"ඔයා හරි අපූරුවට ලියනවනේ... බ්ලොග් ලිය ලිය ඉන්නෙම නැතිව ලියන්නකෝ පොතක්.."
ඔය කියමන කමෙන්ටු අතරින් මතු උන බ්ලොග් කාරයෝ කාරියෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා නෙව.. ඔච්චරම උසස් ආකාරයටම නොවුනත් මටත් දෙතුන් පාරක් ඔය කතාව අහන්න උනා.. ඒත් ඕක ඇත්තටම කරන්න පුළුවන් වැඩක්ද..?
ඔව් මොකද බැරි... බ්ලොග් එකක් ටික දවසක් හරි ලිව්ව කෙනෙකුට පොතක් ලියන්න බැරි වෙන එකක්නං නැති වෙයි..අළුතින්ම නොලිව්වත් තමුන් ලියාපු බ්ලොග් සටහන් ටිකක් තෝරාගෙන නැවත සකස් කර ගත්තාම ඒක කර ගන්න බැරියෑ..හැබැයි ඉතිං වියරණ දොස් එහෙමනං සෑහෙන්න හිටිවී.. ඒත් මොකද ඒවටනේ එව්වා දන්න කියන අය ඉන්නේ.. එහෙම කෙනෙකුගෙන් ආධාර උපකාර ලබාගෙන ඒ අඩුවත් සකස් කොර ගන්ට බැරියෑ... ඊ ළඟට මුද්‍රණය.. ප්රකාශනය වගේ කටයුතුත් මහ ඇණයක් උනාට උවමනාව ඇත්නං එව්වත් ගොඩ දාගන්න බැරි වෙන එකක් නැහැ... ඒත් ඊ ළඟට..?
ඔව් අලවිය...? ආන්න පුරස්නය...අර මුලින් ආරාධනා කරපු අයවත් පොත ලිව්වට පස්සේ එයින් පිටපතක් ගනිවිද..? ඔතනදී තමා පොත් කෙරුවාව එපා වෙන්නේ... ආන්න ඒ වගේ වෙලාවට අර පොත් ලියන්ටය කියාපු උදවිය ගැන කන්ට කේන්තියක් උනත් එන්ට බැරි නැහැ... ඔය පොත් ප්රකාශනය අලවිය ගැන එහෙමටම දැනුමක් නැතත් මංතුමාට ලංකාවේ මිනිස්සු ගැන තරමක දැනුමක් තියෙන හින්දා ඔය වගේ දිරිගැන්වීම් වැඩි දෙයක් කල්පනා නොකර පොත් ලියන්ට හදන අයත් එක්ක විටින් විට ඔය කාරණා ගැන කතා බහ කොරලා තියෙනවා...
ලංකාවේ මං දන්න තරමින් පොතක් එළි දක්වන්න ක්‍රම දෙකක් තියෙනවා..එකක් තමා පළපුරුදු ප්‍රකාශකයකු හරහා...ඒත් කවදාවත් අහන්න නොලැබුන නමකින් ලියාපු පොතක් පල කරන්න ඉදිරිපත් වෙන ප්‍රකාශකයෝ එහෙමට නැහැ..කවුරු උනත් කැමතියෑ අවදානමක් ගන්ට... බ්ලොග් වල අපි කොයි තරං පස්ට ගගහා ලිව්වත් පොත් පත් කියවන බ්ලොග් නොකියවන පාඨකයින් අතර කීයෙන් කීදෙනාද අපි ගැන දන්නේ..? (අනාගතයේදී මේ තත්වය වෙනස් වෙයි..ඒත් දැනට ඇති තත්වයනං ඒ හැටිම යහපත් නැහැ කියන එකයි මගේ මතය) එහෙව් එකේ අපි ලියන පොතක් මුද්‍රණය කරලා ප්රකාශනය කරන්න කවුද එක පාරට ඉදිරිපත් වෙන්නේ... එහෙම බාරගත්තත් එයින් අපට ආර්ථිකමය අතින් ලොකු වාසියක් හිමි වෙයි කියලා හිතන්නත් අමාරුයි.. මූලික වශයෙන් අත්තිකාරමක් ලැබිලා එයින් පසුව විකිණෙන හැටියට ගානක් ලැබෙයි... එහෙමත් නැත්තම් එක පාරම සුළු මුදලකට පොතේ අයිතිය පවරා ගනී...
ඒ ක්‍රමේට නැතිනම් ඉතිං තව විදියකට තියෙන්නේ තමුන්ගේ අතේ මුදලින් මුද්‍රණය කරලා තමන්ම බෙදා හැරීම... ඒක මහන්සිය වැඩි වැඩක්... මුද්‍රණාල පස්සේ දුවණ්නයි.. නීතිමය වලංගු භාවය වෙනුවෙන් කටයුතු කරන්නයි.. රට පුරා ඇවිදින්නයි.. ණයට පොත් දාලා පස්සේ විඩෙන් විඩේ මුදල් එකතු කරන්න යන්නයි... කාටද ඒ තරමට කට්ටක් කන්න පුළුවන්... ඔය වගේ දේවල් හින්දා පොත් ලියන්න කියන පලියට ලියන්න ගියොත් ඒ කෙනා සෑහෙන අමාරුවක.. ඒත් ඉතිං පොඩි කාලේ ඉඳන් කියවන රුදාව තිබුන..පුළුවන් වෙච්ච කාලේ ඉඳන් අකුරු දෙක තුනක් පටලවගෙන ලියන කියන කාට උනත් තමුන්ගේ ලියමන් පොතක අච්චු අකුරු හරහා බලන්න තියෙන්නේ ලොකු ආසාවක් වග අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...
