මෙයාව මට හම්බ උනේ මං මහණ වෙලා හිටි සංදියේදි තමයි... එදා සතියේ දවසක් වෙන්ට ඕන..ඒකනේ උදේ වරුවේ පන්සලේ කවුරුවත්ම හිටියේ නැතිතේ.. ඉරිදා උදේක වගේනං දහම් පාසලේ ළමයි..ගුරුවරු.. දෙමාපියෝ එහෙම හිටිනවා නෙව... සෙනසුරාදා උදේකනං හෙනහුරු අපල ගෙවන්ට කියලා බෝධි පූජා තියන අය කිහිප දෙනෙක් හරි අනිවාර්යයෙන්ම ඉන්නවා.. ඒ නැතත් ඉස්කෝල නිවාඩු හින්දා කොල්ලෝ කුරුට්ටෝ කිහිප දෙනෙක් හරි ඉන්ට ඕන... ඉතිං එහෙම කවුරුවත් නැහැ කියන්නේ සතියේ දවසක් වෙන්ට ඕන...
සාමාන්‍ය දින චරියාවට අනුව උදේ නැගිටපු වෙලේ ඉඳන් කරන වැඩ ටික.. ඒ කිව්වේ මූණ කට හෝදලා... ආවාසය අතු පතු ගාලා... හීල් දානේ බාර අරං පින් පමුණෝලා.. එයින් පස්සේ මිදුල් එහෙම ඇමදලා ගෙහුන් උදේම නාලා කොරලා හීල වළදලා.. තේ කහට ජෝග්ගුවකුත් හදං ඉස්සරහා හාන්සි පුටුවේ වාඩි වෙලා පොත් පත් බලන.. ලියන කියන වෙලාව...
දන්නවනේ ඉතිං හාන්සි පුටුවේ ඇදි දෙක හරහාට මං අඩියක් විතර පළල අඩි දෙක හමාරක් විතර දිග හොඳ ලෑලි කෑල්ලක් හදං හිටිය කියලා ඔය ලියන කියන වැඩ වලට... තේ කහට කෝප්පේ හාන්සි පුටුවේ ඇන්දේ ඈතින් වෙන්න තියං ඒකෙන් උගුරක් එහෙම ලතාවට බොන ගමන් අවට පරිසරේ නිස්කාන්සුව විඳින ගමන් වැඩ කරන මේ වෙලාව තමා මං දවසේ කැමතිම කාලය ... තව ඉතිං තනි නොතනියට හාන්සි පුටුව යට හෝ එයින් ඩිංගක් ඈතට වෙන්ට පේමන්ට් එකේ කලුවත් ඔහේ වැටිලා බලං ඉන්නවා... ඌ කැමති පිරිත් අහන්ට... නිකං හරි උගුර පාදලා පිරිත් ටිකක් කියන්ට ගත්තොත් කොහේ හිටියත් දුවං ඇවිත් ළඟින් වාඩි වෙන සතා...
ඔන්න ඔහොම ඉන්න වෙලාවට ඉතිං කවුරු හරි පන්සල පැත්තේ ආවොත් කෙලින්ම ඇවිත් ඉස්සරහා තියෙන කෙටි බැම්ම උඩින් වාඩි වෙලා මාත් එක්ක කයියක් ගහන් ඉන්න එකත් ඉඳ හිට සිද්ධ වෙන දෙයක්... සාමාන්‍යයෙන් ඔහොම වාඩි උනාට පස්සේ වැඩිය නැගිටින්න කරන්න මං කැමැති නැහැ.. මොකද අර ලෑල්ල උඩ තියෙන පොත් පත් එක්ක සීරුමාරුවට ඒක උස්සගෙනම හිටගෙන ආයේ ඒක පුටු ඇන්ද උඩින් තියලා යන්ට එහෙම වෙන එක ටිකක් කරදර වැඩක්... ඒත් ඉතිං ඔය දානයක් මානයක් වගේ දේකට ආරාධනා කොරන්න එන උදවිය එහෙම ආවම උන්දලට උවමනා දෙයක් හොයා සපයා දෙන්ට නැගිටින්ට වෙන්නේ නැතිවමත් නෙවෙයි... එව්වා ඉතිං පන්සලත් එක්ක මට පැවරිච්ච රාජකාරි නෙව... එහෙම නැතිව නිකං ඇවිත් යන්ට ආව කෙනෙක් නං ඔහොමම වාඩි වෙලා පැයක් දෙකක් හෝ කයිවාරුවක් ගහලා තමා යන්නේ.. සමහරුනං ආව වැඩේ කිව්වා ආපහු හැරිලා ගියා...
