ඔන්න ඒ කාලේ..ඒ කාලේ කිව්වේ ඉතිං අපේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ තමා.. ඉතිං ආන්න ඒ කාලයේ සැවැත් නුවර හිටියා එක්තරා උපාසකයෙක්..උන්නැහේගේ නම තමා "අතුල". ඉතිං මේ අතුල උපාසකටත් ඔය දැන් කාලේ සමහර උපාසක වරුන්ට වගේ හිටියා ගෝල බාලයෝ පිරිසකුත්..එක්කෙනෙක් දෙන්නෙක්නං නෙවෙයි පන්සීයයක් විතර පිරිස හිටියා කියලයි කියවෙන්නේ..
ඉතිං මේ අතුල උපාසක උන්නැහේ තමුන්ගේ පිරිසත් එක්කගෙන දවසක්දා යනවා බණ අහන්න කියලා හිතං හාමුදුරුනමක් හොයාගෙන..ආන්න එහෙම යද්දි මේ කට්ටියට හම්බ වෙනවා "රේවත" හාමුදුරුවෝ කියලා හාමුදුරුකෙනෙක්... ඒත් ඉතිං ඒ වෙනකොට උන්වහන්සේ දවමල දානය එහෙම වළඳලා ටිකක් විවේක පාඩුවේ හිටිය වේලාව.. ඒ හින්දා බණ කියන්න ගියේ නැහැ... ඕනං ඉතිං අතුල උපාසකටයි ගෝලයෝ පිරිසටයි ටිකක් කේන්ති ගොහින් යනවා තව හාමුදුරුකෙනෙක් හම්බ වෙන්ට...
අන්න මේ පාර නං හම්බ වෙනවා ඒකට හරියන කෙනෙක්..ඒ තමා "සැරියුත් මහ තෙරුණ්නාන්සේ". ආයේ ඉතිං මොනවද දම් සෙනවි තනතුර දැරුව "සැරියුත් හාමුදුරුවෝ" බොහෝම දීර්ඝ ලෙසින් දහම් කාරණා පැහැදිලි කොරලා බොහෝම දිග බණක් කිව්වා... ඉතිං දැන් මොකදෑ උනේ..?
අතුල උපාසකටයි ගෝලයොන්ටයි ඒක දිග වැඩි බණක්...උන්නැහේලා බණ අහවර උනාම "ඒකනං බොහෝම හොඳ බණක් තමා..හැබැයි ඉතිං අපිට වඩා දැන උගත් සිහි කල්පනාව තියෙන අයට තමා ඒක හොඳ" කියලා එතැනිනුත් පිටත් වෙලා ගියා...ඔන්න මෙදා පාර උන්නඅහේලට හම්බ වෙන්නේ ධර්මභාණ්ඩාගාරික ධූරන්ධර "ආනන්ඳ හිමියන්". හරිනේ ඔන්න දැන් ඇහුවා ආනන්ඳ හිමියන්ගේ බණකුත්.. ආනන්ඳ හිමියන් කිව්වමත් එසේ මෙසේ වැඩ කොටසක් පැවරුණ කෙනෙක්යෑ.. බුදු හාමුදුරුවන්ගේ උපස්ථාන කටයුතුයි..තව එතැනින් ගියාම බුදු හාමුදුරුවන්ගේ නියමයෙන් ඔය වැඩි හරියක් රජ මාළිඟාවල සිටු ගෙවල්වල ඇත්තටන්ට නිතර බණ කියන්න පැවරුණ කෙනෙක් නෙව.. ඉතිං උන්වහන්සේ වෙලාවේ හැටියට ගැලපෙන ආකාරයෙන් කෙටියෙන් බණක් කියන්ට යෙදුණා...
දැන් මොකදෑ වෙන්නේ.. අතුල උපාසකයි ගෝලයෝ පිරිසයි සෑහීමකට පත් උනාද..? නැහැනේ... ඇයි මෙදා පාර මොකක්ද අවුල.. ඔව් මේ බණ උන්නැහේලට කෙටි වැඩියි...