ඉතිං ඒ අමාරුව ඉහට ගහලා පොත් ලියන්න තදියං වෙනවට වඩා ටිකක් ඒක කරන ආකාරය ගැන හිතලා මතලා අධ්‍යනය කරලා වැඩේට බහිනවනං කාටත් හොඳයි... මොකද අච්චු අකුරු වලින් තමුන්ගේ පොතක් ගහන්ට ඇති ආසාව ඉස්ට කරගත්තට එයින් පස්සේ තමුන්ගේ පොත් ගේ මුල්ලක තියං වේලි වේලි ඉන්ට කවුරුවත් ආසා නැති වෙන්ට ඇහැකි නිසා...
අද මේ එක පාරට පොත් අච්චු ගැහිල්ලක් ගැන මතක් උනේ ඇයි..?
ආ ඒ ඊයේ අර පොත් පොරදර්ශනේ බලන්ට මාත් ගිය හින්දා... එතකොට ඉතිං ඔය වාගේ දේවල් කල්පනාවට එනවා... මම උනත් පොත් බලන්න ගියාට එහෙමට පොතක් කියලා එකක් ගත්තේ නැහැ. යන්තං එකක් දෙකක් ගත්තා.. වැඩි හරියක් අත ගාලා බලලා ආපහු ආවා. පොත් කියවන්න ආස උනත් අපේ තත්වය උනත් ඔහොමනං අනිත්වා ගැන කුමන කතාද..?
ඔය අස්සේ ඉතිං තව බුවාලා හම්බ උනා..හැබැයි පොත් ගන්න නෙවෙයි උන්දලා ගිහිං හිටියේ..දඩි කැමරා අරං ගිහින් පොරදර්ශනේ බලන්ට එන ගෑල්ලමයින්ව පොටෝ අල්ලන්ට..දැන් අහන්ට එපා ඒ කවුද ඒ කියලා... එහෙම බුවාලත් හිටියා එච්චරයි...:D
හරි ඒත් එක්කම කියන්ට ඕන වැදගත්ම දෙයක් තමා දැන් ටික දවසකට කලින් ඉඳලා උවමනාව තිබුන පොතක් ඊයේ ගන්ට පුළුවන් උනා... ඒ තමා අපේ තවත් බ්ලොග් කරුවකු වන ගාමීණී සමරකෝන් අයියගේ "යාල නැගෙනහිර අහිමි වනමං" කියන පොත..ඒක විතරක් නෙවෙයි ඒත් එක්කම තිබුන එයින් පස්සේ ගාමිණී අයියම ලියාපු තවත් පොතක් ගත්තා.. ඒකේ නම මතක නැහැ මොකද අද වැඩ පොලට එද්දී ඒක අරං ආවේ නැහැ..ඔය කියාපු පොත විතරයි අද ගෙනාවේ.. මේ දැන් තමා කියවලා ඉවර කලේ...
ඇත්තටම එක හුස්මට කියවලා අහවර කරන්න ඇහැකි පොතක්... මේ දවස්වල ප්‍රදර්ශනය බලන්න යන කාට උනත් හැකියාවක් ඇත්නං දයාවංශ ජයකොඩි එකේ ප්‍රදර්ශන කුටියට ගෙහුන් පොඩ්ඩක් හොයලා බලන්ට... සිංහල බ්ලොග් වලට හුඟාක් පරණ නොවුනත් ගාමිණි අයියා ලේඛනයට පලපුරුදු දක්ෂ මනුස්සයෙක්... දයාවංශ එකේ ප්‍රදර්ශන කුටිය තියෙන්නේ B හෝල් එකේ...130 සිට 137 දක්වා වන කුටි ටික එයාලා කරන්නේ.. අන්න ඒක මැදම තියෙනවා පොත් දෙකම ටිකක් ගිහින් කියවලා බලලා කැමතිනං පොත් දෙකෙන්ම පිටපත බැගින් ගත්තනං බොහෝම වටිනවා... වැඩි මිලක් වෙන්නෙත් වට්ටම් ලැබුනම පොත් දෙකටම උනත් රුපියල් පන්සීයක් වෙන්නේ නැහැ...
ඉහත නම කියාපු පොත ගැන කියනවනං මෙකෙදී ගාමිණී අයියා කතාව පටන් ගන්නේ පත්වීම ලැබිලා පළමු වතාවට මඩකලපු කෝච්චියේ නැගලා බස්නාහිර පළාතේ කොනේම ඉඳන් නැගෙන හිර පළාතේ කොනකට වටකුරු මාර්ගයකින් ගමන් ගැනීම කියන තැනින්... මඩ කලපු කෝච්චියේ ගිහින් අත්දැකීම් තියෙන නිසා උන්නැහේ කතාව පටන් ගන්න තැන ඉඳන්ම කතාව උපරිම හොඳින් විඳින්ට හැකියාවක් මට ලැබුනා..මඩකලපු කොච්චියේ ගෙහුන් නැති කෙනෙකුට තමුන් ඒ කෝච්චියේ යන කෙනෙක් ගානට ගමන දැනෙන්ටත් ලියවිලා තියෙනවා....
එතැන් පටන් උන්නැහේගේ නැගෙනහිර වනයක් තුල ගෙවුන වසර කිහිපයක අත්දැකීම් හරි අපූරුවට පෙලගස්සලා තියෙනවා.. ඒ විතරක් නෙවෙයි ඒ වනාන්තර තුල වෙසෙන සතුන් ගැන වෙන වෙනම අපූරු විග්රහයන් ටිකක් කරලා තියෙනවා... උන්ටම ආවේණික ගති ස්වභාවය..හැසිරීම්... ඒ නිකංම නෙවෙයි ඒ හා බැඳුන කතා ගොන්නකුත් එක්කම... ඒ අස්සේ ඔන්න අපේ අර හෙන්රි ගොයියත් ඉන්නවා...
අවසානයේදී කතාව අහවර වෙන්නේ යුද්ධයත් එක්ක නැගෙනහිර කැලයෙන් ඉවත් වෙන්න සිදු උන කතාවත් එක්කමයි.. එයින් පසුවට පසු ලිපියක් හරහා එයින් පසුවට සිදු වූ හරියත් එක්කාසු කරලා තියෙනවා...