ඉතිං ඕං ඔහොම මං හාන්සි පුටුවේ තප්පලා දාලා ඉන්න අවු අස්සේ තමා මේ යාළුවා මතු උනේ පන්සල ඉස්සරහින්... ආවාසයේ ඉදිරිපිට ඇති පෝටිකෝ කෑල්ලේ නෙව දැන් මං මේ වාඩි වෙලා ඉන්නේ... හරියටම මං වාඩි වෙලා ඉන්න තැනින් අඩි තිහක් විතර දුරින් තමා පන්සලට පිවිසුම් මාර්ගය තියෙන්නේ... අනිත් පැත්තෙනුත් පඩි පේලිය තියෙන මාර්ගයක් තිබුනත් ඒ පැත්තෙන් වාහනයක් උඩහට ගන්න බැහැ... පන්සල තියෙන්නේ තරමක කඳු ගැටයක් මත... කඳු ගැටයේ මුදුන පිට්ටනියක් වගේ සකස් කරලා තමා පන්සල් සීමාව සකස් කරලා තියෙන්නේ... ඒක තරමක ලොක් පිට්ටනියක් වගේ... ඉතිං මේ කියන පිවිසුම් මාර්ගය බොහෝම බෑවුම් මාර්ගයක්... මං දැන් මේ වාඩි වෙලා ඉන්න තැනට ඒක දිගේ එන කෙනෙක්ගේ මුලින්ම පේන්නේ හිසේ මුදුන.. එයින් පස්සේ තමා ටිකින් ටික මුහුණ කට කඳ බඩ මතු වෙලා සම්පූර්ණ සරීරේ පේන්න ගන්නේ...
ඉතිං ඔන්න මට එක පාරට ඔය කිව්ව ආකාරයට හිස් මුදුනක් පේන්න ගත්තා... ඔතන ඉඳන් දැකලා ඇති පුරුද්දටම මට ඔය වෙනකොට හිස් මුදුන දකින කොටම ඒ කෙනා කවුද කියලා කියන්න හැකි තරමේ අවබෝධයක් ඒ වෙනකොට තිබුණා උනත් මේ හිස මං දන්න කියන හිසක් නෙවෙයි... ඉතිං මං ටිකක් උනන්දුවෙන් බලාගෙනම හිටියා මුහුණ කට මතු වෙනකල්... හිස කෙහෙ බාගෙට බාගයක් සුදු වෙලා තිබුන මුහුණේ දිගැටි ගතිය වැඩියි... පැතැලි උස් මුහුණක්..තරමක් හතරැස් ගතිය ඇති... පළල් උරහිස්... හුම්ම්..බොහෝම උස මනුස්සයෙක් නෙව... අඩි හයක්වත් ඇති... උස වැඩි කමටදෝ උරහිස් තරමක් පාත් වෙලා කොන්ද කුදු වෙච්ච ගතියකුත් තියේ... ආවේ පුට් බයිසිකොලයක් තල්ලු කොරගෙන...අත් දිග කමිසයක් ඇඳලා...අත් දෙක මැදක් වෙන්න නවලා... තරමක් කල් යෑම නිසාම පාට හේදුණ ගතියේ සුදු පැහැයකට ළඟින් යන අළු පාට සරමක් ඇඳලා...
මං බලාගෙන ඉන්නවා දැකපු උන්නැහේ මාත් එක්ක හිනාවක් පාන ගමන්ම බයිසිකලේ අහල තිබුන තැඹිළි ගහකට හේත්තු කොරලා ඇඳන් හිටිය ඇඳුම එහෙම සකස් කර ගන්න ගමන් උඩ සාක්කුවෙන් ගත්ත පොඩි පනාවකින් හිස කෙස් ටිකත් පස්සට කරලා පීරගෙන එහෙම ඔන්න ආවා ආවාසේ පැත්තට...
