සිය ප්‍රථම දීගය අත හැරුණු ඇය ඒ වන විට සිය ඥාතිවරියකගේ නිවසේ රැඳී සිටිමින් රැකියාව පිණිස තරමක් දුරින් පිහිටි ගෝනි කර්මාන්තශාලාවකට ආවා ගියාය...
පවුලේ වගකීම් සෑහෙන දුරකට අවසන් කර සිටි ඔහු ඒ කාලය වන විට සිය රැකියාව වූ ගමණාගමන මණ්ඩලයේ රැකියාව කරමින් බෝඩිමක ජීවත් වූවේය...
ඇය සැමදාම රැකියාවට ගියේ එකම බස් රථයකය... එහිම ඔහුත් ගමන් ගත්තේය...
ඒ වන විට වයස අවුරුදු 40ත් ඉක්ම ගොස් සිටි ඔහුත්... ඔහුට වඩා වසර 18ක් පමණ ලාබාල වූ ඇයත් අතර සම්බන්ධය කෙසේ ඇති වූයේදැයි නිච්චියටම කිව නොහැකි වූවත් වයස් පරතරය තුට්ටුවකටවත් ගණන් නොගත් මල්සරා හිතුවක්කාර හීයක් මොවුන් දෙපලට විඳ තිබුණි...
අවසන වසරක් පමණ කාලයක් තුලදී ඇයගේ නිවසටත් ගොස් වැඩිහිටියන්ගේ කැමැත්ත ලබාගත් ඔහු ඇයව විවහා කර ගන්නා ලදි...විවාහයෙන් පසුව රැකියාවේ මාරුවක් සාදා ගත් ඔහු සිය බිරියත් සමඟින් කඳුකර පළාතක කුලියට ගත් නිවසක පදිංචියට යන ලදි...
විවහා වී වසර එකා හමාරක් පමණ ගත වද්දී පළමු දරුවා ලෙසින් පිරිමි දරුවකු උපන් අතර එයින් පසුව දෙවැනි දරුවා උපදින්නට ආසන්න වන විට එවකට පැවති දේශපාලන කුණාටුව හේතු කරගෙන ඔහුගේ රැකියාවේ ප්‍රශ්න ඇති වෙමින් තිබුණි... අවසන දෙවැනි දරුවා ලැබෙද්දීම රැකියා අහිමි කරන ලද්දවුන්ගේ ගොඩට අකමැත්තෙන් වූවද වැටෙන්නට ඔහුට සිදුව තිබිණි... පණහා දශකයේ පෞද්ගලික බස් සමාගමක සුළු සේවකයකු ලෙසින් සේවයට බැඳී පසුව එහිම කොන්දොස්තරවරයකුව..අනතුරුව බස් ජනසතුවෙන් පසු ලංගමයෙහි කොන්දොස්තර තනතුරක් දරමින් සිට..කාලයත් සමඟින් උසස්වීම් ලැබ අවසානය වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඩිපෝ තුනකම වැඩ බලමින් සිට අසූව දශකයේ මුල් භාගයේදී කිසිවක්ම නැති අයකු මෙන් රස්සාවෙන් දොට්ට වැටුන ඔහුට කරන්නට හැකිව තිබුනේ නැවත තම ගමට ඒම පමණි...
ගත හැකිව තිබූ එකම තීරණය ගත් ඔහු සිය දරුවාත්..ගැබ්බර බිරිඳත් කැටුව ගමට පැමිණියේය... ඔහුගේ අරමුණ වූයේ ගමේ තමාට හිමි ඉඩම් පංගුවේ නිවසක් සාදා ගැනීමය... ඒ සඳහා යම් මුදලක් ඔහු සතුව තිබිණි... එසේම සුළුවෙන් හෝ මැණික් කර්මාන්තයට අත ගැසීමටද හිතේ කොනක බලාපොරොත්තුවක් තිබුණි..එයට හේතු වූයේ දිගු කලක් තිස්සේ රත්නපුර නගරයේ ජීවත් වීම හරහා මාණික් කර්මාන්තය ගැන ලබා තිබූ දැනීම හා සම්බන්ධතායි... එසේ සැලසුම් සහිතව ගමට පැමිණි ඔහුට හා පවුලට සිදු වූයේ කුමක්ද...? සාමකාමී අනාගතයක් අරමුණු කරගෙන ආවා වූ ඒ ගමන තවත් යුද්ධයක ආරම්භය විය...
1
ReplyDelete:)
අදනං ගොඩ...
Deleteඕඕ, කාලෙකට පස්සෙ. :D
Deleteඅක්ක දානකං බලන් හිටිය ද?
