන් කුඹුර කොටන්ටත් නියරවල් මඩ තියන්ටත් ඇහැකි. ටැට්ටර් කෙරුවාව මට ඒ හැටි අල්ලන්නේ නැහැ.. ඒත් අපේ මලයනං කාලයක් තිස්සේම ටැට්ටරෙන් කුඹුරු හාන වැඩ වලට ගියා... මම අට්ටැට්ටර්වලට ටිකක් හරි හේත්තු වෙන්නේ ගොයං පාගන කාලෙට තමා... අත් දෙක පරිස්සං කොරගෙන ඇග්රිමෙක් එකට කොල දෙන එක ටිකක් පරවේසමට කොරන්න ඕන වැඩක්..පොඩ්ඩ ගැස්සුනොත් අතත් එක්ක තමා ගොයං මිටිය ඇතුලට ඇඳිලා යන්නේ එහෙම ගියොත් ඉතිං අතේ ගන්න දෙයක් නැහැ..ඇට තැලිලා නවතින්නේ...
ඉතිං කොහොම හරි අපේ ජුමාට ගේ ගාවම අට්ටැට්ටර් කිහිපයක්ම තිබුන හින්දා අපට වඩා ඉක්මනට අට්ටැට්ටර් එලෝන එක අල්ලගන්න පුළුවන් උනා... කොහොමටත් ඌට තාත්තාගෙන්ම පිහිටපු ඩැයිබර් හැකියාව තිබුන එකා වෙච්චි.
ජුං ඉතිං වැඩියෙන්ම එලෙව්වේ කිරි අයියගේ කුබෝටා එක තමා..ඒක මට මතක හැටියට කේ 800ක්.. ඒ වගේම සුගත් අයියගේ යන්මාර් එකත්..වංගුවේ මෝලේ කුබෝටා එකත් තිබුනා... පහු කාලෙක සුගත් අයියා යන්මාර් එක විකුණලා ගෙනාවා සීෆෑන් කියලා චීන අටමගලෙකුත්..හම්මේ එව්වයේ ඇක්සල් කැඩෙනවා හිටි කියලා.. පුදුම වද වින්දා අපි ඒ කාලේ...
හා හා දැන් මේ කොහේද කතාව යන්නේ..මෙහෙම ගියොත් මං ඔහෙලට අට්ටැට්ටර් වල ජාතක කතා කිය කිය ඉඳි..අපි යං කතාවට...
ඉතිං අපේ ජුං කොහොම හරි මේ අට්ටැට්ටර් එලවන්න පුරුදු පුහුණු වෙන ගමන් එකේ තියෙන ඇන්ජිං කෑලිවල නං එහෙමත් දෙක තුනක් පාඩං කොරං හිටියා... මේ පැත්තෙන් තෙල් දාලා ඇක්ස්ලේටරේ ගානකට තියලා අර කොම්ප්‍රෙෂර් බුරුල් කොරන නොබ් එක අල්ලලා අණ්ඩ දාලා කරකෝලා හුට හුටාං..හුට හුටාං..පොටොස් පොටොස් ගාලා ඕක ඉට්ටාට් කොරගන්නයි.. එයින් පස්සේ දෙපැත්තේ ක්ලච් මාරු කරගන්නේ නැතිව එළවන්නයි දැනං හිටියට ජුං අලට ඔය ඇන්ජිං ගැන දැනුමක් නැහැ කියන එක අපි හොඳටම දැනගෙන හිටියා උනත් මෑන් අපිට වඩා අට්ටැට්ටර් අත පත ගාන හින්දා ලේසියට ඔය ගැන වාද විවාද කරන්න අපි ගියේ නැහැ.
ඒත් ඉතිං අර මැක්කාගේ රචනාව වගේ ඒ දවස්වල කොතනින් කතාව පටන් ගත්තත් ජුමා ඒක ඉවර කරන්නේ අට්ටැට්ටර් ගාවින්... අපි මොකක් කිව්වත් මූ යන්නේම අට්ටැට්ටරේට..මේක අපිට වාතයක් වෙන තරමට එපා වෙලා හිටියේ.. ඒත් ඉතිං මක් කරන්නද..?