මාත් ලිය ලිය හිටිය පෑන ලෑල්ල උඩින් පැත්තකට වෙන්න තියලා කඳ ටිකක් කෙලින් කොරලා බලං උන්නා... ඔන්න උන්නැහේ ඇවිත් ඉණ ගාවින් අංශක අනූවකට ආසන්න කෝණයක් අරගෙන හිටගෙනම වැන්දා... චන්ද්‍රිකා මොඩල් වැඳීමක්... චන්ද්‍රිකා නෝනා වඳින වැඳිල්ල දැකලා ඇති නේද මේ උදවිය... ආන්න ඒ මොඩල් වැඳීමකට කියන්නේ චන්ද්‍රිකා මොඩල් වැඳීම කියලා... සාමාන්‍යයෙන් අංග ලක්ෂණ ධුත ලක්ෂණ අනුව පුද්ගලයින් වර්ගීකරණය කරන්න ඇහැකි නෙව... ඔය වැඳිල්ලේ හැටියෙනුත් සාමාන්‍යයෙන් පන්සලට එන යන අයව තරමක් දුරට තේරුං බේරුං කොරගන්න ඇහැකි... වඳින්නේ මට නෙවෙයි නෙව... සම්බුද්ධ සාසනේ නියෝජනය කොරන උතුං චීවරේට නෙව... ඉතං ඒ චීවරේට වඳින ආකාරයෙන් ඒ ඒ ඈයින්ගේ ස්වභාවය හඳුනා ගැනීම ඒ හැටිම අමාරුවක් නැහැ...
ඕං වැඳලා කරලා කොන්ද කෙලින් කොලාට පස්සේ මං අතින් පෙන්නුවා ඉස්සරහා කෙටි බැම්ම.... ඒක අඩියක් විතර උස බැමි කෑල්ලක්... හොඳ පළලට බැඳලා තියෙන්නේ කෙනෙකුට පහසුවෙන් වාඩි වෙන්ට ඇහැකි අකාරයටම තමා... හතර දෙනෙකුට උනත් කරදරයක් නැතිව එක පෙලට වාඩි වෙලා කතා බහ කොරත හැකි... ඉතින් උන්නැහෙත් එතැනින් වාඩි උනා...
"ම්ම්ම්.... මේ මහත්තයා කවුදෑ..? මං මෙයිට කලින්නං දැකලා පුරුද්දක් නැහැ..."
"ආ හාමුදුරුවනේ හාමුදුරුවෝ මාව දැකලා නැතිව ඇති තමා..මං ටිකක් විතර ඈතින් ඉන්නේ අර එගොඩ වෙල හරියේ..."
එගොඩ වෙල කියන්නේ පන්සලෙන් තරමක් ඈත..ඒ කිව්වේ කිලෝ මීටර් දෙකක් විතර දුරින් පිහිටි හරියක් තමා... කිලෝ මීටර් දෙකක් කියන්නේ ඒ හැටි දුරක් නොවුනට පන්සලට ගිණිකොන දෙසින් පිහිටි එගොඩ වෙල පැත්තේ ඒ හැටි දුරකට පන්සලේ දායක සීමාව පැතිරුනේ නැහැ... ඒකට හේතුව එගොඩ වෙල කතෝලික බල ප්‍රදේශයක් වීම... තරමක පල්ලියක් එහෙමත් ඒ අහ තිබුනා... පන්සලේ ඉඳන් ගිණිකොන පැත්තට මීටර් හත්සීයක් විතර යද්දී තරමක් කැලෑ ප්‍රදේශයක් අහු වෙනවා.. ඒ කැලෑවත් මීටර් පන්සීයක් විතර දුරයි.. එයින් පස්සේ තමා එගොඩ වෙල සීමාව තිබුනේ..ඉතිං ස්වාභාවික වෙන් වීමත්..ආගමික වෙන්වීමත් අනුව ඔය පැත්තේ උදවිය එක්ක ඒ හැටි දැන ඇඳුනුංකං මගේ තිබුනේ නැහැ... කතොලික පවුල් වලට දීග ආව බෞද්ධ කාන්තාවෝ කිහිප දෙනෙකුත්... කතෝලික පවුල් වලින් දීග අරං බින්න බැහැපු බෞද්ධ උන්නැහේලා දෙතුන් දෙනෙකුත් දැන අඳුරන් හිටියට අමතරව රාත්තිරි කාලයේ අට නවය පැන්නට පස්සේ හොරෙන් වගේ ඇවිත් කේන්දර වැඩ කරං ගිය කතෝලික උදවිය කිහිප දෙනෙකුත් මං හැඳුනගෙන හිටියත් එයින් එහාට වැඩි යමක් ඒ අහ එක්කලා තිබුනේ නැහැ...