මට මේ පොතේ වැදගත්ම දේ තමා අපි තනි බුක්තියට කියලා හිතාගෙන ජීවත් වෙන ලෝකයේ සත්තුන්ට ඇති අයිතිය කොයි තරම්ද කියලා අවබෝධ කරවන්න ගාමිණි අයියට හැකි වෙලා තිබීම... අපි සත්තු වත්තේ කුඩුවක් ඇතුලේ ඉන්න කොටියෙක් දිහා බලලා ගෙදර ආවට කොටියකුගේ ජීවිතය කොයි තරම් දේවල් එක්ක බැඳිලා තියෙනවද කියන එක කවදාවත් හිතන්නේ නැහැනේ... ඒත් මනුස්සයෝ වගේම උනුත් ජීවිතේ පවත්වා ගන්න ගෙනියන සටන අපිට අර සත්තු වත්තේ කොටියා දිහා බලලා කවදාවත්ම ඉගෙන ගන්න වෙන්නේ නැහැ.. ගාමිණි අයියා කතා කරන්න බැරි හුඟක් සතුන් වෙනුවෙන් එයාලගේ කතාව අපිට කියනවා බොහෝම සරලව... ඒ වගේ වටිනාකම් රැසක් ඇති පොතක් තමා මේ "යාල නැගෙනහිර අහිමි වනමං" කියන පොත... තව කෙනෙකුට පොතක් ලියන්න කියලා කියනවට වඩා බොහෝම පහසුවෙන් දැනට බ්ලොග් කරුවෙක් ලියා ඇති පොතක් අරගැනීම වඩාත් අර්ථ සම්පන්නයි කියලා මම හිතන්නේ ඒ හරහා අමුතුවෙන් නොකිව්වත් පොතක් ලියන්න හිතන් ඉන්න එයට දක්ෂතා ඇති කෙනෙකුට මේ දේ වඩාත් යහපත් පණිවඩයක් වෙයි කියලා දැනෙන නිසයි...

හරියටම හරි...
ReplyDeleteස්තූතියි කිව්වා...
Deleteඅද බ්ලොග් කීපෙකම මේ වගේ බ්ලොග් ගියන අයගේ පොත් ගැන දැක්කා... ඇත්තටම පොතක් පළ කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි තමයි... ප්‍රධාන ප්රශ්නය අලෙවි කරගැනීම.. වෙච්ච ණය ටික බේරන්න හරි පොත් ටික විකුණගන්න එපායෑ... සති අන්තේ යන්න හිතාගෙන ඉන්නවා... අත මිටත් හිඟයිනේ... ඒකයි වැඩේ පස්සට දාලා ඉන්නේ.. හි හි..
ReplyDeleteමෙදා පොටේ සෙනඟ අඩුයි වගේද මාරයියේ....
පවු අප්පා වෙනි අයියා.... ගෑණු ලමයින්ගේ ෆොටෝ කෙසේ වෙතත් ලස්සන ෆොටෝ ටිකක් නම් දාලා තිබුනා...
සෙනඟ අඩුයි නංගි..මං හිතන්නේ 20යි 20 තමා කාරණේ.. ප්‍රදර්ශනේ ඇතුලෙත් වෙනම කෑල්ලක ලොකු ටීවී එකක් අටෝලා මැච් එක පෙන්නනවා..එතනත් බර ගානක් එකතු වෙලා ඉන්නවා..ඉතිං කුමන කතාද... හැබැයි ඒකෙන් තද බදයක් නැතිව තමන්ට නිදහසේ පොත් බැලියැකි... අතමිට ගැන නොහිතා ගිහින් අඩුම ගානේ බලලවත් එන්න... පුස්ථකාලයකින් කියවිය හැකි පොත් අතෑරලා ගෙදර තිබුනට පාඩු නැහැයි කියලා හිතෙන එකක් දෙකක්වත් ගන්න...
Deleteවෙනී අයියා පොටෝ ගහලද..?
ඇත්ත කතාව.. පොත් වලට වෙල තියෙන දේ වෙනස් කරන්න පුළුවන් වෙයිද මන්දා???
ReplyDeleteමේ ලෝකේ අමාරු දේවල් මැස බැරි දේවල් නැහැ... සුද්දා කියලා තියෙන්නේ ට්‍රයි කොරන්ට කියලා නෙව...
Deleteපොත ගැන දැනුවත් කිරීමට ස්තූතියි.
ReplyDeleteමාරයාටත් පොතක් ලියන්න හිතිලද?
පොතක් ලියන්න අත ගහලයි තියෙන්නේ..තාම මුල් පිටු 5හ විතරයි...තව අවුරුදු 10කින් විතර ආයේ පිටු ටිකක් ලියවෙයි...:)
Deleteපුලුවං උනොත් ගිහිල්ල බලමු.
ReplyDeleteඅර කොලම්බු සෙවන් හාදය වෙන්න ඇති ඔය තඩි කැමරා අරං ගිහිං තියෙන්නෙ. :D
ඔන්න මංනං කාගෙවත් නමක් ගමක් කිව්වේම නැහැ...
Deleteආ මල්ලි මේ පොත ගත්තද ? මමත් කාලෙකට උඩදි අරන් කියවලා පුස්තකාලෙට දන් දුන්නා..දන් ඒක ගොඩක් අය කියවනවා.. අනිත් පොත සහ ඉංග්‍රීසි පොත ගන්න ඕනි.. හැබෑටම කවුද මල්ලිට හම්බ උනේ ඊයෙ ? ඔය ගොල්ලො එන බව දන්නවනම් මාත් එනවනේ ඒ වෙලාවටම.. හම්බ වෙලා කතා කරන්න තිබ්බ හොඳ චෑන්ස් එකක් මඟ ඇරිලා ගියා නොවැ..
ReplyDeleteආනේ වෙනී අයියා..දැකපු කල් ඈ...?
Deleteඉතිං ඔයත් ඔය පොත ගත්තද හා හා...