ඒත් ටික දවසක් යනකොට මට අහු උනා කොරමයක්... මාත් ඒ දවස්වල අට්ටැට්ටර් පිස්සුව නැතත් කාර්මික පිස්සුව ඉහට ගහලා හිටි කාලෙනේ.. එහෙං මෙහෙං වාහන දෙක තුනක ඇංජිං ගලෝන තැන්වල මජං නාගෙන කෑලි හෝද හෝද දුන්න කාලේ... ඒත් වැරදිලාවත් අට්ටැට්ටර් ඇන්ජිමක් ගලෝන තැනක හිටලා තිබුනේ නැහැ...ඒත් ඒක දන්නේ මමනේ.. ජුමා දන්නවයෑ... මං ඊට පස්සේ කරන්නේ..ජුංඅලයා කොහොම හරි කතාව මැද්දට අට්ටැට්ටරේ ගෙනාවට පස්සේ මං ඒ කතාව අරං යනවා අට්ටැට්ටර් ඇන්ජිම පැත්තට... ජුමත් ඉතිං හරි ආසාවෙන් ඒ ඔස්සේ යනවා...
දැන් කතාව මෙහෙමයි...
ජුංඅල :- මචං දැන් ඔය යන්මාර් ඇන්ජිමේ හෝස් පවර් ගානට වඩා කේ හත්සීයේ හෝස් පවර් ගාන වැඩියිනේ...
මම :- ඇත්තද බං..?
ජුං අල :- ඔව් බං.. ඒවයේ පිස්ටන් නියමයි බං... වෑලුත් එහෙමයි... එව්වා මාර වේගෙන් වැඩ බං...
මම :- ඒත් අර මෙන්න මෙහෙම තියෙන කොක්ක ඔව්වෑ එච්චර හරි මදි නේද?

ඔන්න ඔය පේන විදියට ඇගිල්ල නවලා මං අහනවා... ජුමා මගේ මූණ දිහාත්..අතේ කොක්ක දිහාත් අමුතු විදියට බලනවා.. ඌ දන්න කොක්කක් තියේයෑ.. (මං දන්නෙත් නැහැ එහෙම එකක්...:D)
මූ ටිකක් කල්පනා කරලා ආයෙම කතාවට එනවා...
" ආ ඔව් ඔව් එහෙම කේස් එකක් තියෙනවා තමා.. ඒත් පිස්ටන් ලොකු හින්දා අවුලක් නැහැ."
ඌ නිකං ඒ කොක්ක දන්නවා වගේ කියනවා...
මාත් අතාරිනවයෑ... ඌ පිස්ටන්වල එල්ලිලානං මං කොක්කේ එල්ලිලා...
"පිස්ටන් කොච්චර ලොකු උනත් වැඩක් නැහැ බං..අර කොක්ක මෙන්න මෙහෙම පොඩ්ඩක් ඇද වෙන්න එජස් කරලා හයි කලානං ඇන්ජිම හොඳට වැඩ..නැත්තං නැහැ..."

ආයමත් ඔන්න ඔහොම ඩිංගක් අත එහෙ මෙහෙ වෙනස් කරලා පෙන්නන ගමන් මම එහෙම කියනවා...
ජුමා මං දිහා බලනවා..කොක්ක ගැන කල්පනා කරනවා... ටිකක් වෙලා කල්පනා කරලා ඔළුව වනලා නිහඩ වෙනවා..වැරදිලාවත් ආයේ කියවන්න ගත්තොත් මං ආයේ කොක්ක වෙනස් කරලා පෙන්නවා.. එච්චරයි..ඔහොම දෙතුන් පාරක් ඌ ඇන්ජමට යද්දි මං කොක්කට ගියාම වැඩේ නිකංම ෂේප් වෙලා ජුමාම එනවා වෙන මාත්තුරුකාවකට... මම කොක්ක අකුලනවා... මෙහෙම දෙතුන් වතාවක්ම උනාට පස්සේ ජුං අල අට්ටැට්ටර් ගැන කියවන එක ටිකින් ටික අඩු කරලා දැම්මා..වැරදිලාවත් ඌ අට්ටැට්ටර් ගැන කියන්න ටැට්ටර් ටයන්න කියන්න හරි හැදුවොත් මං කරන්නේ ඇගිල්ල නවලා පෙන්නන එක විතරයි... වැඩේ ෆිනිස්...