"ආ ආ..ඒක තමා..මං කලින් දැකලා නැතිව ඇත්තේ.. ඉතිං මේ මහත්තයා මොකද මේ පැත්තේ..."
"නැහැ හාමුදුරුවනේ මං තමා ******ගේ බාප්පා..."
****** කියන්නේ ඒ කාලේ වෙනකොට ලංකාවේ කිරිකැට් කණ්ඩායමේ හිටිය ප්‍රභල කිරීඩකයෙක්... ඉරියව් කීපයකින්ම දක්ෂතා දක්වපු හාදයෙක්...
"ආ ඇත්තද..? ඉතිං මොකදෑ මේ පැත්තේ..."
"නැහැ ඉතිං මං මේ නිකං ආවේ... ****** පුතාව නොදන්න කෙනෙක් නැහැනේ රටේ.."
"ඔව් ඔව් ඒක හරි... කවුද නොදන්නේ උන්නැහේව..."
අපේ උන්නැහේ මොකාට එනවද කියලා මට තාමත් තේරුං ගන්න බැරි උනත් පන්සල් වන්දනාවක ආව වගක්නං පේන්නට නැති වග මේ වෙනකොට මට දැනීගෙන යමින් තිබුනේ...
"ඒකනේ හාමුදුරුවනේ.. මංනං දැන් ටිකක් අපේ මහ පවුල් වලින් අහක් වෙලා ඉන්නේ.. මං මෙහෙන්නේ බැඳලා ඉන්නේ.. ඒත් ****** පුතා ඉඳ හිට මාව බලලා යන්නත් එනවා.."
"හා හොඳයි හොඳයි... එහෙම වෙන්න එපෑ ඉතිං වැඩිහිටියන්ව බලලා යන එක හොඳයිනේන්නං.."
"ඔව් ඔව් හාමුදුරුවනේ මේ ළගදී අර ටුවර් එක යන්න කලිනුත් ඇවිත් මට කතා කරලා ගියේ..."
"හ්ම්ම් ඇත්තද..හොඳයි හොඳයි..."
"අපේ ඔය ****** පුතා ඇවිල්ලා හාමුදුරුවනේ ඉස්සර ඉඳන්ම ක්‍රිකට් වලිට පුදුම දක්ෂයිනේ... ක්‍රිකට් විතරක් නෙවෙයි හුඟක් දේවල්වලට බොහෝම දක්ෂයි..."
"හා හා හොඳයි..."
මේ වෙනකොට මට මොන වගේ දේවල් හිතෙනවද කියලා අමු.ුවෙන් කියන්ට ඕන නැහැනේ... ඒත් ඉතිං මං හිතේ තියෙන දේවල් එළියට නොදා කියන දේකට හුම් මිටි තියලා අහං උන්නා... ඔහොම ටික වෙලාවක් මෙයා තමුන්ගේ ****** පුතාගේ වරුණාව කියෝ කියෝ හිටියා.. ඒ අස්සට පුතා තමන්ට කොයි තරං ආදරේද.. සලකනවද වගේ දේවලුත් අතර මැද්දට ඔබන්ට ගත්තා... මාත් දැන් අර මොකේටද අහු උන මොකාද වගේ හුං හුං ගගා අහ අහ ඉන්නවා... ඔහොම ගිහිං අවසානෙදී උන්නැහේට ****** පුතාගේ තොරනේ විස්තරේ කියලා වචන අහවර උන වගක් පේන්ට ආවම මං ආයේ කට අවදි කොලා...
"ඉතිං මහත්තයා පන්සලටත් ආව එකේ ගෙහුං බුදුන් වැඳලා එහෙම ආවනං හොඳයි නේද..?"
"දැන් අවුව සැර වැඩියි වගේ හාමුදුරුවනේ... මං ආයේ වෙලාවක එන්නංකෝ බුදුන් වඳින්න.."
එහෙම කියාගෙන පන්සල් වත්ත වටේ ඇස් දුවවන ගමන් උන්නැහේ නැගිට්ටා...
"ආ මහත්තයා යන්ටද..හොඳයි එහෙමනං..."
"යන්ටත් ඕන හාමුදුරුවනේ... මං වෙලාවක අපේ ****** පුතා මේ පැත්තේ එක්ක එන්නංකෝ.."
