හොඳයි කාලෙකින් මාර සරණියට ලිපියක් දැම්මෙත් නැති හින්දා මං තීරණය කලා කාලේ හැටියට බොහෝම දෙනෙකුට පරයෝජනවත් දෙයක් කියා දෙන්ට.. අනිත් කාරනේ තමා මට මේ පුරුෂ පාර්ෂවයෙන් හෙන චෝදනාවක් තිබුනා හැමදාම ගෑණු ළමයින්ට උයන හැටි කියා දෙනවා මිසක් එයාලට හරියන දෙයක් කියා නොදෙනවයි කියලා.. ඉතිං මෙන්න මං ඒකට උත්තරයක් දෙන්ට යන්නේ.. ඒ වගේමයි දැන් මේ රාවණා හිට් වෙලා අපේ කොල්ලෝ ටික හෙළු ප්රබෝධය කරට අරං ඉන්න වෙලාව.. ඉතිං එහෙම කාලෙක අපි අපේ ඉපැරණී දේසීය හෙළ කරම වේද ආදියට මුල් තැන දෙන්ට ඕන.. නැද්ද මං අහන්නේ...?
ආන්න ඒ කොයිකත් හිතලා මතලා තමා මං මේක දාන්ට හිතුවේ...
අපිට මේකට මූලික වශයෙන් උවමනා කරනවා මෙන්න මේ දේවල් ටික...
ලිපක්..දර ලිපක් උනත් ගෑස් ලිපක් උනත් කමක් නැහැ...
ලොකු හැළියක්
අර කලින් කිව්ව හැළිය උඩින් කට වැහෙන්න තියන්න ඇහැකි ආකාරයේ ලොකු මැටි කලයක්.
පාන් පිටි කිලෝ බාගයක්
පුනීලයක්
බූලියක් හෝ එයට සමාන භාජනයක්
අඹ ලෑලි කෑල්ලක් (අගල් එක හමාරක් ගණකම් දිග අඩි එකහමාරක් විතර පළල අගල් 4ක් තිබුනම ඇති) මේක තමා වැදගත්ම දේ...
පිත්තල බට කෑල්ලක් (අගල් බාගේ බටයකින් අගල්6ක් දිග කෑල්ලක් තිබුනනං ඇති)
හුඹස් මැටි ටිකක්
ඊ ළඟ පියවර.. මෙන්න මේක බොහෝම සීරු මාරුවට කර ගන්න ඕන දෙයක්...
අපි අර හදා ගත්ත අඹ හැන්ද ලොකු හැළියට සවි කිරීම... පරිස්සමට හැළියේ පැත්තකින් සිදුරක් විඳලා අර හැන්දේ තඹ බටේ එතැනින් එළීයට එන ආකාරයට සකස් කරලා හුඹස් මැටි ටික හොදට පොඩි කරලා අනලා බටේ සවි කල ගැන හොඳින් සීල් කරගන්න ඕන.. හුඹස් මැටි වලින් ඕක හුරු කෙනාට කල හැකි උනත් බැරි අයට අමාරුයි..එයාලට පුළුවන් ඕක සිමෙන්ති වලිනුත් කරගන්න...නමුත් දේශීය දේට තැන දෙන්න නිතරම අපි වග බලා ගන්න ඕන...හරිනේ..
හරි දැන් අපේ උපකරණය සූදානම්...අපිට තියෙන්නේ ඔය පහත තියෙන ආකාරයට උපකරණය සකස් කර ගෑනිම.. ඒ කියන්නේ ළිප උඩින් හැළිය තියලා..හැළියට උඩින් කලය තියලා ගත්තම හරි... එයිට පස්සේ අර බූලියේ කටට පුනීලය තියලා ඒක අර පිත්තල බටේ යටින් තියා ගත්තතම උපකරණය සකස් වී අවසන්...
හරි දැන් මේකේ තව කොටස් වගයක් පේනවානේ.. යට හැළියේ කහ පැහැති දියරයක් තියෙනවා.. උඩ නිල් පැහැයෙන් තව දියරයක් තියෙනවා... බූලියෙත් මොනවද මංදා දියරයක් තියෙනවා පේනවා...
ඔය උඩ නිල් පාටින් තියෙන්නේ සීතල වතුර.. ඒ කියන්නේ ඇල් වතුර...එතකොට යට තියෙන කහ පාට වතුර එක අපි සකස් කර ගන්න ඕන.. ඒක අපි පසුවට බලමු... එතකොටමේක ක්‍රියා කරන්නේ මෙහෙමයි... අපි ඔය හැළියට යටින් ගින්දර දැම්මම හැළියේ තියෙන දියරය රත් වෙලා එහි වාෂ්පය ඉහල නගින්න ගන්නවා...ඒ වාෂ්පය ගිහින් වදින්නේ කලයේ පතුලේ.. කලේ තියෙන වතුර සීතල නිසා කලයේ පතුලත් සීතලයි.. අන්න එතකොට අර වාෂ්පය කලයේ පතුලේ ගැටිලා ඝණීඵවනයද මොකක්ද කියන එක වෙලා නැවතත් කුඩා වතුර බින්දු හැදෙනවා.. ඒ හැදිලා කලය පතුලේ ඇති වක්‍ර හැඩය නිසා පහතට ගලා ඇවිත් එකතු වෙලා ජල බින්දු හැටියට අර අඹ හැන්දට වැටිලා එකේ සිදුර දිගේ ඇවිත් අර බූලියට එකතු වෙනවා... පැහැදිලියි නේද..?
හරි දැන් අර කහ පැහැති දියරය හැටියට අපිට මොනවද යොදන්න පුළුවන්.. ඔව් අපිට පුළුවන් ඒකට යොදා ගන්න ශාඛ සාර... ඒ කියන්නේ ඔය ඉරමුසු.. පොල් පලා වගේ දේවල් වතුරේ දවසක් දෙකක් පැහෙන්න තියලා ඒ වතුර යොදා ගෙන මේක කරන්න පුළුවන්.. එතකොට අපිට ඉතාමත් පිරිසිදු ඉරමුසු හෝ පොල් පලා ස්ප්‍රිතුවක් සාදා ගතෑකි.. බොහෝම නැවුම් පිරිසිදු පානයක්.. බලන්න කොයි තරං හොඳද ඇඟවල් වලට... අපි අද ජාතියක් හැටියට දුර්වල සෞඛ්‍ය තත්වයක් ඇතිව ඉන්නේ මේ පර සුද්දා දෙන රසායනික එකතු කරපු දහ ජරාවල් බීලනේ.. ඔය කෝඩියල්ය අරකය මේකය කියලා අපි කෙලින්නේම වහනේ හා නැද්ද..?