(ඔය සිස්ටම් එකම ඔය හුඟාක් විද්වත් පොරවල් දමනය කරන්නත් වෙන වෙන ආකාරයෙන් යොදාගත හැකියි...අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි...)
කී බෝඩ් එක ඔයිට වඩා අංශක 22 හමාරක් ආනතව තියා ගත්තහම මීට වඩා ලස්සනට අකුරු ටයිප් කරන්න පුළුවන් මාරයා...
ReplyDeleteහුරෙ හුරේ...හුරේහ්හ්හ්හ්... අද මං එක..හවසට පාටියක් දානවා... :-D
Deleteවෙනී අයියගෙ ඉංග්‍රීසි ලෙඩේ දැන් සනීප වෙලාද?
Deleteමාරයා වෙනි අයියටත් කොක්ක පෙන්නයි කියලා බය හිතිලා වෙන්ටෑ ඉබේම ශිංහල ටැයිප් වෙලා තියෙන්නෙ :D:D
Deleteමේ මෙයාලා, මෙහෙම බැලුවොත් මම තුන්වෙනියා නේහ්?? :D:D
Deleteada nam 1 kiyala daanakota deka velane :(
ReplyDeleteoya ath tractor seen 1ta hodhama baande "seefan" thama oni barak ottui
හෆෝ .. කුඹුරු වැදනම් මතක් කොරන්න එපා... ඔය කාලේට මීගොදයට රටේ නැති පංති....
ReplyDeleteදැන් ඔය ඕන දේකට ඔය කොක්ක හරියනවැයි මාරය අය්යේ
කතාව කියෙව්වෙත් නැතුව ආවේ පලවෙනියට comment එක දාන්ඩ.බලමු හරි යයිද කියලා.
ReplyDeleteහපෝ මදැයි එකට comment කරා.log වෙලා එන ටිකට 5.අයියෝ salary.
Delete:P
ReplyDeleteකුබෝටා ආර් කේ අසූව කේ හැත්ත පහ වගෙ අනික් ඒව හරියන්නෙ නෑ..ආර් කේ අසූව ඔරිජිනල් ගියර් බොක්ස් එකත් එක්ක පට්ට...
ReplyDeleteවැඩට ගත හැකි බබා වගේ..බර දැම්මත් වේගෙ එකයි..චීණ බඩු වැඩක් නෑ..ඔය චීන ටැක්ටර් එකක් වත් අර කුබෝටා ඒව තරං නැගල ගියෙ නෑ..යංමාර් එක ටිකක් හොදට තිබුන ඒත් රොටරි කරන්න හාන්න වගේ යංමාර් මදි වගේ...
හප්පේ ඉස්සර අපේ එලෝලු පටෝල ටැට්ටරේ තල්ලු කොරන එක තමයි වැඩේ...වැස්ස කාලෙට...
පණ යනවා කොඳු කැඩෙනවා...තල්ලු කරලා..වලවල් වල වැටුනම...
ඉස්සර අපේ පැත්තෙ හැම එකටම යන්නෙ ටැක්ටරේ..වෙසක් බලන්නද...තොරං බලන්නද..සංගීත බලන්නද..පෙරහැරවල් බලන්නද..කානිවල් බලන්නද වයිවාරන හැම එකටම ටැට්ටරේ තමයි....