Deleteසෑහෙන කාලෙකින්. :D තරගෙ වැඩියිනෙ මෙතන. මම එනකොට ඊලඟ පෝස්ට් එකත් දාලා, ඒකෙත් කමෙන්ට්ස් බර ගානක් වැටිලා හුඟක් වෙලාවට.
Deleteෂිහ්, හැමදාම මුල්ම කොමෙන්ටුව ලිපියට අදාල නැති එකක්. ගොසිප්9 එකේ අයනම් ඔය භූමි දෝශය වළක්වන්න කරන්නෙ ඇඩ්මින්ම කොමෙන්ට් එකක් දාන එක.
Delete@ ජයරත්නනයනි,
Deleteසෙල්ලම් කරන දුව පැන ඇවිදින පුංචිකාලයක් අපට තිබුණට.... තනතුරුවලින්- වෘත්තීය මට්ටමින් ඉහළ තලයේ ඉන්න බොහෝ දෙනෙකුටත් වත්මනනෙහි හැමෝටමත් ඒ ළමා අවධිය අහිමියි.
අපි ඉස්සර සුනිල්ලා කල්යාණිලා ගුණසිරිලා මල්කාන්තිලා එක්ක වෙල් ඉපනැල්ලෙ බඩවැටියෙ පොදු පිටියෙ සෙල්ලම් කළා. ඔහොම සෙල්ලම් කරන සමහර දාට අම්ම කෑ ගහනවා,
"පුතේ......මයියොක්කා තැමිබිලා තියෙන්නෙ ඔය ළමයිනුත් එක්ක ඇවිල්ල කාපල්ලකො.....සෙල්ලමමයි හැම වෙලේම...."
ඔන්න එතකොට කාට හරි හදිස්සියෙ අදහසක් පහළවෙනව ඔට්ටුවක් තිබ්බොත් හොදයි කියලා.
" හා කවුද බලමු ඉස්සෙල්ලාම ගෙදෙට්ට දුවන්නෙ...........?"
එහෙම කියපු ගමන්ම දෙමලිච්චො රංචුවක් වගේ කෑ කෝ ගහගෙන ගස් ගල් උඩින් පැනගෙන ගෙදෙට්ට දුවනවා හැමෝම.....
ඉස්සෙල්ලාම ගෙදෙට්ට ගිය එකා බිත්තිය අල්ලගෙන මෙහෙම කියනවා...
".....මං එ...ක අ අ අ ......"
ඔන්න ඔය ඇරියස් එක තමයි මේ "ළමයි"නුත් කවර් කරන්නෙ
කොහේ ජීව්ත් වුනත් ගමේ දරුවොනෙ....ඉතින්.
මම මේ කතාවට පැටලෙන්න කැමති නැහැ..ඒත් දැන් මේ ටික නොකියාම බැරි තැනට ඇවිත් තියෙන නිසා මෙහෙම කියන්න වෙනවා...
Deleteනලිනි කියන්නේ පෞද්ගලිකව මගේ සමීප මිතුරියක්... ඒ මිතුරුකම නිසා ඇය විහිළුවක් ලෙස ගන්නා මේ "මං එක" කමෙන්ට් එක බොහොම දෙනෙකුට හිත රිදවන්නක් වී ඇති වගක් පෙනෙන්නට තියෙනවා. ඒ ඇයිද කියලා කියන්න මට හරි හැටි වැටහීමක් නැහැ. මමත් දැන් බ්ලොග් කියවන්න පටන් අරං අවුරුදු තුනකට වැඩියි.. ඒ කාලය ඇතුලත "මං එක" යනුවෙන් බ්ලොග්වල කමෙන්ට් දැක්කේ අද ඊයේ නෙවෙයි. හුගක් අය තම තමුන් කැමති බ්ලොග්වල ඔය ආකාරයට කමෙන්ට් කරනවා මම දැක තිබෙනවා.. හැබැයි ඒ කිසිම තැනකදී මේ වගේ කාටවත් රිදුනේ නැහැ. කවුරුවත් ඒ ගැන කතා කලෙත් නැහැ. විහිළු තහළු අඳුරන උදවිය ඒ දේවල් හිනාවෙලා බාර ගත්තා මිස බ්ලොග්වල තියෙන ලොකුම ප්රශ්නය "මං එක" හැටියට ගත්තේ නැහැ.. එහෙමනං ඇයි මෙතනදී ඒක වෙනස් වෙන්නේ...