ඉතිං එහෙම දහ ජරාව නොබී.. මෙන්න මෙහෙම දේශීය අවුසදීය පානයක් හදාගෙන බිව්වම ඇගට වගේම ආර්ථිකේටත් හොඳ නැද්ද මං අහන්නේ.. මෙව්වා හරිනං රජයේ අනුග්‍රහයෙන් ව්‍යාප්ත කල යුතු දේවල්.. ඒත් එයාලා එහෙම කරන්නේ නැහැ.. ඒත් හිතවතුනි හැමදාමත් ඔබලාගේ "මාරයා" වන මං තුමා මෙවා ඔබලාට කියා දෙන්න කැමතියි.. අපි එහෙමයි... සමාජ සේවයටමයි හිත...
ඉතිං ඔයාලටත් දැන් පුළුවන් මේ විදියට මේ උපකරණය සකස් කරගෙන.. නිවසේදීම සුමිහිරි පානයක් සකස් කරගෙන බීලා බලන්න... ඕනනං කැමති කෙනෙකුට ස්වයං රැකියාවක් හැටියට උනත් කරන්න පුළුවන් දෙයක් මේක.. ඇත්තම කිව්වොත් අපේ ගමේ මේක හොඳ ස්වයං රැකියාවක්..ගමේ ඉස්මත්තේ එක හරියක මේක ඉතාමත් හොඳින් කෙරුන ස්වයං රැකියාවක්... බලන්න ජාතික ආර්ථීකේට නේද ඒකෙත් වාසිය.. දේසීය දේ අගය කරන ගමන් අපි රට ගොඩ ගන්න මෙහෙම වැඩ පිළීවෙලවල් වලට යන්න ඕන නැද්ද මං අහන්නේ...
මෙව්වා මෙහෙම කියා දෙනවට හරිනං ඔහේලා මට සම්මාන දෙන්ට ඕන..එහෙනං...
---------------------
නිකංම යන එක හරි නැහැනේ.. මෙන්න ලෙහෙසි පහසු පැනයක්...එකක් නෙවෙයි දෙකක්ම...මෙයට පිළිතුරු දී හුරු බුහුටි අසෝක වීදුරු දෙකක් දිනා ගන්න ඔබටත් අවස්ථාව..
1.මෙහි අවශ්‍ය ද්‍රව්‍ය ලයිස්තුවෙන් එක් දෙයක් භාවිතා කරනා අන්දම සටහන් කොට නොමැත.. ඒ කුමක්ද..?
2.එම ද්‍රව්‍යය භාවිතා කරනවා ඇත්තේ කුමකට කියා ඔබ සිතනවාද..?
---------------------------------------
පසු සටහන...
එක *රියෙක් හරි (නරියෙක්) ඔය අවුසදීය දේවල් වෙනුවට සීනි වතුරට ඊස් කලවං කොරලා තියෙන්න ඇරලා ඒ වතුර එහෙම අර හැළියට දාලා ඉස්පිරිට් එහෙම හදනවා නෙවෙයි ඔන්න... තොපි එහෙවු විස්සාසයක් තියන්න බැරි උන්...
පසු සටහනටත් පසු සටහන...
එපා කියද්දීම හොරෙන් බැළුව කාන්තාවෝ ටිකටයි මේ ඔත්තුව.. ඔබට ඔබේ සුවාමි පුත්තරයාගෙන්..පෙම්වතාගෙන් වැඩි ආදරයක් හිමි කර ගැනීමට මෙම උපකරණය හා පානය උදව් කර ගැනීමට හැකිය... උත්සහ කොට බලන්න...



1 ද කොහෙද?
ReplyDeleteඑතකොට පාංපිටි කිලෝ බාගෙ රොටී පුච්චන්නද බං.
Deleteදැන් තේරෙනව මාරය කොහොමද මෙච්චරකල් යක්කල පැත්තෙ නොගිහිං හිටියෙ කියල.
යකෝ මේ ඉස්පිරීතු නිකං බොන්න බෑ. ඒක රොටියක් හරි මොනවහරි හැපෙන දෙයක් හදන්න.
Deleteරොටී නෙවෙයි ඉඳිආප්ප තම්බන්න...අනේ තොපිලට...
Deleteඉඳි ආප්පත් අවුලක් නෑ ආයුබෝවන්ඩ.
Deleteඔය දාලා තියෙන්නෙ
ReplyDeleteපාන් පිටි කිලෝ බාගයක් මොකටද?
Deleteකහ පාට දියරය හදන හැටි පැහැදිලි කරලා මදි.. ඒකයි වැදගත්..
කහපාට දියරය ගැන අර තියෙන්නේ දාලා..ඉරමුසුද..පොල්පලාද...
Deleteමෙවන් වැදගත් පොස්ටුවක් හරහා හෙළයාගේ රස නහර උද්දීපනය කරණ මාර අයියා දිගු කල් වැජඹේවා!
ReplyDeleteතැන්කූ තැන්කූ මල්ලිලා... සමාජ සේවේනේ ඉතිං...
Deleteදංකොටුව පැත්තෙ වෙනිවැල්ගැට දාල හදනව
ReplyDeleteඕකට ගොනිකා කොලත් දාලා හැදුවනං තවත් හොඳට හිටී...
Deleteඅඩොව් මෙව්ව අපේ ගම්පලතේ නම ගිය බඩු හරිය.... දන්කොටුවටත් දෙන්නෙ අපි...
ReplyDeleteඉතිං බලහං උඹලගේ උරුමයන් අපිටයි දැන් කට්ටියට කියා දෙන්න වෙලා තියෙන්නේ...
Delete8
ReplyDeleteපිළිතුරු :
Delete1. සිමෙන්ති
2. උත්ප්‍රේරකයක් (වෙන්න ඇති)
අමතර වශයෙන් විවිධ රස ගැනීමට කහ පැහැති මිශ්‍රණයට කටුස්සන්, ගෙම්බන්, හුනන් , මකුළුවන්, කැරපොත්තන් වගේම නිර්විෂ සර්පයන් වුනත් ගන්න යොදලා ගන්න පුළුවන්..
ප.ලි. ඔය ක්‍රමේ වැඩි දියණු කරලා පොල් කටු වලින් තාර හදන්න පුළුවන්. මම එහෙම දෙයක් දැකල තියෙනවා අවුරුදු 20කට විතර කලින්, බාලිකා පාසලක කස්ටියක් ප්‍රේමදාස තුමාට කියලා දෙනවා.. හැබැයි උන්නැහේ ඊට පස්සේ ජීවත් වුනේ දින කීපයයි...
පිළිතුරුනං වැරදියි රාමා... පහල බලහං මරේගේ උත්තර..ආන්න බඩු...