"අනේ මහත්තයෝ පන්සල ඕන වෙලාවක ඇරලා... බුදු හාමුදුරුවොත් ඕන වෙලාවක වැඩ ඉන්නවා... මහත්තයා බැරිනං මහත්තයගේ ඔය කිව්ව ****** පුතාට උනත් පන්සලට ඕන වෙලාවක යන්න එන්න ඇහැකි... එහෙම නැතිව මටනං ඉතිං ඔය කියන ****** පුතාව මුණ ගස්සන්ට ඒ හැටි මහන්සි වෙන්ට ඕන නැහැ... කොහොමටත් ඔය පත්තර වල ටීවී වල දකින කෙනානේ...ආයේ ඉතිං අමුතුවෙන් හම්බ උනා කියලා ඇති දෙයක් ඇතෑ..."
ටිකක් වෙලා පුදුමෙන් වගේ මගේ මූණ දිහා බලං හිටිය ******ගේ බාප්පා ආයෙමත් අර අංශක 90වේ වැඳීමත් නැතිවම බයිසිකලෙත් තල්ලු කරං යන්ට ගියා... එයින් පස්සෙනං මං ආයේ ******ගේ බාප්පාව දැක්කේ නැහැ...
-------------------------------------------------------------
පසු සටහන...
උන්නැහේගේ තොරණේ විස්තරේ අහං ඉඳලා එපාම වෙලා හිටිය මං එහෙම කිව්වා නෙවෙයි කියැඋනා.. කොහොමටත් මගේ කට ඒ හැටි හොඳ නැහැ නෙව... ඉවසනවා කියලා ඔහොමත් ඉවසියෑකියෑ... බාප්පා මදිවට තව පුතත් එක්ක එන්න හදන්නේ... මේ කාලේ වෙනකොට මට ඔය වගේ උදවිය කිහිප දෙනෙක්ම සෙට් වෙලා හිටියේ... වෙලාවක් කලාවක් නොබලා ඇවිත් ඔහේ පම්පෝරි දොඩව දොඩව ඉඳලා යන... උන්නැහේලට ඇති වැඩකුත් නැහැ මට ඇති වැඩකුත් නැහැ.. මට පොතක් පතක් බලා ගන්න තියෙන වෙලාව නාස්ති කරනවා වගේම උන්නැහේලට මෙලොවට පරලොවට වැඩක් ඇති දෙයක් ගැන උනන්දු වෙන්නෙත් නැති... බණක් දහමක් ගැන කතාවකටවත් නැතිව ආ ගිය කතා කිය කිය ඉන්න කැමැත්තෙන් පන්සලට ඇදෙන උදවිය... සමහර විට ගෙවල්වල පාළුව කාන්සිය හින්දා වෙන්න ඇති.. ඒත් එහෙම පාළුව කාන්සිය යන්න කතා කරන අනිත් කෙනාගේ රුචි අරුචිකත්වය ගැන හෝ වැඩ කටයුතු ගැන හෝ නොබලා තමුන්ගේ කතාව ඇඳ ගෙන යන මේ ජාතියේ උදවිය හින්දා අනිත් අයට වැඩ පාළු වෙන එක ගැන තඹේක අවධානයක් යොමු කරන්නවත් මේ වර්ගයේ අය හිතන්නේ නැහැ...
ඔහොම එන්න ගත්ත සමහරුන්ට මං එනකල් ඉඳලා සරල බණ පොත් හිටං අතට දීලා ටිකක් කියවලා බලමුකෝ කියලා කියවීමට උනන්දු කරවන්න හදලත් තියේ.. මොන පොත්ද.. ටික වෙලාවක් යද්දී පොත පැත්තක තියලා ආයේ කියවනවා... ඔයින් එක්කෙනෙක් හින්දා මට උපසම්පදාවට පාඩං කරන දවස්වල බොහෝම කරදරයක් ඇති වෙලත් තිබුනා.. හරියටම උන්දෑ එන්නෙත් මං පන්සලේ වැඩ ටික අහවර කරලා පොත අතට ගන්න කොටම තමා... ඉවසලා ඉවසලා බැරිම තැන කෙලින්ම කියලත් උන්දෑ නෙවෙයි ගමන නවත්තන්නේ... අවසානෙදි ලොකු හාමුදුරුවන්ට කියලා උන්නාන්සේ කිව්වටත් ඒ හැටි ගාණක් නැතිව ගිය හින්දා උන්නැහේගේ ගෙදරට පණිවිඩයක් යවලා කාරණාව පැහැදිලි කොරලා දීලා තමා යන්තං පාඩං කරන්න වෙලාව හදා ගත්තේ... එයින් පස්සේනං බහුජන හිතාය කියලා වල් පල් කියවන්න එන උන්දලා කරේ දාගන්න එක මං වහන්සේ එහෙං පිටින්ම නැවැත්තුවා...එහෙම එපා වෙලා හිටිය කාලෙකම තමා මේ බාප්පා ආවේත්.. ඉතිං නියපොත්තෙන්ම කඩනවා ඇර වෙන මොනවා කොරන්ටද..?