ඉස්සර අපේ ගමේ ඉඳල අපේ දිහාට අවුරුද්දට ටැක්ටරෙන් තමයි නැන්දල නෑගං එන්නෙ..අම්මේ ඒ ටැට්ටරේ ආපු මුල් කාලෙ ඒකත් මහ දෙයක්...අපේ බාප්ප කෙනක්ට සුට්ටක් වැඩි වෙලා එකපාරක් ටැට්ටරේ හරහට දාං ගියේ....මග දිගට මී හරක්ට පවා හූ කිය කිය ගියාලු..හොයි හොයි ගාල සිංදු කිය කිය...
කොහොම හරි මාරය ඊට පස්සෙ හැම එහෙකටම ඊට සරිලන කොක්කක් පෙන්නන්න පටං ගත්තලු.
ReplyDeleteහැබැයි රෝද හතරෙ ට්‍රැක්ටර් වලනං ඔය වගේ කොක්කක් තියෙනව අනිත් පැත්තට. ටේලරේ හයි කරන්න. :D
ටැට්ටරෙන් හාපුව නගුලෙන් හාන්න බෑ කියන්න හැබෑවක්ද බං. මං මේ අහන්නෙ උඹ ඕවගැන දන්න එකා හන්ද
ReplyDeleteඒකත් අර මැරිච්ච නයි හුඹස්වලට දාන්න බැහැ වගේ සීන් එකක් බං...:D
Deleteඔව් ඔව්.. ගොඩක් එවුන් කය්යට සෙට් වෙන්නේ බාගෙට දැනගෙන.. මමත් ඔහොම කොරල තියේ... මමත් නොදන්නා ඌත් නොදන්නා හරුපයක් අනිත් උනුත් කට බලියන් ඉද්දි කියලා දානවා. බොලේ... ටිකකින් මම තමයි පොර. ඇයි ඉතින් අර කියවන එකාට කට උත්තර නෑ නේ...
ReplyDeleteතාමත් අත් ටැට්ටරෙන් වෙන්න ඇති හානවා ඇත්තේ...
ReplyDeleteමාරයා විහිලුවට කොක්කක් ගැන කීව්වට පුදුමෙ කියන්නෙ, ඔය අට්ටැට්ටර් ඇන්ජිමේ ඇත්තටම ඔහොම කොක්කක් තියනවා. බොරු කියලා හිතෙනවා නම් ඇන්ජිමක් හොයාගන ගලෝලා බැලුවෑකි.
ReplyDeleteකොක්ක පෙන්නපු විදිහ තමා කැත.
මං නං හිතන්නෙම මාරයා කොක්කක පැටලිලා වාගේ..... :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අපි නොදන්න අට්ටැට්ටර්. හෙහ් .... හෙහ් ....
ReplyDeleteට්රැක්ටර්වල පිටිපස්සේ ,වලවල් තියෙන පාරක ගියාම ට්‍රැක්ටර් හදපු උන්ගේ මවුපියෝ මතක් වෙනවා
ReplyDeleteමමත් අත්දැකල තියෙනව ඔය වගේ සීන් එකක්. ඔයා මේ කතාව කිව්වහමයි මතක් වුනේ ඒ කතාව මම ලියන්නම් මගෙ බ්ලොග් එකේ.
ReplyDeleteමටනං හිතෙන්නේ ඔය දෙවැනියට දාපු කොක්ක හරි කියලා
ReplyDeleteලෙඩින් ඉඳගෙන මාර කොකුනේ දාගන්නේ.හයියූ සල්ලි....
ReplyDeleteමං නම් කියන්නේ පිස්ටන් එක ලොකු කරා නම් හරි කොක්කේ හැඩේ මොකෑ වුනත් වැඩේ හරි :D
ReplyDeleteකොක්ක තමය් මාරයෝ කොක්ක , මාත් මතක තියාගත්තා ඔන්න ටෙක්නික් ඒක :ඩ
ReplyDeleteපැය 6 න් හයට පිරිටන් බිවුවා??? අම්මෝ !!!