Deleteබාලිකාවෝ තාර එක්ක මොනවා කොරනවද..?
1 පාන්පිටි
ReplyDelete2 මුට්ටි දෙක අතර සීල් කරන්න
ඉස්සෙල්ලම කියපන් මෙහෙම හදන ඒක බිව්වම වෙරි වෙනවද කියලා?
වෙරි වෙන්නේ නැත්නම් මේ හැටි නැහිලා බීම හදන්නේ මොකටද :-D
පසු සටහනේ (එපා)කියල තියන විදියට හදල බිව්වනං නාග සලං.
Deleteවෙරි වෙන්නේ කොහොමද බං සාක සාරවලට... ඔය රාජ් කියන්නේ මං එපා කිව්ව විදිය.. එව්වා කලොත් මං දන්නේ නැහැ...
Deleteපසු සටහන දැක්කමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. ඒත් මම බැලුව උඹට වැරදිලාවත්ද කියල. ක්‍රිස්තියානි උදවිය ඉන්න පැතිවල නං ඉස්සර පලතුරු එහෙම දාල නත්තලට හදනවලු නේද? මම නං බීල නෑ. පොල්පලා ස්ප්‍රීතු ටිකක් හදාගෙන බොන්න ඕන. :)
ReplyDeleteඋඩ තියන කලයේ වතුර සීතල උන තරමට වැඩේ ලේසියි නේද?
ගලාගෙන යන වතුර පාරක් සෙට් කරන්න පුළුවන්නම වඩාත් හොඳයි(ලු)
Deleteඔව්. ගලායන වතුරපාරක් ගන්නෙ හොඳින්ම සිසිල් වෙන්න. අපේ පැතිවල නං කරන්නෙ ඇලවල් ලඟ.
Deleteඑපයි කියලා තියෙන දේවල් නොකර හොඳ එකා වගේ පොල්පලාම ඕකට යොදා ගන්න බලහං...
Deleteඔව් උඩ කලයේ කූල් එක තමා වැදගත්ම දේ... පහල තියෙනවා අටම් පහුර සහ ඩිලාන්ගේ කමෙන්ට් දෙකක්..අන්න හරිම ක්‍රමය...
ඇළවල් සෙට් කරං ඔය ක්‍රමය කරන්න බැහැ ඒක එළිමහන් භූමි ක්‍රමය... මේකට කියන්නේ හැළි ක්‍රමය කියලා.. කාටවත් නොදැනී ගෙයක් ඇතුලේ නොකර සද්දෙන් කර ගතෑකි.. ඕකට තව කෙරෙන දෙයක් තමා උඩ කලේට ටැප් එහෙකට හයි කරපු හෝස් එකක් දාලා කලේ කට හරියෙන් පැත්තක් හිල් කරලා ඕෆ් ලෝ ලයින් එකක් දාන එක... වතුර රත් වෙනකොට ටැප් එක හිමිහිට ඇරියම අඩියට හීතල වතුර එකතු වෙන කොට රත් උන වතුර උඩට ගමන් කරලා ඔෆ් ලෝ ලයින් එකෙන් අහක් කර ගතෑකි.. ඇත්තටම මේක දළ සටහනක් විතරයි.. තව මේකේ ඔය වගේ වැඩ ටිකක් තියෙනවා...
අර එපා කිව්ව විදිහට හදලා බලන්න ඕනේ :)
ReplyDeleteඑව්වට මං නැහැ...
Deleteශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ සමයේදී රා යොදා ගනිමින් ඖෂධ නිර්මාණය කිරීමට යොදාගෙන ඇත්තේ ඉහත මාරයා දැක්වු යාන්ත්රණයයි.
ReplyDeleteරාවන යන පදයේ හිරුගෙන් පැවත ඒම වැනි නිරුක්ති බොහෝ ගණනක් තිබෙන අතර වර්ගපූර්ණිකාටුවා අනුව තවත් නිරුක්තියක් වනාහී; රා=රා, ව=වක්කරන, න=නරේන්ද්‍රයා. අතීත හෙළයේ "රා" යනු අගනා ඖෂධයක් මෙන්ම ජාතික පානයද වූ අතර පර සුද්දන් විසින් අරක්කු ගෙන ඒමත් සමග රා වලට තිබූ තැන අහිමි විය. ලෝකයේ දක්ෂතම වෙදැදුරා වූ රාවණ රජතුමා රා වක්කර බෙහෙත් හැදූ නිසා එතුමාට "රා වක්කරන නරේන්ද්‍රයා" හෙවත් රාවන නම් විය. ඒ අනුව රාවණ=රාවන
ඒ කියන්නේ මාත් වැදගත් පහේ කෙනෙක් නොවෑ...
Deleteමලා.... වැරදි කෙනාට උත්තර දුන්නේ.....
අනේ ගැත්තාට සමාව භජනය කොරන්න...
මේං මං දිව්වා......
මාත් මේවා දාම්දෝ නොදාම්දෝ කියලා හිත හිත ඉන්නකොට තමා මට ඔය ආපේ රා වනා මතක් උනේ...ඒ පාර තමා මං මේක දාන්න හිත හදා ගත්තේ...
Deleteහිරුවත් දැන් කොයි වෙලේ හරි රවණ රැවුමකට ලක් වෙනවා...
අඩේ රාවණා වත් හිටිය නම්,, හැමදාම සෙට් වෙන්න තිබ්බ.
Deleteමීයා මේකටත් රාවනා ගාවල. මූට නම් රාවනා මොනව හරි කරල තියනව.
Deleteඈ මාරයියේ... පාං පිටි මොකටද මේකට.......
ReplyDeleteමං නං හොරෙන් බැලුවේ නෑ ඕං...... අපේ මහත්තයා හදලා දීපු පොල්කටු අගුරැ ලිපෙන් වැඩක් ගන්න පුළුවන් වෙයි වගේ.... ගෑස් ගනං නේ......
අමතක උනානේ.... අර හදන්ඩ එපා කියපු එක හැදුවොත් මාරයියා මොකද කරන්නේ.... මොකද අපේ අය ෂුවර් එකටම ඕක නං හදලා බලනවා....
Deleteඇත්තටම කස්ටිය "අපේ මහත්තයා" "අපේ ගෑනි" කියල කියන්නේ ඇයි හැබෑවටම?
Deleteආ ඒ කට්ටියම හවුලෙ බෙදාහදාගෙන සහ ජීවනයෙන් ජීවත් වෙන හින්දා
Deleteඅපේ ගොනා, මගේ බූරැවා කියනවාට වඩා හොදයි නේ......
Deleteහි හි..
ඒක ලේසියි... කෝකටත් තෛලෙනේ.....