ඔය ටික කිව්වේ කවුරු හරි වැරදියට කතාව තේරුං ගනී කියලා හිතුව හිංදා ඕං...
mama eka
ReplyDelete:)
Deleteමම සාත්තරක් කියනව වගේ කියන්නම් මාරයට මොකක් හරි හුටප්පරයක් වෙලා. කොහොම හරි ඔය ටික නම් කාට කියන්නද? ඔය වගේම ප්‍රශ්න මටත් තියනවා දැනටත්.
ReplyDeleteඔව් ඔව් මේ ළගකදිත් කවුද ඇවිත් කරදර කොර කොර හිටලා ගියේ නැද්ද..?
Deleteහපොයි ඒකාද....... ඌ සොඳුරු කරදරකාරයෙක්නෙ.
Deleteඅප්පෝ මෙහෙම පම්පෝරි දොඩවන උන්දලා මටත් සෙට් වෙලා තියේ. මහම කරදරයක් තමයි... මගේ වෙලවත් අපරාදේ,උන්ගේ වෙලාවත් අපරාදේ.....
ReplyDeleteඅහං ඉන්නත් ඇහැකි විවිධත්වයක්වත් තියේනං.. ඒත් එකම තැටිය නැවත නැවතත්.?
Deleteඔය පම්පෝරි දොඩවන්නේ , සමහර විට කෙලින්ම තමන්ට අදාළ නැති වුනත් කොහෙන් හරි ගෑවුණු දේවල් ගැන කියලා, තමන් ගැන හීනමානයකින්, අසහනයකින් ඉන්න අය තමයි. පම්පොරියෙන් හරි පොර වෙන්න ආස අය. ඔය බාප්පාගේ ටයිප් එකේ අයනම් අර මැක්කාගේ කතා ශෛලියෙන් තමයි කතා කරන්නේ. මොකක් කිව්වත් මැක්කව අතින් හරි දාල කියන්නේ..
ReplyDeleteඒක තමා මටත් හිතෙන්නේ රෝගේ මුල.. ඒත් ඉතිං ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැනේ...
Deleteපම්පෝරි දොඩවන අය එමටයි නෙවැ මාරයියේ.. ඉස්සර අපේ අම්මත් ඔහොම අහල පහල කට්ටිය පම්පෝරියට සෙට් උනාම වැඩක් පලක් කරගන්න බෑ කියලා තමයි ඔය කඩ කෑල්ලක් අරගෙනම වියාපාරේ එතනට අරං ගියේ.. වැෙඩ් කියන්නේ අර කට්ටිය එතනටත් ඇවිදින් කියවන්න පටන් ගත්ත එකනේ... හි හි... දැං නං අම්මා ඈත තියා ඒ ජාතියේ එක්කෙනෙක් එනකොට කෙල්ලෙක්ව යවනවා ඉස්සරහට අම්මා කඩේ නෑ කියලා... හි හි...
ReplyDeleteමලා .. මේකත් පම්පෝරියක් උනාද කොහෙද... කොහොමත් මාරයියා මේ දවස්වල කමෙන්ට් වලට රිප්ලයි කරන්නත් එච්චර උනන්දුවක් නැති එකේ පොඩි පම්පෝරියක් ගැහැවම මොකෝ.. නේදෑ......
ඒකයෑ පම්පෝරිය..මේ හිරුවගේ පම්පෝරියනේ පම්පෝරිය...හෙහ්...