නලිනි වෘත්තීයෙන් වෛද්‍යවරියක් වීම නිසා ඇතැම් විට සමහරුන්ට හිතෙනවා වෙන්න පුළුවන් ඇය වැනි වෘත්තියක සිටිනා අයෙක් හුගක් හිතට අරගෙන හර බර වදන් කමෙන්ට් හැටියට ලිය ලිය යන්න ඕන කියලා.. එහෙමත් නැතිනම් සමහරක්ට තියෙන ලොකු අවුලක් උන සික්කාගේ අඩවියේ ඇය කමෙන්ට් කිරීම අවුලක් වෙන්නත් හැකියි. එහෙමත් නැතිනම් බ්ලොග් යනු මාර ප්රබුද්ධ මාධ්‍යයක්ය..එහි විහිළු කිරීම නොමනාය යනුවෙන් සිතා බ්ලොග්වල අමුතු ගාම්භීරත්වයක් පවත්වාගෙන යෑමට අදහස් කරන්නවුන් විය හැකියි...
ඒත් මහත්වරුනි...
මට එහෙම සිතිවිලි නැත.. ඇය ඇගේ හිතවත් කමට දමනු ලබන වචන කිහිපය සුහඳව පිළිගන්නවා විනා "අනේ මගේ බ්ලොග් එක හෙන පුබුද්ධ බ්ලොග් එකකි..ඔව්වානං දාන්න එපා" යැයි කියනා තත්වයක මා නැත. අනිත් අතින් ඇය එසේ විහිළු කරනා විට එය මහා ගැටළුවක් බවට පත් කරගෙන ඇගේ මානසික තත්වය ගැන ගැඹුරින් විග්රහ කරන්නට උත්සහ කරමින් ඔබලා කරන දේ ඇති වටිනාකම කුමක්ද..? ඇයි පෝස්ටුවට අදාලව කතා නොකරනවා නම් ඔබලා කරන්නේද එයයි... ඇයගේ කමෙන්ටුව වගේම ඔබලාගේ කමෙන්ටුවලද එසේ බලනා කල ගත යුත්තක් නැත...දෙකම මාතෘකාවෙන් පිටතය... මට ඒ දෙකෙන්ම කමක් නැත..එහෙත් ඇයගේ කමෙන්ටුවෙන් කාටවත් හානියක් කරන්නට උත්සහ දරා නැති අතර.. ඇගේ කමෙන්ටුවෙන් කුමන හෝ හේතුවක් නිසා සිත් තැවුලක් ඇති කරගත් ඔබලා උත්සහ දරන්නේ කුමකටද..?
මම නම් නෑ ඔව්වට. මමත් තකහනියෙ දුවගෙන ආවෙ ‘අද මං 1‘ කමෙන්ට් එක දාන්න. ආයෙ මොකටද බොරු කියන්නෙ. ඉතිං අක්ක ඉස්සරවෙල. නැත්නම් ප්‍රසන්න අයියා. මාරය ඩිලීට් කරොත් ඇරෙන්න මම මේ බ්ලොග් එකේ ඉස්සර වෙලා ආවොත් දාන ‘මං 1‘ කමෙන්ට් එක දැමිල්ල මම නම් නවත්වන්නෙ නෑ ඕං.
Deleteපොච්චියේ.... මං හීනෙකින්වත් නොහිතපු පැත්තකටයි මේක කැරකිලා ගියේ.
Deleteකරුණාකරලා කාගේ හරි හිතරිදීමක් වුනානම් සමාවෙන්න.....
මමත් කළේ විහිළුවක්.
ආන්න ඒමනං අවුලක් නැහැ.:D
Deleteඅම්මෝ එකක් ගිය දුරක්. :D
Deleteමං දැකලා තියේ ඔය එකේ කතාව හුගක් තැන්වල විවේචනයට ලක්වෙනවා..ඔය සුමිත් කරනවා වගේ නෙමේ, බොහොම පටු විදියට
Deleteඉරිසියාව කොල්ලෝ... ඉරිසියාව...!!!!
නිකං ඉරිසියාව නෙමේ පැහැදිලි ඉරිසියාව..!!!
ජීවිතේ උඩුයටිකුරු වුණු කාලයක්. මේක හදිසියකින් ලියලා කෙටියෙන්ම ඉවර කරල දාලා
ReplyDelete2 :P
ReplyDeleteආ නෑ මම ඊට පොඩ්ඩක් පරක්කුයි
Deleteඅහලා පුරුදු ගතියක් තියනවා... තව කියමු බලන්න.
ReplyDeleteමොකද ටිකක් හදිසියෙන් වගේ ලියල. නිවීහැනහිල්ලෙ ටිකක් පඳුර වටේ තලල, වනල ලිව්වනම් නේද හොඳ.