"අපේ ගොනා, මගේ බූරැවා කියනවාට වඩා හොදයි නේ......"
Deleteයකෝ හිනස්සලා මරන්න එපා.. හිතේ තියෙන දේවල් ඔහොමත් එළියට දානවද මං අහන්නේ... අනේ අර අසරණයා...
පාන් පිටි මොකටද කියලා අන්න අර මරනේ දාලා තියෙන කොමෙන්ටුව බලන්නකෝ...
ආ ඒ විතරක් නෙවෙයි ඔයාට මේක වැදගත් ලිපියක්.. අර මාසෙකට සැරයක් මහත්තයට අරං දෙන බියර් දෙකට යන වියදම ඉතිරි කර ගතෑකි මේක කලොත්...
ඔව් මාරයියේ...
Deleteඔය සිස්ටම් එක නම් අපේ මහත්තයා හදලා බලන්න ඕනේ කිව්වා...
මාත් මේ කල්පනා කොලේ හිටපු ගමන් ඔය ගාන 2 -3-4-5 වෙන නිසා මේ වගේ වැඩක් වත් කරන්න ඕනේ කියලා... නැත්තම් බජට් එක අවුල් වෙනවා... Arpico යන යන පාරට එකක් ඉල්ලනවානේ... පොඩි එවුන් හොදයි තව.....
මහත්තයා මේක කරන්න හිතං ඉන්නවනං තව මේකේ විය යුතු දේවල් කිහිපයක් තියෙනවා කියලත් මතක් කරන්ට..උඩ කලේට ඔෆ් ලෝ ලයින් එකක් දෙන හැටි.. මුට්ටි තුනක් එක උඩ තියලා මේක කරන හැටි ගැන එහෙම වැදගත්...
Deletehenryblogwalker ලියූ English For Distilleries පොතෙන්:
Deleteමාරයො, ඕෆ් ලෝ නෙවෙයි බං ඕව ෆ්ලෝ.(over flow)
ඔය රුපියල් දෙසිය පනහක් විතර දියං.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
යකෝ ගුරා පැන්නා නේද මැදට...
Deleteඅවුලක් නැහැ අයියා..250නං මොකක්ද...ඒක අඩු කරගෙන ඉතිං 750 දීහං ඒ ඇති...
අපිත් ඉතිං ඔය ගරාජ්වල වචන නෙව අල්ලං තියෙන්නේ.. ඔන්න අද ඒක ඉගෙන ගත්තා.ටැංකිව්.
හරි වචනය කියාදෙන එකට නම් ඉස්තූතියි හෙන්රි
Deleteඒත් අප්ප ඔයවාගේ භාවිත වචන වල පස්ට ගතියක් තියේනේ
'බවුන්ඩේසම'[Foundation]
'ඕරොල්' [Overhaul]
'කොමඩ්' [Commode]
'බිලේ' [Bidet]
'කන්ඩියුට්' [Conduit]
අනේ මන්ද මටනම් ඔව්වමයි පාවිච්චි කරන්න හිත - හරි එක පාවිච්චි කලහම වැඩේ කෙරෙන්නේත් නෑ !!!
සුද්දගෙම උච්ඡාරනය දැන් ගන්න ඕනෙනම් පොඩි ලින්ක් එකක් තියේ මෙන්න මෙතන
http://www.howjsay.com/
උඹ තමයි දවසකට වත් මාරයා! උඹ ගිනිකන ලෝයර් කෙනෙක් වෙලා හිටියෙ නෑ කියලා ෂුවර්ද?
Deleteඅරහත්සිය පනහට මම උඹේ බ්ලොග් එකෙන් තව වචන දෙකක් හොයලා හරිගස්සලා වැට්, ජී. එස්. ටී. ගැහුවා නම් හරිනෙ.
උඹ ඔය කියන තරං ඉංගිරිස් එක්ක තරහ නෑ බලං යනකොට නේ?
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ස්තුතියි තිස්ස,
Deleteඒකනං ඇත්ත.
හරි වචනෙ කිව්වොත් වැඩේ කෙරෙන්නෙත් නෑ තමයි. :D
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
හයියෝ නැහැ අයියා ඒක ෂුවර්..මං ඔය වවුල් කෝට් වලට කිසිම මනාපයක් නැහැ.. ඒත් අයියට අමතක උනා එක තැනක්...
Deleteයක්කඩුවේ පඥ්ඥාරාම හාමුදුරුවෝ වනකතා කියන පොතේ ලිව්ව දවසක් කලත් අපායට ගිය හැකි පෝස්ට් එහෙක අවුරුදු 5ක්ම හිටිය කියලා නිකමටවත් සිහි නිච්චියක් නැතිව ගියා නේද..? එහෙ ගැට ඔය කොයි ගැටේටත් වඩා ඉහළයි...
මම ඊයෙ ෆාමසියට ගියා ඉදිමුමට ගාන බේතක් ගන්න. කලින් ගත්තු කවරෙ Neomazine කියලා තිබ්බ හින්දා 'නිඔමසින් එකක්' කියලා ඉල්ලුවා.. මිනිහා දන්නෙ නෑ..අන්තිමට වට විස්තර ඔක්කොම කිව්වම බේත ගන්න පුලුවන් වුණා.. ෆාමසියෙ අංකල් කනට කරලා කියනවා 'මහත්තයො මට කිව්වට කමක් නෑ වෙන අයට කියන්නෙපා. මේකෙ නම් නිව් මෙඩිසින් '
Deleteඑතකොට අර උද තියෙන කලේ වතුර රත් වෙන්නේ නැද්ද ?
ReplyDeleteරත් වෙනවා... ඒක කූල් කරන්න ක්‍රම තියෙනවා.. මං උඩ කමෙන්ට් එහෙක කියලා ඇති බලන්න..රාජ්ට දාපු එකේ...
Deleteකොරලා බලාලම ප්‍රතිඵල කියන්නංකො....
ReplyDeleteමෙන්න හොඳ සයිට් එකක්.
http://homedistiller.org
සිංහලන්තයේ හැළි තියේද..?
Deleteබොහොම් අමාරුවෙන් ගෙනාපු පාවිච්චි කරපු කිරි හට්ටි දෙකක් තියේ... මුට්ටියකට කෙල උනොත් හාමිනේගෙ පෝරියල් පොලොසීයට එහා :-)
Deleteමේවා බීලා මත් වෙයිද දන්නේ නැහැ
ReplyDeleteපොල් පලා ඉරමුසුවලට මත් වෙනවා කියලා කොයි පොතේද තියෙන්නේ..?