Deleteපව් අප්පා ********** ගෙ බාප්පා. මම මේ තවමත් කල්පනා කරන්නෙ මොකද මේ බාප්පා මාරයියාවම නෑ නෑ වැරදුනා මාරයා උන්නාස්සේවම හොයාගෙන ආවෙ කියල
ReplyDeleteපන්සල්වල හාමුදුරුවරු කියන්නේ දෙන දේ කාලා කියන දේ අහං ඉන්න ඕන කට්ටිය නෙව... ඒකයි...
Deleteමටත් ඔය ටයිප් එකේ අයනං පේන්න බැරි ජාතියක් තමයි. තමුං කරගන්න ආපු වැඩේ කරගෙන යන්නෙ නැතුව වල්පල් කියවන්න ආපුවම මල පනින්නෙ නැතිව තියෙයියැ.
ReplyDeleteඅන්න බලහං..ඒකනේ අපි ඔය ආවත් ඇතුලටවත් වැඩිය නෑවිත් ඉස්සරහින්ම මාරු වෙන්නේ... හෙහ් හෙහ්...
Deleteමේ බ්ලොග් වල තියන පම්පෝරි කථා කියවල අපේ වැඩක් කරගන්නත් නෑ ;-)
ReplyDeleteඔන්න වැඩ කරන කෙනෙක් ඇවිත්...
Deleteකිසිවක් කීමට නැත! :)
ReplyDeleteජය වෙඅව්!!
එසේම වේවා..!
Deleteඅහවලාගෙ බාප්පා වෙන ඒකට එන්න ඇත්තෙ කියලා මට හිතෙන්නෙ. වටේ වටේ ගොහින් අන්තිමට උන්දැට තමුන්ට ඕනා තැනට එන්න බැරි උනා වගේ හැඟෙනවා.
ReplyDeleteආයෙත් අහලා..එහෙම සීන් එකක් කියලා මටත් හිතුනා... ඒත් මං මුට්ටිය දාන්න ඇරලා ඔළුව දායි කියලා හිතෙන වෙලාවෙම පොල්ලෙන් දුන්නා...
Deleteහ්ම්ම්, පුතා ඇවිල්ලා ඉල්ලගෙන ආයෙ ගෙනත් දෙනකල් කීයක් හරි ඉල්ලගෙන යන්න ආවා වෙන්නත් බැරි නෑ. මොකද අහවලාගෙ බාප්පාය කිව්වාම ඒක ගැරන්සියක් නෙ - ඒකත් නිකං අර අර, ඕන්නං අහවලාගෙන් අහලා බලන්න කියන්නා වගේ නෙ.
Deleteබාප්පාගේ කතාව අහල අහල අනිත් යට එපා වෙලා ඇති ඉතින් ඔය කානුවකට කියනවා වගේ උන්නන්සේටවත් කියනවා කියලා හිතාගෙන එන්න ඇති. පවු බන් (සමාවෙන්නෝනේ ඒ කාලේ ඔබ වහන්සේ)
ReplyDeleteමොකක් හරි එහෙම සීන් එකක් වෙන්නත් පුළුවන්.. නැත්තං වෙන ගැරිල්ලක් වෙන්නත් පුළුවන්.. කොහොම උනත් මෑන්ට අවසාන තත්පර ගානෙදී ආව දේ හරි ගියේ නැහැ...
Deleteඅපි දෙන්නම එකම නැකතේද කොහේදෝ ...
ReplyDeleteඔහොම කියාගෙන එන මිනිස්සු ආයි ජිවිතේට මගේ මුණ බලන්නේ නැහැ
:)
මගෙත් එක්කත් අමනාප වෙච්ච ගාන එමටයි...
Deleteඅපෝ ඔය වගේ පලකට නැති ඒවා දොඩවන මිනිස්සු එක්ක කථා කරන්න ගියාම එපා වෙනවා තමයි..
ReplyDeleteආයෙත් අහලා...
Deleteලගදි එහෙම කෙනෙක් මුනගැහිලා වගේ..
ReplyDeleteYou have very interesting stories.Why don't you visit my blog? I know that you can understand English.
ReplyDeleteනෑද නයෙක් නේ ඇරලා තියෙන්නේ..
ReplyDeleteමටත් ඔය කයිවාරු නම් අහන් ඉන්නම කැමති නෑ.. මමත් සමහරක් වෙලාවට ලොකු ලොකු ප්‍රසිද්ධ දන්නා අඳුරන අය ගැන කියනවා.. ඒත් ඒක මෙයාව දන්නවද වගේ ඇසීමක්.. මම මෙයාගේ මෙයා කීමක් විතරයි. ඊට එහාට අහන්න ගියොත් ඒ මිනිහයි මාවයි දෙන්නම එපා වෙනවනේ..
