වේලි වේලි හිටිය අපිට කොස් ඇට බාවන්ට හොඳ පූසෙක් නැතිව හිටිය වෙලේ... සෑර් දෙයියෙක් වගේ පහළ උනා... පහළ උනාට වඩා පහළ කර ගත්තා කිව්වොත් හරි... ඒකට මල් තියලා වඳින්ට ඕන අපේ මංගල සෑර්ට... මංගල සෑර් ටිරාන් සෑර් එක්ක සැට් වෙලා ලොකු සෑර්ව හිටිය තැනින් එළියට ඇදලා අරං කොන්ඩේ කපලා ඇඳන් හිටිය ඇඳුං ගලවලා මංගල සෑර්ලට ඕන ඕන විදියට කපලා මහපු ඇඳුමත් ඇඳන් අපි ඉස්සරහා දෙයියෙක් වගේ පෙනී හිටියා... දේවාලෙට අරක් අරං ඉන්න අර වල් ඌරු තඩි.. බුරුසු රැවුල්... කාලකණ්නි..හොර දෙටු..(තව වචන එනවා අප්පා ඒකට බයින්න තියේනං අපිට වෙන කිසිම ජොලියක් නැති උනාට කමක් නැහැ සෑර්..) ලොකු දෙයියා පන්නලා අපේ තාලේ දෙයියෙක් දේවාලේ මහ පුටුවේ වාඩි කරවන්නයි අපිට ඕන වෙලා හිටියේ... ඒත් අපිට ඒ වෙනකොට හිටියේ අල්ප දයන්න වගේ හැලපේනිස් දෙයියෙක් ඉතරයි... ඒ දෙයියා පිස්සු නටනවා ඇර දේවාලේ පැත්ත පළාතේ යන්නවත් හිතන දෙයියෙක් නෙවෙයි. ඒත් ඉතිං අපි ඒ හැලපේනිස් දෙයියට හරි මනාපයි.. මොකද ඒකා දේවාලෙට රිංගගත්තොත් හරියට අපි රිංගුවා වගේ තමා සෑර්...
ඉතිං අපි බැළුවේ සෑර්ව ඉස්සරහට දාලා දැන් ඉන්න අර වල් දෙයියව එලෝලා... එයින් පස්සේ සෑර්ටත් මොනවා හරි බාල්දියක් ඉහේ නවලා අපේ පරණ පුරුදු හැලපේනිස් දෙයියවම පුටුවට නග්ගන්න තමා... ඒ දවස්වලනං අපි ඕවා කියන්න ගියේ නැහැ සෑර්... ඒත් දැන්නං කිව්වට කමක් නැහැ..මොකද සෑර්ටම උනත් දැන් තේරෙනවා ඇතිනේ අපි සෑර්ව කරට ගත්තේ සෑර්ට ඇති ආදරේකට නෙවෙයි කියලා... මොනවා කරන්නද සෑර් අපිව වරදවලා තේරුං ගත්තට... සෑර්ට බලය දෙන්න අපිට පිස්සුද සෑර්.. අපි බැළුවේ සෑර්ව මෝරා කරලා අපේ හැලපේනිස්ට තැනක් අරං දෙන්න බලන්න... අර ගංකබර නාකි රතු අංකල්ටයි ගෝලයෝ රොත්තටයිත් එහෙමම තමා උවමනාව තිබුනේ.. උන්ට වැලේ වැල් නැතිව යන වෙලේ සෑර්ව ඉස්සරහට දාලා ගැලවෙන්න යන වස්තරේ යන්තං බේරගන්න මිස සෑර්ට දේවාලේ පුටුව දීලා සෑර් ලවා ඉල්ලාගෙන වළඳන්න උන් කොහොමටවත් හිතං හිටියේ නැහැ...
කොහොම හරි ඒ හැම දේම දැන් අතීතෙට ගිහින් සෑර්... අපි සෑර්ව දැන් බිම තියලා තියෙන්නේ.. මොකද සෑර් හිර ගෙදර නිවාඩුව අහවර කොරලා ආවයින් පස්සේ අපේ කරේ නැතිව සෑර්ට ඕන විදියේ ගමනක් දුවන්න හැදුවනේ.. අපි හිතං හිටියේ සෑර් ඇවිත් අපේ හැලපේනිස්ට වැඳලා පක්ෂ සාමාජිකත්වය අරං ඔය පක්ෂයේ වැඩ ටික කරං කාලා බීලා පාඩුවේ ඉන්න ගමන් අර ලොකු එකාට බැණ බැණ හිටී කියලා.. කෝ ඒක එහෙම උනේ නැහැනේ.. සෑර්ට ඕන උනානේ අපේ හැලපේනිස් ලොක්කට වඩා ඉහළින් යන්න... ඒවට එන්න දෙන්න බැහැනේ සෑර්...