Deleteමටත් හිතෙන්නේ මාරයා කියපු දේම අහල එපා කියපු දේ නොකර ඉදීවිම කියලයි ස්තුතියි මාරයා මචං මේව අපිට කියල දුන්නට ඒක හරිම අපුරුයි මමත් හදල බලලම කියන්නම්කො පාන්පිටි මොකටද කියල තමයි දැන ගන්න ඕනේ
ReplyDeleteමරනේගේ කමෙන්ට් එකේ තියෙනවා පාන්පිටි මොකටද කියලා... ඒක බලන්න...
Deleteඅර කහපාට එකට හොද රෙසපි එකක් මට දෙන්න පුලුවන් ,,අවශ්‍ය උදවිය ඉන්නවා නම් ඊමේල් එකක් දාන්න හොදේ....
ReplyDeleteඕකට වටින කියන රෙසිපි කිහිපයක්ම තියෙනවා..ඒත් ප්‍රසිද්ධියේ දාන්ට බැරිකම තමා මටත් තියෙන්නේ...
Deleteමාර ඩිස්ටිලරීස්
ReplyDeleteඈ බොල ඔය අවුසදීය එවුවා කොහොමද 18+ උනේ
ඇයි බං ෆාමසිවලින් බෙහෙත් දෙනවද පොඩි උන්ට...
Deleteමම යෝජනා කරන්නං මරු වැඩක්... දැන් ඔය දුප්පතාගේ හිතවතා හතරැස් බෝතලේ එන අවුසදේ තියනව නේද... ඕකට මේ අවලං බීම සප්පු කාරයො කලවම් දානව අරෙහෙ මෙහෙ කියල කංකෙඳිරි ගාන මහත්තුරුන්ට තියෙන්නෙ... එකෙන් බෝතල් දෙකක් විතර පහල භාජනේට දාල උපදෙස් ටික ක්‍රියාත්මක කරන්න... බටෙන් එයි නියම පවිත්‍ර හෙළ පානයක්... තම තම නැණ පමනින් මාත්තු කරගෙන කෑමට පෙර පාවිච්චි කරන එකයි...
ReplyDeleteඅනිවාර්යයෙන්ම... අර කහට පාටත් අඩු.. මකුණු ගඳ අඩු..සුපිරිසිදු...
Deleteමෙන්න මොනවද පෙරනවෝ.....
ReplyDeleteසාක සාර..සාක සාර...
Deleteයකෝ උඔ දෙයියෙක් බං.
ReplyDeleteමාරයෙක් මාරයෙක්...
Deleteමතට තිත..
ReplyDeleteතිතටම...
Deleteමගේ රටට දළදා හිමි සරණයි
ReplyDeleteමගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුනු නිවහල් දෙරණයි
උපතින් අප හට මේ සැම උරුමයි....
සියරට දේ සිරි සැප දේ කියලා ඒ දවස්වල පේමදාස මහත්තයත් කිව්වා... ඇස් පී සී පොත්වල කවරෙත් අච්චු ගහලා තිබුනා...
Deleteඇත්තටම මේ ඇටවුමේ මට තියෙන එක ගැටලුවක් තමයි අර මැදින් අඹ හැන්ද තිබ්බහම ඉහලට ඇදෙන හුමාලයට බාදා වෙන එක..අනික මේකෙන් ලැෙබන සීග්‍රතාවය අඩුවෙයි කියලත් හිතෙනවා...
ReplyDeleteකන්ඩෙන්සරය( සිසිලන උපකරණය) වෙනමම තියෙන්න හැදුවනම් සාර්ථකයි..මුට්ටිය ඉහලින් තඹ බට කැබැල්ලක් ඉහලට අරං ඒ තඹබට නවා ජල බඳුනක බහා තඹ බටයේ අග කොටසින් සාරවත් පානය ලබාගත්තනං හරි...
වායුසමන අලුත්වැඩියා කරන හෝ වායුසමන යන්තර සවිකරන කාර්මිකයින් ළඟ තඹ බට සාමාන්‍යයෙන් තියෙනවා...ඒ වැඩබිමක අය කන්න බොන්න එහෙට මෙහෙට වුන වෙලාවක මීටරයක් දෙකක් පන්න ගත්තත් කමක් නෑ...
කෝමත් එක ජොබ් එකට වැඩියෙන් තඹ බට එනවා ගොඩක් වෙලාවට...
නැහැ ඒ අඹ හැන්ද හුමාලයට බාධාවක් නෙවෙයි..ඒක මැදට තියන්නේ උඩ තියෙන කලයේ මධ්‍යයට කෙලින් ඒක පිහිටය යුතු නිසා..මොකද එතනින් තමා වතුර එකතු වෙලා පහලට වැක්කෙරෙන්නේ...
Deleteතඹ දඟර කේස් එක එන්නේ මේ ක්‍රමයේදී නෙවෙයි... ඒ බැරල් ක්‍රමය..ඒක මෙයිට වඩා සංකීර්ණ සිස්ටම් එකක්..මේ ක්‍රමය අඩු වියදම් ගෘහස්ථ ක්‍රමයක්..සරල බව තමා මේකේ ඇති වැදගත් දේ
අපිත් ඒකාලෙ මේව කරල තියනවා.... හොඳ පලතුරු ටිකක්, සීනි ටිකක් එහෙම දැම්මහම ඖෂධීය පළතුරු සාරය (පෙරා)ගන්න පුළුවන්.... ඒක හරිම සුවඳයි වගේම රසයි අප්පා.... මතක්වෙනකොටත් වැනෙනවා...
ReplyDeleteපලතුරු සිස්ටම් එක තමා හොඳ..හැබැයි පදම අවුල් උනොත් වතුර තමා බොන්න වෙන්නේ... පැසවීමේ කාර්යය හරියට කෙරෙන්න ඕන...
Deleteමාර අය්යේ ඇත්ත කියපන් උබ ඉස්සර කසියා පෙරුවා නේද?
ReplyDeleteසික්..ඒක අහන කැත...
Deleteපෙරන උදවිය පෙරන්න අපි එන්නම් බොන්න .. නැත්නම් බොන්න කට්ටිය නැතිඋනොත් එහෙම..
ReplyDeleteතොපි ඉතිං ඔහොමම තමා...
Deleteආ, මේ තරල-සාර නේ?
ReplyDeleteඔය තරල සාරය ගැන ඒ දවස්වල රේඩියෝ සිලෝන් එකෙත් ගියා වගේ මතකයක් තියෙනවා...
Deleteපාං පිටි..
ReplyDeleteරොටි හදං ඉරමුසු බොන ගමං කන්න..
හා නැද්ද මාරයියේ???