ආ ඊයේ හම්බ උනේනං මේ මහ එපා කරපු වැල කතා ලියන්නෙක්නේ... ඒකා එහෙදිත් ගෑල්ලමයි පස්සේ කැමරාවක් හොරෙන් අටෝ අටෝ යනවා දැක්කා...
අපරාදේ නේද චෑන්ස් එක..?
නියම අදහස මාරයා.අද පොතත් ෆැෂන් එකක් වෙලා.ඒකයි කනගාටුව
ReplyDeleteපොත් ෆැෂන් වීම කියන කතාවට කියන්නනං කතා ගොඩයි...
Deleteගාමිණි අයියගෙ බ්ලොග් එක මම කියවනව. ඒක හොඳ බ්ලොග් එකක්.
ReplyDeleteමම මේ සිරාවටම කියන්නෙ මාරයියෙ. ඔයා පොතක් ලිවුවොත් අනිවා මම ඒ ගැන බ්ලොග් පෝස්ට් එකකුත් ලියල, ඒකෙ ෆොටෝ එකකුත් දානව.
ඔන්න ඕකනේ කියන්නේ..නිකමට කිව්වනං "අයියේ මං පොත් පහක්ම විකුණලා දෙනවා" කියලා මට හිතලා බලන්නවත් තිබුණා... ඔහොමද අප්පා දිරිමත් කරන්නේ..?
DeleteLike. :)
ReplyDelete:)
Deleteදැන් ඔය පළපුරුදු ලේඛක මහත්තුරුත් පලවෙනි පොත ලියලනේ ගමන පටන් අරන් තියෙන්නේ .., මාරයියා බය නැතිව පොතක් ලියන්න..... පොත් ටිකක් අතින් වියදම් කරගෙන ලිව්වට පස්සේ නිකම්ම ප්‍රවීන ලේඛකයෙක් වෙනවා.. ප්‍රකාශකයෝ හොයා ගෙනම එයි පොත් ලියව ගන්න... මම පුස්තකාලෙකින් පොත අරන් කියවන්නම්..
ReplyDeleteමම පොතක් ලියන්න ආසාවෙන් ඉන්නවා කිව්වම අරුණි අක්කා දීපු ලින්ක් එකක් තියෙනවා.. ඒක මෙතන දාන්නම්.. කාට කාටත් ප්‍රයෝජනවත් වේවි..
ReplyDeletehttp://arunishapiro.wordpress.com/2010/07/12/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7-%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8/
@ හරී
Deleteමේක නම් වටිනවා ඕන් :)
මමත් හරීගේ මේ ලිපිය කියෙව්වා.
Deleteඅපේ තාත්තත් මට බල කරනවා පොතක් ලියන්න කියලා..
ReplyDeleteඒත් මට එකෙන් මේ බ්ලොග් එකක් ලියනවා තරම් තෘප්තියක් එන්නේ නැති නිසා ඒ වැඩේ කල් යනවා..
හම්..........
ReplyDeleteකියවන්න කෙසේ කියෙව්වත් ලියන්නා [වෙනි අයියා නෙමේ] සිහිබුද්ධියෙන් ලිවිය යුතුය :D
ReplyDelete:-)... Man nama wenas karanna ooni..
Delete"හසන්ත හෙට්ටිආරහ්ච්චි මහත්තයෝ, මනුස්සයෙක් තමුන්ගෙ ජීවිතේදී කරන්න ඕනැ වැදගත්ම දේවල් දෙක තමයි පොතක් ලිවීම සහ පුතෙක් හැදීම" යැයි සූරියප්පෙරුම මහත්තය කියල තියෙනවා. ඒත් ලියපු පොත අලෙවි කිරීම මෙන්ම හදපු පුතා/දුව ලොකු මහත් කර ගැනීමේ අමාරුව ගැන උන්දැගෙ කතාව අහන කෙනෙකුට එක පාට්ටම තේරෙන්නෙ නැහැ.
ReplyDeleteමාරයා, පිටු 200 ක පමණ පොතක් මුද්‍රණය කිරීමට සහ බෙදා හැරීමට ගත වෙන මිළ ගණන් දක්වන්න පුළුවන්නම් ඒක ගොඩක් වටිනව.
Deleteඅසව්...අසව්...අසව්....වර්ගපූර්ණිකාව මුද්‍රණද්වාරයෙන් එළි දැක්වෙන වගයි. පිළිගැන්වීම රාවන අධිරදුට. ස්තුතිය - ඇනො වන් රිග් සහ රාචි පුතාට.
Deleteවර්ග පූර්ණිකාවෙන් පොතක් ලිව්වොත් නම් අම්මපා මම නම් එකක් ගන්නවමයි
Deleteවැඩේ තියෙන්නෙ බුවා - ඒ පොත කිවද්දි අපේ හිතේ බුර බුරා නැගෙන ආවේගේ පිටකරගන්න කමෙන්ට් තීරුවක් නැති එකයි!
Delete@ බුද්ධි,
Deleteපොතේ අන්තිමට සටහන් කියලා හිස් කොළ ටිකක් දාන්න කියමු..
හරී, ඒකත් හොඳ අදහස. නමුත් පේන්නෙ අපිට විතරයි. හැබැයි පොත අතින් අතට යද්දි වැඩේ ටිකක් නැගලා යයි :)
Deleteමම දැක්ක පොතක් එක්ක පොටෝවක් දාල තියෙනවා...
ReplyDeleteටීවී එකක් අටවලා මැච් එක පෙන්නපු එකනම් ලොකූ දෙයක් මාරෙ පොත් ගන්න ආපු උන්ට. හෙහ් හෙහ්.
ReplyDeleteහැබෑට උඹ කියන ඔය ලොකු කැමරාවක් අරන් කෙල්ලංගෙ පස්සවල් ෆෝටෝ ගන්න ගිය පපරට්සියා කවුරු වෙන්න පුලුවන්ද? හොටු බ්‍රේකර් රැවුලක් හෙම තිබ්බද?