අන්තිමට මේ බණ චාරිකාව අවසන් කරලා උන්නැහේලා යනවා බුදු හාමුදුරුවන්ව මුණ ගැහෙන්ට කියලා.. ඒ ගෙහුන් නිකං හිටියේ නැහැ.. කිව්වා විස්තරේ...
"ඕං බලන්ට භාග්‍යවතුන් වහන්ස මමයි මේ මගේ ගෝල පිරිසයි අද මේ බණ ටිකක් අහන්ට කියලා හිතලා බැස්සා පාරට..මුලින්ම අපි ගියා රේවත හාමුදුරුවෝ මුණ ගැහෙන්ට..කෝ උන්නාන්සේ මොන බණක්වත් කිව්වේ නැහැනේ... ඒ පාර අපි ගියා සැරියුත් හාමුදුරුවන් ගාවට.. හප්පා එහෙමත් දිග බණක්..අපිට තේරුං ගතෑකිද ඔව්වා... ඔයිට වඩා ටිකක් කෙටි කරලා කිව්වනං මොනවා වෙනවද..? ඒ පාර අපි ගියා ආනන්ඳ හාමුදුරුවෝ හම්බුවෙන්ට.. උන්නාන්සෙට මොන හදිසියක්ද මංදා බොහෝම කෙටියෙන් බණ අහවර කලා.. තව ටිකක් දිගට කිව්වනං කොයි තරං අපූරුද..? ඔන්න බලන්න අපිට අද බණ අහන්න ගිහින් වෙච්ච දේ.."
අන්න ඒ වෙලේ බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මෙහෙම...
"පොරාණ මේතං අතුල
නේතං අජ්ජතනාමිව
නින්දන්ති තුණ්හීමාසීනං
නින්දන්ති බහු භාණීනං
මිතභාණී නම්පි නින්දන්ති
නත්ථී ලෝකේ අනින්දිතෝ"
"න චාහු න ච භවිස්සතී
න චෙතරහි විජ්ජති
ඒකන්තං නින්දිතෝ පෝසෝ
ඒකන්තං වා පසංසිතෝ"
කියලා..ඔකේ තේරුම කෙටියෙන් ගත්තොත්
"ඔය නින්දා කිරීමයි ප්‍රසංශා කිරීමයි යන දෙකම අතීතයේ ඉඳන් පැවත එන්නක්.අද ඊයෙක පටන් ගත්ත දෙයක් නෙවෙයි.ඒ වගේමයි ලෝකේ නින්දා නොලබන කෙනෙකුත් නැත.කතා නොකරන කෙනාටත් නින්දා කරනවා..වැඩියෙන් කතා කලත් නින්දා කරනවා..ටිකක් කතා කලත් නින්දා කරනවා..එහෙම වෙද්දී කොහොම කලත් නින්දා නොලබන කෙනෙක් මේ ලොකේ නැත. ඒ වගේමයි අතීතයේවත් අනාගතයේදීවත් අදවත් නින්දාවටම හෝ ප්රසංසාවටම හෝ භාජනය වෙච්ච කිසිවකුත් නැත.. ඔය දෙකම..එනම් නින්දාව හා ප්රසංසාව යන කාරණා දෙකම අපි හැමෝටම විඳින්න වෙන දේවල්"යන්නයි...
ආන්න ඒ ටික අතුල උපාසකට කියා දීලා එයින් පස්සේ බුදු හාමුදුරුවෝ මෙන්න මේ ගාථා දෙකත් අතුල උපාසකට හා ගෝල පිරිසට කියා දෙනවා...
"යං චෙ විඤ්ඤෑ පසංසන්ති
අනු විච්ච සුවෙ සුවෙ
අච්ඡිද්ද වුත්තිං මේධාවිං
පඤ්ඤා සීල සමාහිතං"
"නෙක්ඛං ජම්බොනදස්සේව
කො තං නින්දිතුමරහති
දෙ වා පි නං පසංසති
බ්රහ්මුනා පි පසංසිතො"
ඒ කියන්නේ...