ReplyDeleteහෆ්ෆෙ මේක මේ පරන පෝස්ට් එකක අනිත් එක නේද? හ්ම්. කතාව කෙටියි.ඉතුරු ටිකත් දාන්නකො එහෙනම්.
ReplyDeletealuth arambayak neda?
ReplyDeleteකතාව පටන් ගද්දිම නවත්තලානේ :(
ReplyDeleteකමින් කෑල්ලක්...
ReplyDeleteඇත්ත කතාවක් ද?
ReplyDeleteමාරෝත්පත්ති වර්ණනා නේද ? :)
Deleteමේක හරියන වැඩක් නෙමේ බන්... මටනං මෙලෝ දෙයක් මතක නෑ...
ReplyDeleteඔන්න කලින් කතාවල ලින්ක් ටික පහතින් දැම්මා...
Deleteහ්ම්ම්.. පොඩි කතාවක්! :)
ReplyDeleteකලින් කතාවේ ටිකක් වගේ මතකයි.. ආයෙම හෙමීට කියවන්න ඕන..
ReplyDeleteයකෝ මූ අග ටික මුලිං කියල මුල ටික කියන්නෙ අන්තිමටනෙ.
ReplyDeleteමතක් උනා දිග කතාවක කොටසක් කියලා..පහු වෙලා හරි ලින්ක් ටික දාපු නිසා ආයිමත් කතාවෙ අමතක ටික බලා ගත්තා...
ReplyDeleteමට නම් පලවෙනි ඡේද දෙක හොඳටම සෑහුනා මොකක්ද කියන්නෙ කියලා හිතා ගන්න. කතාව කෙටි කරල ලින්ක් දාලා තිබ්බ නිසා දෙන්නම් බැටේ කියලා හිතාන පල්ලෙහට බලද්දි තමා කොමෙට් එක දැක්කෙ උඹේ.
ReplyDeleteබස් කතාවල සිටි චරිත හෙවත් මාරපියා ගැන ලිපි ආයිත් ලියන්නද කල්පනාව. හොදයි ලින්ක් වලට නම් ගියේ නැහැ තාම.
ReplyDeleteහුඟ දවසකින් මේ පැත්තට ගොඩ උනේ . ලියන රටාවෙ වෙනසක් දැක්ක .
ReplyDeleteකෝ ඉතිරිවා?
ReplyDeleteලින්ක් ටික දැම්ම එක හොදයි මට බලන්ඩ බැරිවෙච්චා ,ස්තුතියි
ReplyDeleteබලමුකෝ ඔක්කොම දාපුවාම
ReplyDeleteමටත් මුල්ම පේලිය ඇති උනා පරණ ටික මතක් කර ගන්න.
ReplyDeleteඅර දෙමළ අකුරෙ මහත්තැන් කිව්වත් වගේ සමුල දාන්නේ අන්තිමටද දැන්?????
බබා හම්බවෙන කලින් බබා හම්බ වෙලා එහෙනං. බස් ටිකට් ලියන එකයි, මැණික් ගරන කූඩය හොලවන එකයි දෙකම එකයි. මොකද අර බස් කොන්දොස්තර කෙනෙක්ට ලියුමක් ලියන්න ඕන වෙලා පුතාට කිව්වළු මේසේ හොල්ලන්න කියලා.
ReplyDeleteඔය කියන පුද්ගලයාගේ වැඩිමල් කොලුවා කසාද බදින්න හිතන් ඉන්නෙත් 40 දී විතරද.......? අදමනම් මාරයෝ පලවෙනි පේලි දෙකෙන්ම කතාව කොහාටද කියලා තේරුනා... තැනින් තැන ලියවුනු කතා පේලියක් එක නූලකට අමුනපු එක නම් අපූරුයි.......
ReplyDeleteඉතිං ඊටත්!! ඊටත්!!! ඊටත්!!!!! පස්ස..........
ReplyDeleteලින්ක් ඔස්සේ මෙතෙක් කතාව සම්පූර්ණයෙන්ම කියෙව්වා...
ReplyDeleteසුළු සුළු වෙනස්කම් තිබුණත් අපේ කතාවත් ඕකම තමා.
"80 වර්ජිතයන්ගෙ ජීවිත අරබයා ජයතිලක කම්මැල්ලවීර ලියපු නවකතාවකුත් තියෙනවා.(මට මතක හැටියට "ගොදුරු" හෝ "පුරාහඳ" විය යුතුයි-නම මතක නෑ රස තමයි මතක)
කියවපුවයි නැතිඑව්වායි මේකට පස්සේ එව්වායි එක්කොම කියෙව්වට පස්සේ කම්පනාවට ආවේ. උඹ හතර වටේට පටලවලද මන්දා
ReplyDelete