ගාමිණී බුවා මාර වැඩ කාරයා තමයි බං. උඹ දැකලා තියෙනවද අඳින චිත්‍ර හෙම. ඔය බ්ලොග් එකේ වෙන පේජ් එකක ලෝඩ් කරලා තියෙන්නෙ. (අර මාරෙ ගත්ත පොතේ චිත්‍ර තියෙනවා නම් ඒවත්)
එකදවසක් බුවා යාලුවො වගයක් එක්ක පොලීසියට ගිහින් මොකක්දෝ වැඩකට ඕ අයි සී හම්බවෙන්න. ඒ ගමන් අපේ ගෙදර ආවා. මම කිව්වා "මම ඔය ඕ අයි සී දැකලා ඇති, අඳුනන්නෙ නෑනෙ. කොයි වගෙද මචං පොර කියලා." ගාමිණී අයියා ගත්ත කොලේකුයි පැන්සලේකුයි පට් පට් ගාලා ගැහුවා ඉරි ටිකක්. "මෙන්න මූ මචං" කියලා මගෙ අතර දුන්නා. උඹ කියන්නෙ අර බුවාගෙ පට්ට කාටුන් එකක්. දැක්කගමන් මම බුවා අඳුනා ගත්තා. ඒක දැකපු ඔක්කොටම හිනා. ඒක අති දක්ෂ කාටුන් ශිල්පියෙකුට විතරක් කරන්න පුලුවන් වැඩක්.
//ඒ අස්සේ ඔන්න අපේ අර හෙන්රි ගොයියත් ඉන්නවා...//
ඔව් බං පව් කියලා මටත් සුළු චරිතයක් දුන්න රඟපාපං කියලා:D
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
පොත් ප්‍රදර්ශනයට වඩා උඹගේ පරමාර්තය ඉතා වටිනවා...
ReplyDeleteමමත් ගාමිණි මහත්තයාගේ බ්ලොග් එකේ මේ පොත ගැන දැක්ක ගමන් මෙහෙ පොත් සාප්පු වල බැලුවා. හොයාගන්න බැරි උනා. ඉරිදටවත් එන්න ඕනි කොළඹ රටේ ඇවිදින්න.
ReplyDeleteමාරයියේ...උඹේ මේ ලිපිය ගොඩක් වටිනවා. හොද දෙයක්. අපිට අපි කියන එකේ හරිම තේරුම උඹ පහදල දුන්නා.
ReplyDeleteමාරයා අයියෙ..........මමත් අද ගියා... අද නම් හොඳට සෙනඟ හිටියා...මම පොත් ගත්තෙ නැහැ... අද සෙට් එකේ හිටියෙ 3යි. අපි 23 සෙට් වෙනවා.. ඉරිදා.. එනවාද?
ReplyDeleteමාරයෝ, ඔයා කියපු කතාවේ අනිත් පැත්ත කරපු කෙනෙක් විදියට ඔය සම්බන්ධයෙන් මගේ අත්දැකීම් කියන්නම්... බ්ලොග් හෝ ඉන්ටර්නෙට් දැකලවත් නැතුව මම උසස් පෙළ එකපාරක් නාගෙන දෙවෙනි පාර කරනකොට විභාගේ පැත්තකට දාල (දෙපාරම නෑව) කරපු වැඩක් තමයි ඔය පොත් ලිවිල්ල.. ලියපු පොත ගැන මම මගේ බ්ලොග් එකේ දාල තියෙනවා..
ReplyDeleteලියන්න හැකියාවක් තියෙනව කියල තේරුම් ගත්තේ විදුසරට විද්‍යා ප්‍රබන්ධ ලියල, ලංකාදීපෙට කවි ලියල... ඔය හැම එකේම තිබ්බේ ලව්සික් ..
විද්‍යාප්‍රබන්ධ ඇතුළට කෙල්ලගේ නමයි උපන්දිනයි දාල කෙල්ලව ප්‍රධාන චරිතේ කරල හිතෙ තියෙන හැම දේම කතා විදියට ලිව්වා.. එහෙම නැති ඒවත් ලිව්වා.. විභාගෙට පාඩම් කරනව කියල රෑ තිස්සේ ලිව්වේ විද්‍යාප්‍රබන්ධ.. විභාගෙට මාසයක් වගේ තියෙද්දි මම ලියපු කතා අටක් සම්පූර්ණ පොතේ කවර නිර්මාණය,සැකසුම ඔක්කොම තනියම කරල (දාපු පින්තූර හොයා ගත්තේ ඒ දවස් වල බලපු ෆිල්ම්ස් වලින් හික් හික් වෑන් ඩෑම්/ශාරුක් කාන්/තව රෙඩ් ෂූ ඩයරි සීරීස් එකේ හිටපු පට්ට කෑල්ලක්) ඔන්න ඔය වගේ ඒව වී.සී.ඩී කටර් එකෙන් කපල ෆොටෝ සොප් 5.0 හරි 5.5 හරි වලින් එඩිට් කරල සම්පූර්ණ පොතක් හැදුව පිටු 108කද කොහෙද..