හරියට හරි... එතකොට අර වාස්පේ ලීක් වෙන එකට බොලාගේ අහවල් එකෙන් තමා වැහුං යොදන්න වෙන්නේ...හුහ්
Deleteලැබ් එකේ බටහිර විදියට ඕකම කලාට මේ ක්‍රමේ පට්ටම ගතියක් තියනව.
ReplyDeleteගමේ ගොඩේ උදවියට ඉතිං ඔය උපකරණ නැහැ නෙව.. හැලියෙන් මුට්ටුයෙන් තමා වැඩ...
Deleteඔහේ වැඩ කරන්නේ රාජ්‍ය ස්කාගරයේද ..?
ReplyDeleteපිස්සුද ආයිබෝං...
Deleteවෙල් වැඩ කාලෙට අපේ පැත්තෙත් සමහරු ගෘහස්තව ඔය ක්‍රමේට පානයක් හදනව. හදන උන්නම් කියන්නෙ "ටොක්" එක කියල. නැත්තං බොන එවුන්ගෙ කාර්යක්ෂමතාව අඩුවෙනව කියල තමා කියන්නෙනම්.
ReplyDeleteඕවට කොයි තරංනං ක්‍රම හා නං තියේද..?
Deleteවෙරි වෙයිද දන්නේ නෑ මේවා බීලා...
ReplyDeleteඕකට ඉරමුසු දැම්මම "ඉසිප්පු" වෙනවා පොල්පලා දැම්මම "පොසිප්පු" වෙනවා ඔක්කොම දැම්මම කසිප්පු වෙනවා...
වෙරි වෙන්නේ කොහොමද සාකසාර වලට..එව්වා අවුසද...
Deleteහෙළ පාන හදලා රාවණාලා එහෙමත් ගෙදෙට්ටම වඩී ඕවා බොන්න! :D
ReplyDeleteදැනටම අන්න ගැජමැටික් රාවණා එන්ට ලෑස්සතිය.. අර කොලොම්බෝ සෙවන්වල එකා...
Deleteඅයියෝ ...මේවා ඉස්සර අපේ පැත්තේ ( වෙන්නප්පුව ) ගජ රාමෙට තිබ්බ පානයක්නේ. දැන්නම් නෑ වගේ. හොරාට ඇති.
ReplyDeleteබලං ගියාමේ මේවෑ උරුමේ තියෙන අය හුගක් හිටලනේ...
Deleteමාරයේ සුපිරියටම සීන් එක කරනවා නං
ReplyDeleteමුට්ටි තූනක් ඕන
දෙවනි මුට්ටියේ යට අඩිය කඩන්ඩ ඕන,ඒකටම තමයි හැන්ද හයිකරන්නේ
පුංචී මුට්ටිය ඊටපස්සේ
මුට්ටි දෙකෙන් කරන කොට ඉක්මනට අවපැහැ වෙනවා
සැරත් ටිකක් බාලයි
විස වෙනවත් වැඩියි
මුට්ටි තූනෙන් ඉතින් විස්කි තමයි
අටා දංකොටුවේ ක්‍රමේ මුට්ටි 3 බන් මුට්ටි 3 නිසා තමා සුපිරි බඩු එන්නේ,මුට්ටි දෙකෙන් අවපැහැය වැඩී තමා අනික මුට්ටි 3 එන සුපිරි ඇගිල්ලට ටිකක් අරන් ගිණිකූරක් ගැහුවොත් ගිනි ගන්නවා
Deleteහරියටම හරි..මුට්ටු තුනක් ඕන තමා.. මේක මේ සරල පැහැදිලි කිරීමක් විතරයි.. තව ඕකට උඩ කලේ වතුර මාරු වෙන සිස්ටම් එක එහෙම එන්න ඕන...
Deleteඋඹලා දෙන්නම එහෙනං...?
අවුරුදු කටේ අනේ මන්ද ..
Deleteවිසේසයක් කරලත් බැහැ
නොකරත් බැහැ ..:(
++++++++++++++++++
මාර බීමක් වෙන්නැති! හිකිස්!
ReplyDeleteහෙළ බීමක්...
Deleteඅපේ සීයගේ ක්‍රමේ තවත් මුට්ටියක් වැඩී බන්,,යටම මහ මුට්ටියට අර අඩු වැඩිය දානවා ඊලග මුට්ටිය මැටි මුට්ටියක් ඒකේ යට රුපියල් 2 වගේ හිල් රාශියක් හදලා තියෙන්නේ,, ඒ මුට්ටියට තමා අර ලී පත්ත සෙට් කරන්නේ, ලී පත්තේ රවුම විතරයි තඹ කූර තියෙන්නේ ඒකට රෙදි පටියකින් වහලා තියෙන්නේ ඒක කොයි වෙලෙත් තෙත් කරනවා,,උඩම මුට්ටිය වතුර ඒක පොඩ්ඩක් රත් වේගෙන එද්දී ඒ වතුර අයින් කරනවා අපි ඕවා අහක යවන්නේ නෑ උදේ පාන්දර වැඩේ යන නිසා ස්කෝලේ යන්න ඉස්සල්ලා උණු වතුරෙන් නාලමයි යන්නේ,සීයා ඉතින් එයාගේ පරිභෝජනයට සතියට දවස් 2ක් ඕක කරනවා නේ, ඔය මුට්ටි ආවරනයට හුබස් මැටි ඇර වෙන කිසිම දෙයක් හරි යන්නේ නෑ වාශ්ප පිට වීම වලක්වන්න, මේ ක්‍රමේට කියන විද්‍යාත්මක නම ආසවනය නේද? මාරේ ගොඩක් ආයුර්වේද බෙහෙත් හදන්න මේ ක්‍රමේ ගන්නවා.
ReplyDeleteසික් දංකොටුවේ කොළුවෙක් විදිහට ලැජ්ජා වෙන්න ඕනා මේ වගේ පෝස්ට් එකක් නොදැම්ම එක ගැන.
ආසවනය [Distillation]ම තමා හැබැයි භාගෙට භාගෙට [Fractional Distillation - භාගික ආසවනය]...
Deleteකොටස් වෙන් වෙන් වශයෙන් සම්පූර්ණයෙන්ම පිරිසිදු කොටස් උඩින්වත් යටින්වත් නො වෙන නිසයි ඒ - උඩින් එන කෑල්ලෙත් ටික ටික අනෙක් පංගු හාමු වෙලා තියේ
මුට්ටි ගාන වැඩි වුනොත් උඩින් සර්ජිකල් ඉස්පිරිට් උනත් ගතෑකි [Iso Propyl Alcohol] :-)
තඹ බට දාල කෙලවගන්න ඕනේ නෑ මේක නියම ක්‍රමය - මුට්ටයේ තියන රවුම් හැඩේ හින්ද ගානට කුඩා හැන්දට ඔක්කොම එකතුවෙනව එක තැනකින් - හුඹස් මැටි ප්‍රසාරණය වෙනව හරි අඩුයි රස්නෙත් එක්ක - පිට්ටු බම්බුවට උණ බම්බුවේ ගැටයක් තියන තැනක් ගන්නව වාගේ...