කීයක් හරි ඉල්ලගන්න එන්න ඇත්තෙ. කොහෙද ඉතින් මේ උන්නාන්සෙලත් එක්ක බෑනෙ.
ReplyDeleteහොඳ වැඩේ පම්පෝරි ගහන්න ආවට :ඩී
ReplyDeleteහූග්..මෙයාගෙ තිබිලා තියෙන ගණන් ඒ කාලේ ....
ReplyDeleteසමහර අයගේ පම්පෝරි අමාරුවෙන් උනත් සමහර වෙලාවට අහන් ඉන්න වෙනවා. මම නම් එහෙමයි. පව් නෙ ඒ අය :P අපි ඉතින් " මාරයා " වගේ නෑනෙ. අනුන්ගේ දුකට කන් දෙනවා :P
පන්සලකයි තරුණ හාමුදුරු කෙනෙකුගෙයි අපූරු චිත්‍රයක් මැවුනා.
ReplyDeleteතරහ වෙන්ඩ එපා ඇහුවට, ඔච්චර රසවත් පන්සල් දිවියෙන් අයින් උනේ මොකෝ?
බැහැ දකින්න එන්නැති !
ReplyDeleteමම නම් බොහොම කැමතියි කියවන අයට. මොකෝ මම හොඳ සවන් දෙන්නෙක්.. දන්නෝ දනිති...
ReplyDeleteහයියෝ බාප්පා...
ReplyDeleteමාරයා උන්නාන්සේගේ මෑණියන්දෑවත් මතක් කර කර යන්න ඇති නේද?
මටත් පේන්ඩ බෑ ඔය ඕනෑවට වැඩිය කියවන මිනිස්සු.. මල කරදරේ..උන්ට තේරෙන්නැති හැටි උන්ගෙ කියවිල්ල හැමෝටම දිරවන්නේ නැතිය, මේ ලෝකෙ තමන්ගෙ පාඩුවෙ ඉන්ඩ කැමති මිනිස්සුත් ඉන්නවාය කියන එක.
ReplyDeleteඔව් බං සමහරු පැයක් විතර කතා කරලා ආපහු දොර ලඟට ගිහිනුත් තව පැය බාගයක් විතර කතා කරලා ගියත් බැලුවම කියපු දෙයක් නෑ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මෙහමයි. මම මේක නිරීක්ෂණය කරපු, ඒ වගේම අපි කාර්යාලේදී සාකච්චා කරපු දෙයක්. මිනිස්සුන්ට පුළුවන් අනුන්ගේ දුක් ගන්නා රාලලා අඳුනා ගන්න. එහෙම අයව පළමු දැකීමේදී වුනත් අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ කියවනවා. සමහරුන්ට හිතේ තියෙන දේ කියාගන්න අය නෑ. අද උදේ (මම හැමදාම කොල කැඳ කෝප්පයක් බොන්න යන ඩිමෝ බට්ටෙක්ගේ තියන් වෙළඳාම් කරන) කෙනෙක්, එයාගේ දරුවෙක්ගේ අසනීප තත්වයක් ගැන එක දිගට කියාගෙන ගියා. මමත් අහල දෙන්න පුළුවන් උපදෙස් ටිකත් දීලා ආවා. අහන ඉන්න අයව මිනිස්සු ඉවෙන් අඳුන ගන්නවා. හලන්න අවශ්‍ය නම් කරන්න ඕන දේ මම දැම්ම ලියලා පොස්ට් එකක් දාන්නම්.
ReplyDeleteමේක ගැන මම ලියපු ලිපිය මෙතනින් බලන්න
ReplyDeletehttp://awidda-paya.blogspot.com/2012/09/blog-post_26.html
ඒ වගෙ උන් එක්ක නම් කතා කරල වැඩක් නෑ. මල පනිනව. බ්ලොග් 1 නම් පට්ට මාරයා
ReplyDeleteඅපෝ ඒක නම් සහතික ඇත්ත,වැඩ කරන වෙලාවට ඇවිත් පම්පෝරි ගහන එක තමා ඉවසන්න බැරි :/
ReplyDelete