ඊට පස්සේ පොතේ කොපියක් ආතර් සී ක්ලාක්ට දීල පොතේ පිටිපස්සේ දාන්න එකකුත් ලියා ගත්තා(උපේ කරල කැම්පස් ගිහින් පට්ට පොරක් වුණත් ආතර් සී ක්ලාක් එක්ක ඉඳල පින්තූරයක් ගන්න/පොරගෙ අත්සන එක්ක පොතක් ගන්න/තමන්ගේ පොතක් පොරට දෙන්න මේ ලංකාවෙ කීයෙන් කී දෙනාටද පුළුවන් වෙලා ඇත්තේ කියල අදටත් මම මෝඩ ආතල් ගන්නවා.. හික්..).. ඔය දේවල් කලේ මහා ලොකු සම්බන්ධ කම්/ලොකු ලොකු උදවියගේ ඇඳුරුම් කම් මොකුත් නැතුව...නිකම් ම නිකම් කොල්ලෙක් විදියට.. (ලව්සික් තදටම සහිත)
පස්සේ ගෙදර මිනිස්සු තේරුම් ගත්තා මට තියෙන උණේ සොබාවේ.. ඊට පස්සේ තාත්තයි මමයි පොතේ කොපි අරගෙන ඇවිද්ද ඔය නමගිය හැම ප්‍රකාශකයෙක් ගාවටම.. කවුරුත් ගනන් ගත්තෙ නෑ... ඉස්කෝලේ යන කොල්ලෙක් ගෙ නේද කියලවත් සැලකුවේ නෑ.. ඊට පස්සේ අපේ මාමාගෙන් සල්ලි ණයට ඉල්ලගෙන ගෙවල් ළඟ තියෙන ප්‍රෙස් එකකින් ප්‍රින්ට් කලා... පොත් 1000ක් ප්‍රින්ට් කරන්න ඒ දවස්වල ගියා 60,000ක් විතර..
ඉස්කෝලේ මේන් හෝල් එකේ දොරට වැඩුමේ උළෙලකුත් කරල...ගම්පහ ඔය බොහෝම ප්‍රසිද්ධ උපේ සර්ලගේ ක්ලාස් වල හෙන පබ්ලිසිටිත් දීලා.. (සික් මට වෙනම බ්ලොග් පෝස්ට් එකක් දාන්න තිබ්බා.. හික් )ප්‍රින්ට් කරපු පොත් ටික අරගෙන ගියා පොත් කඩවල් ගානේ.. 30%-40% අතරේ වගේ කොමිස් අරගෙන ගොඩක් අය පොත් නම් විකිණුවා...
පුස්තකාල වලටත් ගොඩක් නොමිලෙම දුන්නා..
ඉස්සර අතේ සතේ නැති වෙද්දි පොත්කඩවල් වල බිල් ටික අරගෙන ගිහින් ඔය පොඩි පොඩි ගණන් එක්තු කරගත්තා...
බොහෝම ප්‍රසිද්ධ පොත්සාප්පු වල කොනේම තිබ්බ රාක්කවල යටම තට්ටුවේ තමා මගේ පොත ගොඩක් වෙලාවට තිබ්බේ.. මම ඉතින් ඕවට ගිහින් පොත් ටික අරන් උඩ තට්ටුවල හොඳට පේන්න එහෙම තියල එනවා.. හික්..
මේ වෙනකොටත් ගෙදර පොත් 50-100ක් තියෙනවා.. මීයෝ කෑව 25-50ක් වගේ...
ඔන්න ඔහොමයි මගේ අත්දැකීම්.. අවංකවම හෙනම උනක් හැදිල ලියල පබ්ලිෂ් කරන්න ඕනෙමයි කියල හිතෙනවනම් පටන් ගනින්.. කන්න තියෙන කට්ට ටිකක් අමාරුයි..දැන් හැබයි පහසුකම් වැඩියි.. ප්‍රසිද්ධ ආයතන පස්සෙ යනවට වඩා කර්තෘ ප්රකාශනයක් විදියට කරන එක හොඳයි.. කට්ට කන්න පුළුවන් නම්..
හැබැයි ඔය වැඩේ කලාම අවංකවම හෙන සිරා හැඟීමක් දැනෙනවා.. ගෙදරට එන ඕනේ කෙනෙකුට (ඔන්නම් පොඩි අත්සන් කෑල්ලක් ගහල දිනේ දාල) කොපියක් දෙනකොට වගේ.. හික්..
අනිත් එක අඳුරගන්න ලැබෙන වටින කියන මිනිස්සු.. ජීවිතේට සෑහෙන්න වටිනවා..
ලාබ ලබන්න අදහසක් නම් තියා ගන්න එපා.. අපි වගේ උන්ට ලාබ ලැබෙන්නේ නෑ..
හැබැයි දැනෙන ආතල් එක නම් පට්ට...
මමත් පොතක් "ගහන්න" හිතාගෙන හිටියා. මුලින්ම කතා20/30 ක් දාලා සාමාන්‍ය පොතක් වගේ. පස්සෙ එක කතාවකට චිත්‍ර දාලා ලොකු පොතක් වගේ. ඊටත් පස්සෙ ලේඩිබග් කාරයෝ පොත් ගහන අර පොඩි සයිස් පොත් පෙලක් ගහන්න.
Deleteඔහොම උනන්දුව ආවට පස්සෙ මම දැනටමත් පොත් ප්‍රින්ට් කරලා තියෙන බ්ලොග් කාරයෙක්ගෙන් විස්තර ඇහැව්වා, අර අරුණි අක්කාගේ ලිපියත් බැලුවා. එතකොට මට හිතුනා දෙපාරක් හිතන්න ඕනේ නේද මේ ගැන කියලා.
ඒ කොහොම උනත් කඩදාසි සුවඳ හමන අලුත් ම පොතක මගේ කතාවක් තියෙද්දි කොහොමට තියෙයි ද කියලා මම මානසික ආතල් නං එමට අරං තියෙනවා. පැතුම්ගෙත්, සුදීකගෙත් විස්තර ඇහැව්වම මට හිතෙන්නෙ මෙහෙම දෙයක් කරන්න. දැන් කාලේ යන ස්ටෝරි වෙඩින් ඇල්බම් එකක් වගේ මගේ කතාව ලියලා එයින් එකක් ප්‍රින්ට් කරලා ගෙදරට එන අයට බලන්න සාලෙ පෙනෙන තැනෙකින් තියන්න.
කෝමද අයිඩියා එක!:)
ඇත්ත කියලා තියෙනවා...