සීයගේ ක්‍රමේ හරි ඩිලා... මේක මං මේ සරලව ඇන්ද සටහනක් විතරයි... ඔය පහලින් ඔය ගැන විශේෂඥ දැනුමක් ඇති කෙනෙකුත් දාලා තියෙන්නේ කමෙන්ට් එකක්... මුට්ටි වැඩි වෙන තරමටයි ප්‍රතිඵලේ කියලා... (අත්දැකීමෙන්ම කියන එව්වනේ..අපි කොහොමද බැහැයි කියන්නේ... දැන් පේනවනේ අරාබි රටවල් වලට කවුද බඩු සප්ලයි කරන්නේ කියලා..) ඩිලාලගේ පැත්ත ඉතිං ඔය සාකසාර වලට කප් ගහපු පැත්තක්නේ.. පහුගිය කාලේ ඒ හැටි ඔය ක්‍රම භාවිතා නොවුනට දැන් දැන් මේ පැතිවලත් ගෘහස්ථව ඔය තමුන්ගේ පාවිච්චියට සාකසාර නිපදවීම කරනවා...
Deleteඇත්තටම ලොකු අඩුවක් දැනගෙනත් උඹලා මේවා අනිත් උන්ට කියා නොදීම.. මේ බ්ලොග් තියෙන්නේ දැනුම බෙදා හදාගන්න වෙච්චි කොට උඹලා ඕවා හංගං හිටියම හරියයිද..?
දැං බැලුවාම මාරයියා මොනවා ලිව්වත් අන්තිමට Scientific පැත්තට ගිහිල්ලා තමයි නවතින්නේ....
Deleteහි හි... එකත් ඉතිං හොදයි.....
ඔය වචනේ තේරුමවත් නොදන්න..අඩුම ගානේ ටැපලෙන්නේ නැතිව ඕක කියා ගන්නවත් බැරි එකෙක් ලියන දේවල් ඒ පැත්තට ගිහින් නවතින එක තමා එකේ හොඳම කෑල්ල...
Deleteමොන කාරනේදි වුණත් ඉතින් මුට්ටි ගාන වැඩිවුණහම අනතුරක් නැතිව වැඩේ කරගත හැකි :-)
Deleteබඩු සප්ලයි??? අනෙ මගේ කට!!!
හා දැන් ඉතින් අපි බලමුකෝ මෙව්වයේ තියෙන බෙනිෆිට්ස්.
ReplyDelete1). ෆැන්ටා,කෝක් වගේ ඇඟට අහිතකර නෑ.
2). විදේශ විනිමය ඉතුරු වෙනවා. (දුර බලල ලිව්වේ)
3). ආර්තිකේටත් හොඳයි. පර්ස් එකටත් හොඳයි.
4). බල්ලන්ටත් හොඳයි. (බැල්ලිගෙන්වත් නැති දෙතොල සිපගැනීමේ පහසුකම)
5). කිසි දෙයක් නොදන්නා අහිංසක ගැහැණු ළමයින්ට පුරුෂ අයවැය පිහිටා තිබෙන අයුරු දැන ගැන්මට ඇති හැකියාව.
6). පැරණි නූර්ති ගී, නාඩගම් මෙන්ම නැසී යන (හරිද මන්දා) භාෂාවක වදන් වැල් ඇසීමේ හැකියාව.
7). පවුලේ උදවියට පියාඹන පීරිසි නිවසේදීම බැලීමට හැකියාව.
8). කෙට්ටු අයට (බඩ) මහත් වීමට කියපු බෙහෙතක්.
9). ඇයි හත්දෙයියනේ පණුවන්ට? මේ තරම් කියපු බෙහෙතක් තව කොහෙද? නැද්ද මාර අයියේ?
ඔන්න දහයක්ම දාන්න ඕනි නිසා තව එකක් හොයා ගත්තා.
10)මේ ඖසධිය පානය කියපු නිදි බෙහෙතක් නිසා නෝනගේ පාළුව මකාගන්නත් හොඳ බේතක්.
මෙන්න මේවට තමා කමෙන්ට් කියන්නේ :-)
Deleteමැක්සම තමා
හක් හක් හා... නියම වාසි තමා..4යි 10යි නං එළම තමා...
Deleteවැඩිදියුණු කරලා අර අලුත් බ්ලොගේ පෝස්ට් එකක් දාපං බොලේ. හොඳම කමෙන්ටුව හැටියට නිර්දේශ කරමි.
Deletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
අඩේ AKM, මැක්සා පෝස්ට් එකකට මැක්සා කමෙන්ට් එක!
Delete++++++++
*******
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
5'ක්වත් උස නැති පොල් කඩන එකෙක් 3.5' විතර උස අන්දර වැටකින් පැනල දුවලා සරා ගොයියා සීන් එකක් දාපු හැටි, 4 හා 5 ඇක්ට් කරන්න ගිහින් අයවැය වලට කළු තෙල් වක්කර ගත්තු අය ගැන එහෙමත් කතා තියෙනවා. වෙලාව තියෙන හැටියට දාන්නම්කෝ.
Deleteකමෙන්ට් එක අගය කරපු හැමෝටම ටැංකෝ කිව්වා ඕන්.
මාරේ අයියේ උඹ මගේ බ්ලොග් එකේ කංසා කෝපි හදන වට්ටෝරුව දාලා අන්න කස්ටිය සෙට් පිටින් ඩවුන් ලු !! ඔය දන්න වට්ටෝරු හංගලා තියාගනිං බං ..
ReplyDeleteහුටා මට එකේ අගට රජයේ අවවාදය එක්කාසු කොරන්න අමතක වෙලා නේද..?
Deleteමෙව්වා හංගං තමා බං ඉන්නේ..ඒත් කාලීන අවස්සතාවය මත ඉඳ හිට එකක් දෙකක් නිකුත් කරන්නත් එපෑ...
පොරොන්දු ඉටු කරන...
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
දැහැමි සමාජයක්...උදෙසා...
Deleteඕ...................මෙව්වා අම්බෝ......
ReplyDeleteඇයි ඇයි..මේවා මේ සාක සාර නෙව...
Deleteපිරිමින්ට විතරයි කියන්නෙ ? හෙල පානයක් නම් ගැහැනුත් බිව්වාම මොකෝ.? අනෙක ඉරමුසු..?