"නුවණැති පුද්ගලයින් විසින් නිතර සිල් රැක්මෙහි යෙදෙන, සීලයෙහි අඩු පාඩු වන්නට ඉඩක් නොතබන්නා වූ සිල්වතුන්ව නිරන්තරයෙන්ම සෑම කල්හිම ප්‍රසංසාවට ලක් කරති.එසේ පිරිසිදු රත්තරන් මෙන් වූ සිල්වතුන්ට නින්දා කරන්නේ කවුරුන්ද.. දෙවියන් හා බ්‍රහ්මයින්ද එසේ වූ සිල්වතුන්ව ප්‍රසංසාවට ලක් කරති."
ඔන්න ඔය ආදී වශයෙන් සීලයත්..එය රකිනා අයගේ වටිනාකමත් ගැන පැහැදිලි කරලා දීලා එවැනි අයට නින්දා කිරීම සුදුසු නොවන බව පහදා දීලා අපේ බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධර්ම දේශනාව අහවර කරන්න යෙදුණා...
සාදු සාදු සාදු..
ReplyDeleteමේකෙ වර්තමාන කතාව මොකක්ද කියලා හිතාගන්න පුලුවන්..
Deleteආයෙත් සැරයක්.
සාදු..සාදු..සාදු....
This comment has been removed by the author.
ReplyDeleteසාදු! සාදු!! සාදු!!!
ReplyDeleteබලාගෙන ගියාම මාරයා නම් නියම බෞද්ධයෙක්. ඒ උනත් බෞද්ධ කියලා කියවගන්න අය අපේ ඇත්තෝ ඇත්තටම බෞද්ධයොද කියලත් හිතෙනවා.
සහෝදරයා මාරය කියන්නේ අපේ හිටපු හාමුදුර කෙනෙක් බව දන්නේ නැද්ද මම මුලින්ම බ්ලොග් කියවන්න කැමති උනේ වර්ගපුර්නිකාවේ මිවලපලානේ ජයරත්න හෙලුවගේ රාවන කතා කියවල ඊට පස්සේ මීයාගේ හොඳම අනුගමිකයෙක් වන මාරයා ගේ බ්ලොග් අඩවියට පැමිණිය පුලු පුළුවන් වෙලාවට මාරයාගේ බ්ලොග් සේරම වගේ කියව්ව ඔයත් කියවන්න එතකොට මාර බන ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.
Deleteමේක කලින් පොස්ට් එකට සම්බන්ධයි නේද ?
ReplyDeleteමමනම් මෙහෙම කිව්වේ, මාරයියයි වික්ටෝරියා ගැනයි..
දෙන්නත් එක්කම ගුලි ගැහිල දොයිලු....
ප.ලි. මම 1 නෙවෙයි.. :)
මෙය ඉතා වැදගත් පෝස්ට් එකක්.
ReplyDeleteප.ලි: ශ්‍රී රාවණා රජතුමා ගැනත් තව මොනව හරි ලියන්න. බලන්න Popular Posts වල උඩම තියෙන්නෙ මොකක්ද කියල.
මියෝ රවන රජ්ජුරුවන්ට තම්බි කරදර තිබ්බේ නැද්ද තිබ්බ නම් එය ඒවා මැඩ පවත්වන්න මොනවද කරේ හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා පොඩ්ඩක් කියන්නකෝ
Deleteඅගයෙමි..... අගය කරෙමි........ නැවත වතාවක් අගයකරමි.....
ReplyDeleteබොහොම හොඳයි. ඉතා ඉහලින්ම අගය කරනවා මේ ලිපිය. ඔබට පින්සිදු වේවා
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
බණ අහලා ඉක්මනට ගෙදර දුවන්නේ නාට්‍යය බලන්ඩ.අනේ මන්දා බණ අහලා ඇවිත් කියනවා ෂෝක් බණ ටිකලු.ඒත් පිළිපදින්නේනං නෑ
ReplyDeleteනියමයි නියමයි
ReplyDeleteසාදු සාදු සාදු.....!