Deleteඉස්සර මම අපේ මාමාගේ ප්‍රින්ටින් ෂොප් එකේ වැඩ කරන කාලේ අපිත් පොත් ගැහුවා.. ටයිප් සෙටින් කරලා, ලේඅවුට් හදලා , පෲෆ් බලලා ( ගොඩක් වෙලාවට ඒ වැඩේ පැවරෙන්නේ මට... සිංහල උණක් තියෙනවානේ... හි හි..) දෙපාරක් තුන් පාරක් ප්‍රින්ට් අවුට් අරගෙන, මයිලෝ ගගහා වැරදි හද හද ,අන්තිමට ප්‍රින්ට් කලාට පස්සේ අතින්ම ගැදර් කරලා ඉවර වෙනකොට මට පොත ලියපු කෙනාට වඩා පොත කටපාඩම්.. මොකද ඔය ඔක්කොම වැඩ ටිකට මං අතගහනවානේ... හි හි..
ඔක්කොම වැඩ ඉවර කරලා බණ්ඩ්ල් පිටින් ගේනකොට පොතක් ලිව්වා වගේම සතුටක් දැනෙනවා...
මගේ යාලුවෙකුට තියෙනවා ප්‍රින්ටිං මෙච්චා එකක්. හිරු කියලා තියෙන දේවල් ගැන මටත් අද්දැකීම් තියෙනවා. හැබැයි පෲෆ් බලන්නෙ පොතේ කතෘ මෙහෙනම්!
Deleteමේකනේ බුද්ධි ප්‍රශ්නෙ ඔතන... පොත ලියන කෙනාට ඒක ලියන් යද්දි හිතේ තියෙන දේවල් ටික, ආපහු අපහු කියවද්දිත් ඒ විදියටම පේනවා මිසක් සමහර වෙලාවට අකුරු වැරදි, වචන වැරදි, ඡේද වල අඩුපාඩු වගේ ඒවා මිස් වෙනවා.... එයා ඇහේ පුරුද්දට බලනවානේ... අන්න ඒක නිසා වෙන කෙනෙක් කියවලා බැලුවම තමයි ඒ වගේ ඒවා අහුවෙන්නේ.. කතෘ බැලුවට පස්සේ ගොඩක් ඒ වගේ වැරදි තිබුණ පෲෆ් මම එයාවත් ළඟින් ඉන්දන් ආයිමත් බලලා හදලා තියෙනවා.....
Deleteඇත්ත කතන්දරයකුත් කියන්න එපැයි... ගොඩක් දැන් ඉන්න අලුත් ලේඛකයන්ට ඇත්තටම වාක්‍ය ගැලපීම, මුර්ධඡ, මහප්‍රාණ අකුරු යෙදීම හරියට කරගන්න බෑ... හැමෝම නෙවෙයි... සමහරු... ලියාගෙන යන ඉක්මණ නිසත් ඒ වගේ දේවල් වෙනවා.... සංස්කරණය කළත් වැරදි තිබුණ පොත් අපි ගාවට ඇවිත් තියෙනවා... ඒ වගේ වැරදි තියෙන පොතත් එළියට දාන එක අපිත් කරන පවක්... ඒකයි ඒ වගේ දෙයක් කරන්නේ....
මෙන්න යථාර්තේ එලි කරලා. අපේ තාත්තටත් පොතක් ලිවීමේ උණක් තිබිල. ගම ගැන පොතක් ලිව්වා, "බෙන්තොට පාරාදීසය" කියල. ඔය පැතුම් කිව්වා බොහේ දේ ඒකේ අත්දැකීම් විදියට අපට එකතු වුනා. ඒ පොත නිසා මමත් පොත් කවර නිර්මාණ ශිලිපියෙක් විදියට (ඉතිහාසයට)එකතු වුනා. ඒ පොත ගහපු කාලේ නැති වුනත් සරසවි සිසුන් දැන් ඒ පොත හොයාගෙන එනවා. අර පොතක් ලියන්න ඕනේ කියන එක චීන විශ්වාසයක් කියනවා නේද? ඉතිං චීනේ ඉන්න හැම ගොයියම පොතක් ලිව්වොත් එහේ රටකජු කාරයන්ට මාර චෑන්ස් එකක් තියෙයි නේද? ආත්ම තුප්තිය වෙනුවෙන් කරනවා නම් වැරදි නෑ. නැත්නම් ප්‍රකාශකයෙක් ලඟට ඇවිත් කිව්වේ නැත්නම් ලියන්න එපා.
ReplyDeleteපොතක් පළ කරන එක කොච්චර අමාරු වැඩක්ද කියලා මිත්තරයෙක් මගින් මම දැනගත්තා... එක්කො තමාමා සම්පූර්ණ විදයම දරාගෙන කර්තෘ ප්රකාශනයක් විදියට එළියට දාන්න ඕනෙ... නැත්නම් ප්‍රකාශකයෙක්ට භාර දීලා සොච්චම් ගානක් අතර අරන් ප්‍රකාශකයා පොතෙන් හම්බකරන හැටි බලන් ඉන්න ඕනෙ... (හැම ප්‍රකාශකයම මේ කියන ඝනයට අයත් නොවේ )
ReplyDeleteමේ පොත නම් හොඳයි වගේ . මටත් පොඩි කාලේ හිතුන පොත් ලියන්න . ලිව්වා නම් ඉතින් කවදාවත් ඉවර කරන්නේ නැති වෙයි . ඊට ලේසියි පොත් කියවන එක
ReplyDeleteපොත් ලිවීමෙන් වගේම මුද්‍රණ කර්මාන්තයෙනුත් සල්ලි හොයන්න හිත හොඳ මිනිස්සුන්ට අමාරුයි . ඒ වුනාට ඒ ගොල්ලන්ගේ ළමයි පොත් වලට ඇබ්බැහි වීම නම් අනිවාර්යයි ..මේ මං වගේ
ReplyDeleteමට හිතෙනවා මමත් කැමති ආකාරයේ කෘතියක් කියලා .ගියාම ගොඩ වෙන්න ඕනෙ ජයකොඩි කුටියට .