ReplyDeleteඅන්න ඒකනේ කියන්නේ..කිරිල්ලිට මෙව්වා බිව්වනං කුරුල්ලා වගේ හිටියැකි...
Deleteමාරේ අයියා අදනේ මාර සරණියට නියම පෝස්ට් එක දැම්මේ.. උපකරණ ටික හොයාගන්න පුළුවන් වගේ අපේ ලොක්කගේ වයින් ෆැක්ටරියෙන්ම.. මම මේ කල්පනා කලේ මේකත් හදන්න ට්‍රයි කරනවද කියලා....
ReplyDeleteමේකේ තියරිය විතරයි වැදගත්..උපකරණ මොනවා උනත් කමක් නැහැ.. විෂ නොවන ලෝහ..රසායනික ප්‍රතික්‍රියාවලට භාජනය නොවන දේවල් එකතු උනානං එච්චරයි...
Deleteයකෝ වයින් පැට්ටරියක් කිව්වා..එහෙනං අහවල් එහෙකටද සාකසාර..?
සීනියි යීස්ට්සුයි ඇයි අයියෙ, ඒවා දාලා හදන්න එපා කීවෙ මොකෝ, එතකොට ඒවා බීවම මොකෝ වෙන්නෙ?
ReplyDeleteඑතකොට පාං පිටි වලිං වදේස විනිමෙ ඉතුරු වෙන්නෙ කොහොමද?
මොනවා හරි දෙයක් එපා කිව්වම එපා..එච්චරයි.. ආයේ ඒ ගැන අහන්නත් එපා..හරිද.. යකෝ මුංට එපා කියන එක ගැන ඇර අර කරන්න කිව්ව දේවල් ගැන පුරස්න කරන්න බැයිද...?
Deleteදැන් ඔය පාන් පිටි ගෝනියකට හාල් පිටි කිලෝ දෙකක් කලවං කරලා පාන් හැදුවමත් විදේස විනිමේ ඉතිරි වෙනවයි කියන එකේ මේ කිලෝ බාගයක් ගත්තම කොයි තරංනං ඉතිරි වෙන්ට ඕනද මං අහන්නේ..?
ගෑල්ලමයින්ට තහනම් කියලා තිබුන නිසාම ඔලුව දාලා බැලුවා සිංහල ගතියට , අනේ ඉතින් මොකෑ වෙන්නෙ පිරිමින්ට විතරක් මොකො අපිටත් හොදනේ ශාක සාර ?
ReplyDeleteපසු සටහනත් පසු සටහන තමයි සිරා.... මේ කෝක් ජරාව බීලා අපේ කොල්ලො ලෙඩ හදා ගන්න වෙලේ මෙන්න මේ වගේ සම්පූර්ණ දේශීය පානයක් හදා ගන්න හැටි කියාදීපු එක හොදය.
ReplyDeleteමුහුදු ගිහිල්ල අතරමං උනාම මෙහෙම මුට්ටි සෙල්ලමක් දාල ලුණු නැති වතුර හදාගන්න කෙරේමයක් රිවිර පත්තරේ තිබුණා. හැබැයි ඒකෙ තිබුනෙ ලුණු සාරෙ එන්නෙ නැහැ කියලා. මේකෙ නම් බොරුසාරෙටද කොහෙද ඉරමුසුවක් ගාවලා. මං හිතන්නෙ ඔය ඉරමුසු වලටත් පොලිසිය පුම්බන්න දෙන බැලුම් පිම්බෙනවා,
ReplyDeleteඅනේ මන්දා මාර මලයෝ උඹ මෙහෙ මහා වෙදනාගේ වැඩ කරනවා අරෙහෙ තරුවා කොල්ලන්ට නොමිලේ කේන්දර පොරොන්දම් බලන්ඩ කියලා දෙනවා.
ReplyDeleteමහත්තයෙක් හම්බුනා දාට දෙන්න මේක බුක් මාර්ක් කොරල තියාගත්තා.එතකල් මට අත්හදා බලන්න බැරියයි.
ReplyDeleteඅනේ වාසනවන්, මෙහෙම බිරියක් ලැබෙන එක
Deleteහැදුව වෙලාවක් පොඩ්ඩක් මතක් කරන්ඩ ඈ...
ReplyDeleteසිය රට දේ සිරි සැප දේ...නේද මාරයියේ.සූර්ය සිංහ ලාංඡනේත් ගහලා දෙන්ඩ ඕනේ.
ReplyDeleteVery funny. I enjoyed it a lot.Hope to read other comments leisurely.
ReplyDeleteයකෝ මාරයා තමයි දවසකටවත් බඩ්ඩ.
ReplyDeleteඋඹ ඉතින් ඔය පෙරන ඒවයින් කෝප්පයක් ගහලා, අර දුම් දම දම උයන කීරමින් හොද්දය්, පොල් සම්බෝලෙය් , ඕන නම් තව බිත්තරේකුත් තම්බලා, කීරී සම්බා බත් ඩිංගක් එක්ක බඩ පිරෙන්න කොටා බාලා ,සනීපෙට දොය්යනව ඇති.(ඕන නම් නිදා ගන්න කලින් එක පාරක් ඇන්ජලිනා ජොලීවත් මතක් කරනවා ඇති )
අපිට කොහෙන්ද එච්චර සැපක්.
මේ ඒක නෙමෙයි මේකට පොල්පලා වෙනුවට ග** දාල පල් කරල ගත්තොත් මොකද?
ReplyDeleteඒක කොහොමත් හෙඳ ඖෂදේනේ?
මට මතකයි පොඩි කාළෙ වතුර බෝතලේකට අඹ, රඹුටන්, මිදි එහෙම දාල පල් වෙන්න තිබ්බ. වයින් හදන්න. නිවාඩුවට ගෙදර ගිහාම බලන්න ඕන තාම තියද කියල. ගෙදර අයට හොරෙන්නෙ දැම්මෙ.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඇයි පිරිමින්ට විතරක්... ශාකසාර ජාති අපිටත් නරක නැහැ...
ReplyDeleteඔය බඩු හොයා ගන්න බැ මට
ReplyDeleteඕකට ඔච්චර වද වෙන්න දෙයක් නැ. අවශ්‍ය සිමෙන්ති මුට්ටිය සහ කහ පාට දියරය විතරයි.
ReplyDeleteක්‍රමය:-
කහපට දියරය මුට්ටියට දමා සිමෙන්ති දම විනඩි 10 ක් තබන්න.
උඩින්ම මිදුන කොටස අයින් කර උඩම අති ඩියරමය කොටස පමනක් ගන්න
මෙ වගෙ සිම්පල් ක්‍රම දන්නෙ නැතිනම් අපෙන් අහන්න