ReplyDeleteඈ මාරයා මල්ලි...තාම පිරිටන් මතේද අපිට කොක්ක පෙන්නන්නේ ???
ReplyDeleteමොකෑ බොල මේ කොක්ක පෙන්නන්ඩ තියා ගත්තේ. හික්ස් :)
ReplyDeleteපෝස්ටුවට අදාල නැති දෙයක් අහන්නද ?
ReplyDeleteලැන්ඩ්මාස්ටර් ස්ටාර්ට් කරපු එවුන් ඉන්නවද ? මම නම් කරලම නැහැ. ආසයි කරකෝල බලන්ට..
අඳාල නැති වෙන්නේ උඹ ප්ලේන් එකක් කෝච්චියක් ගැන ඇහුවනං තමා...
Deleteඒක ඒ හැටි අමාරු නැහැ බං... අර කරකවන්න එන හැන්ඩ්ල් එක නියමිත විදියට දාලා..ඊට පස්සේ එන්ජිමේ කොම්ප්‍රෙෂර් රිලීස් කරන්න පොඩි නොබ් එකක් තියේ.. අන්න ඒක ඇල්ලුවම වැඩිය තද නැතිව අරක කරකවන්න පුළුවන්..එහෙම කරකවගෙන ගිහිල්ලා නියමිත වේගයට ආවා කියලා දැනුන ගමන් නොබ් එක අතාරිනවාත් එක්කම හැන්ඩ්ල් එක අහකට ගන්නවා... එච්චරයි..හැබැයි හුගක් එවුන් ඔය හැන්ඩ්ල් එක වෙලාවට ගන්නේ නැතිව ටිකක් අවුල් කරගන්න වෙලාවල් තියේ..ඒත් එහෙමත් වෙලාවක තමා..මොකද ඒක හදලා තියෙන විදියට කොහොමත් ගැලවෙන විදියටයි තියෙන්නේ.. ඒත් ඕක ගැන කියලා ටැට්ටර් අයිතිකාරයෝ අනිත් උන්ව ඕනවටත් වඩා බය කරන්නේ ඒක හෙන වීර වික්‍රමාන්විත ක්‍රියාවක් ගානට දාලා...
ඒ උනාට මාරයෝ ඒක එච්චර ලේසිත් නැ.මමත් අල කරගන තියනවා
Deleteඅපේ ගෙදරත් තිබුණා K700ක්. ඕකේ රේඩියෙටරේ හැමදාම ලීක්. ඉතින් ඕක විකුණන දවස්වල අපි පත්තරේ ඇඩ් එක දාන්න ලෑස්ති උනේ ටැට්ටරයක් සමග මුට්ටියක් නොමිලේ කියලා.
ReplyDeleteඑක සැරේටම මතක් උනේ..ක්‍රිකට් වල අම්පයාර් කෙනෙක් ඉන්නෙ..ඔය වගේ..ඇගිල්ල නමාගෙන..! නම මතක් වෙන්නැහැ..මාරයා...
ReplyDeleteවී පොකුර.. ඔයා කියන්නේ 'බිලී බවුඩ්න්' ගැන මම හිතන්නෙ...
Delete$Marumoos$
කොක්ක එළ වැඩේ....
ReplyDeleteපුදුමයි කොක්ක පෙන්නන්න ගිහින් කොක්කක් දා ගත්තේ නෑ..
ReplyDeleteඔය ජූංඅලයා උඹට දැන් හම්බවෙන් නැද්ද
ReplyDeleteමාරයා, මේ කතාව අස්සේ ඔබ කියල තියන අනිත් කතාවට කාගේවත් හිත ගිහින් නැතුව වගේ. උදැල්ලෙන්, මී හරක් ගෙන් ට්රැක්ටර හා කොළ මඩින යන්ත්‍ර වලට මාරු වීමේ කතා වත් ඔබ අපූරුවට කියල තියනවා. නියරට මඩ තියනවා කිව්වහම දැන් කී දෙනෙක් තේරුම් ගන්නවද මන්දා?
ReplyDelete