ReplyDeleteඕං අයියේ,
ReplyDeleteදඩි කැමරා අරං ගිහින් පොරදර්ශනේ බලන්ට එන ගෑල්ලමයින්ව පොටෝ අල්ලන්ට
මේන් මේකට මේ වගේ ලිංක් එකක් අමුණලා දාන්න අප්පා නිකං ඉන්න එකේ
http://www.liyanna-liyanna.blogspot.com/2012/09/blog-post_19.html :D :D :D
අර අමතක පොත වනදිවි සැරිසර ද?
ලංකාවේ දැනට පවතින වාතාවරණය මත ප්රකාශනයක් කිරීම සදහා ඇති හොදස මාර්ගය කතෘ ප්රකාශනයක් ලෙස ඉදිරිපත් කිරීමයි.
ReplyDeleteමාරයෝ පොත ලියනවනං කොම්පැනියේ නම ගණ පිහිටුවා හදල තියෙන්නේ. "මාරාප්රකාශකයෝ"
පළමු පියවර කියලා එකක් හැමෝටම තියෙනවානේ.
ReplyDeleteපාඩු වෙන්න හරි මොක වෙන්න හරි මං නං පොතක් ලියනවා කවදා හරි.
තේරුණානේ කවදා හරි......... :)
හැබැයි මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඔන්න අපි හිතමු මාරයියා පොතක් ලිව්වා. පබ්ලිෂ් කලා. පොතේ නම අපි හිතමු මාරයාගේ හෝරාව. ඉතිං කියන්න දෙයක් නැහැනේ පොත කියවන්න පුළුවන් මට්ටමක තියෙයිනේ. :D හැබැයි වැඩියේ මෙයා ගැන නොදන්න නිසා බුක් ෂොප් වලින් ගන්න හොරයි. දැන් තමයි අපේ වැඩේ තියෙන්නේ.
ReplyDeleteඅපි යනවා ගොඩගේ එකට තුන් හතර දෙනෙක්. සතියේ එක එක දවස් වලට. ගිහින් අහනවා.
"මේ අර අලුත් පොත මාරයාගේ හෝරාව තියෙනවද?" කියලා
"ආ එහෙම පොතක් අපි අහලා නැහැනේ."
ඊ ගාව එක්කෙනා, දවස් තුනකින්,
"මාරයාගේ හෝරාව තියෙනවද?"
"අනේ අපි ගාවට තාම ආවේ නැහැනේ"
ඊ ගාව එක්කෙනා දවසකින්,
"මාරයාගේ හෝරාව දෙනවද?"
"මේ තිබිලා ඉවරවුනා. හෙට නං ගේනවා." (හැබැයි මෙයාලා තාම පොත දැකලාත් නැහැ)
ඊ ගාව එක්කෙනා ඊ ගාව දවසේ, යද්දි පොත තියෙනවා. සද්ද නැතුව එන්න තියෙන්නේ. ඔච්චර මාර්කටින් කරලා ආයේ ගන්නේ මොකටද නේද? :) ඕනෙ නං ලඟ ඉන්න කෙනෙකුට ඇහෙන්න "මෙන්න පොත, ගන්නවා නං. පුදුම ජීවන දැක්මක් තියෙන්නේ". වගේ කතාවක් කියලා එනවා. (අපිම ඔය අහල පහල අය කියන ඒවා අහලා කොච්චර පොත් අරං ඇද්ද?)
ඉතිං මිතුරනි අපේ යාළුවන්ගේ පොත් අපට මේ විදිහට පැන්සලක් ගන්න කඩේට ගියත් මාර්කට් කරලා එන්න පුලුවන්. :D :D :D
හොඳා හොඳා මාරයෝ.....අද තමා බ්ලොග් එක දැක්කේ....
ReplyDeletewww.ibba.tk
මොකෝ හිතන්නෙ කට්ටිය එකතු වෙලා අරමුදලක් හදලා
ReplyDeleteපොත් ටිකක් මුද්‍රනය කරන එක ගැන
නියමයි . මමත් එතුමාගේ ඔය පොත කියවල තියනවා .
ReplyDeleteමේ පොත් ප්‍රදර්ශනය කවද වෙනකන් තියනවද ?
මාරයා මල්ලිට මම නැවත වතාවක් ණය ගැති වෙනවා පොත ගැනත් ලිව්වට.
ReplyDeleteමලේ පොත ලියන්න වියදමක් යන්නෙ නැති නිසා පටන් ගත්තු පොත ලියලා ඉවර කරන්න. ඒක පැත්තකින් තියලා මාසෙකට පස්සෙ ආයෙත් කියවනකොට, ඒක කපලා කොටලා හදන්න තැන් ගොඩක් තියෙයි. පොත ලියලා ඉවර කරන්න හදිස්සි වෙන්න එපා. ඒ වගේ හත් අට වතාවක් සංස්කරණය කරනකොට එලකිරි වගේ පොතක් ලියවෙයි. ඒක ප්රකාශකයෙකුට පෙන්නලා බලන්න. ප්‍රතික්ෂේප උනොත් තව දෙතුන් දෙනෙකුට පෙන්නලා බලන්න.
මගේ සිංහල පොත් දෙකම ඒ වගේ හත් අට වතාවක්ම කපලා කොටලා සම්බල් කරපු ඒවා. ටිකක් දුලබ තේමාවක් (වනජීවීන්) නිසා දයාවංශ ජයකොඩි මහත්තයා පැකිලීමක් නැතුව බාරගත්තා. ලියන දේවල්වල තේමාව තෝරාගැනීම ඉතාම වැදගත්.
අතින් වියදම් කරලා පොතක් ගොඩ දා ගන්න එක ටිකක් අමාරු වැඩක්. හැබැයි ඉතිං ඒ වගේ දුක දිනා ජයගත් හපන්නුත් ඉන්නවා.
මාරයා මල්ලිගෙ පොත ලියවිලා එලියට එනකම් අපි බලා ඉන්නවා.