ReplyDelete"ඔය නින්දා ප්‍රසංශා දෙකම අපට උරුමයි මාරේ...
ReplyDeleteසාදු..සාදු..සාදු...!!!
මෙන්න මෙහෙම කෙටියෙන් පැහැදිලිව බණ කියන්න හැමෝටම බැහැ. පින් සිදු වේවා
ReplyDeleteඅපිත් ඔන්න බණ අහන්න ඇවිත් ගියා.
ReplyDeleteපින් සිදු වේවා!!! සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඅනේ සාධු!!!!!
ReplyDeleteකාලෙකට පස්සේ බණක් 'කියෙව්වා'... පින් සිදු වේවා!
ReplyDeleteසාදු සාදු සාදු!!!!!!
ReplyDeleteමාරයා උනත් බණ දහං දන්නවා නේ...
"ඔය නින්දා කිරීමයි ප්‍රසංශා කිරීමයි යන දෙකම අතීතයේ ඉඳන් පැවත එන්නක්.අද ඊයෙක පටන් ගත්ත දෙයක් නෙවෙයි.ඒ වගේමයි ලෝකේ නින්දා නොලබන කෙනෙකුත් නැත.කතා නොකරන කෙනාටත් නින්දා කරනවා..වැඩියෙන් කතා කලත් නින්දා කරනවා..ටිකක් කතා කලත් නින්දා කරනවා..එහෙම වෙද්දී කොහොම කලත් නින්දා නොලබන කෙනෙක් මේ ලොකේ නැත. ඒ වගේමයි අතීතයේවත් අනාගතයේදීවත් අදවත් නින්දාවටම හෝ ප්රසංසාවටම හෝ භාජනය වෙච්ච කිසිවකුත් නැත.. ඔය දෙකම..එනම් නින්දාව හා ප්රසංසාව යන කාරණා දෙකම අපි හැමෝටම විඳින්න වෙන දේවල්"යන්නයි... - වටිනාම ටික!
ReplyDeleteහොඳ ලිපියක්!
සහෝ ඔබට ජය!
මේක කියෙව්වාම මතක් වුණේ රොබට් නොක්ස් කියපු කතාවක්. මිනිහා කියන විදිහට රජතුමාට සහ හිඟන්නාට නින්දා කරන්න බැහැ. රජතුමා හුඟක්ම උසස් නිසා නින්දා කරන්න බැහැ. හිඟන්නාට ඇති තරම් නින්දා ලැබිලා තියෙන නිසා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ
ReplyDeleteඔන්න ඔහොම කෙටියෙන් පැහැදිලිව කිවුවනං ගොඩනෙ.
ReplyDelete//කතා නොකරන කෙනාටත් නින්දා කරනවා..වැඩියෙන් කතා කලත් නින්දා කරනවා..ටිකක් කතා කලත් නින්දා කරනවා..//
ReplyDeleteහි හි... අර මගේ පෝස්ට් එකට මාරයියා දාලා තිබුන කමෙන්ට් එකට රිප්ලයි එක විදියට මං මේක දාන්නද මාරයියේ.....?
සාදු සාදු සාදු
ReplyDeleteතම්බි ගැනත් ලියපන්කො මාරයියේ හොද දෙකක්
ReplyDeleteසාධු සාධු !!
ReplyDeleteදැන් බුදුරජාණන්වහන්සේ දේශනා කල වදාල ඔය බණ කතාව අහලා එලියට ආපු අතුල උපාසක උන්නැහෙ ඇතුලු පිරිස ඒ දේශනාව ගැන මොකද දන්නෑ කිව්වෙ!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හික්ස් ... මටත් ඕක හිතුනා .... :D
Deleteකාලෙකට පස්සේ "මාර" බණක්
සාධු , සාධු
ආ අවුලක් නැහැ ඒ පාර උන්දලා කස්ටියම සෝවාන්...
Deleteපන්ච් ලයින් එක දැන්නේ වැටිලා තියෙන්නේ ... ☺
Deleteකාලෙකින් බණක්
ReplyDeleteසාධු සාධු සාධු .!!
ReplyDelete