ඉතිං දැන් මං මේක ලියන්න ගත්තේ වෙන කෙංගෙඩියකට නෙවෙයි... හොරෙංවත් ඇවිත් සෑර්ට සොරි කියලා යන්න.. ඉස්සරනං අපිත් සෑර්ගේ ගුණ වයලා ලිව්වා කිව්වා තමා සෑර්.. ඒත් දැන් නං ඒවා කරන්න බැහැ..රට්ටු අපිට හිනා වෙයි.. ඒ හින්දා අපිත් සෑර්ව අඳුරන්නේ නැති ගානට ඔය අනං මනං ටිකක් ලියනවා..සෑර් ඒකට හිත අමනාප කරගන්න එපා... අපිත් ෂේප් එකේ ඉන්න එපෑ සෑර්... නැතුව අපිට ඇහැකිද අපිට වැරදුනා..එහෙමත් නැත්තං අපි වැරදි මිනිහට මුක්කු ගැහුවා කියලා ප්‍රසිද්ධියේ කියලා පීචං වෙන්න... අනේ බැහැ සෑර්..අපිට බැහැ ඒම කරන්න... ඒ හින්දා අපි දැන් ලියන්නං අපි සෑර්ව දන්නේවත් නැති ගානට.. ඕනන සෑර්ට වැරදුනේ මේ මේ හින්දයි කියලත් ලියන්නං මල් හතට... මොකද අපේ අතින් පයින් යනවෑ සෑර්..නේද..?
ඒත් සෑර් අවංකවම ගත්තොත් අපි දන්නවා අපිම තමා සෑර්ව අමාරුවේ දැම්මේ... අපේ තියෙන අවලං කොමට... අද ආරංචියක් ආවා සෑර්ගේ නෝනෙත් ඔන්න ඔහේ කොහේද යනවා කියලා.. වෙන්ට ඇති සෑර්.. ඊයේ හවහා නෝනෙටත් තේරෙන්න නැතෑ දැන් තත්වේ හරියටම කොහොමද කියලා.. තව දුරටත් මෙහෙ ඉදන් පීචං වෙනවට වඩා දරුවන්ගේ වැඩක් බලං ඉන්නවා සැපයිනේ සෑර්... ඒ හින්දා ඒ ඇත්තිට වරදක් කියන්න බැහැ... සෑරුත් ඔන්න ඔහේ සෑර්ගේ අතක් බලා ගන්න සෑර්... හැබැයි සෑර් වැරදිලාවත් අර මහ එකා ගාවටනං යන්න හිතන්න එපා.. ඕං නොකිව්වා කියන්න එපා..එහෙම උනොත්නං අපි සෑර් කියලා බලන්නේ නැහැ..අපි අන්දපු සරමයි බැනියමයි අපිම ගලෝනවා සෑර්ගේ ඔළුවෙන්... කලින් සෑර් ඇඳන් හිටිය අර ගාම්භීර ඇඳුම සෑර්ටත් නොදැනී ගලෝපු අපිට ඔව්වත් වැඩද සෑර්... අනික අර පජාති මාරයා වගේ ලොකු එකාට කඩේ යන උන් අපේ රෙදි ගලවයි සෑර් එහෙම උනොත්.. ඌ බලං ඉන්නේ එහෙම එකක් වෙනකල් අපේ රීරි මාංසේ කන්න... ඌටනං ආතල් ගන්න දෙන්න තියන්න එපා සෑර්... ඒ හින්දා ඒ වැරැද්ද විතරක් නොකර වෙන ඕනම දෙයක් කරං පාඩුවේ ඉන්ට සෑර්... අපිත් එක්ක අමනාප වෙන්ට එපා.. මේ අපේ හැටි... ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න ලැජ්ජා හින්දයි මෙහෙම ෂේප් එකේ ආවේ... සොරි සෑර්...
මෙයට මැරිලා උපන්න සෑර්ට කඩේ යමින් ලිපි ලිව්ව එකෙක්...

This comment has been removed by the author.
ReplyDeleteදිගටම ගේම, ඔහොම යං. ඔහොම යං.
ReplyDeleteඋඹත් නිළ අැදුමක් අැදපු ඒෙකක් ෙන්ද බන් අැයි ෙමෙහම අාතල් ඒකක් ගන්ෙන්
ReplyDeleteආයෙත් මුල ඉඳන් කියවහං මචං...
Deleteදේසපාලන පිංපියෙකුගේ පාපොච්චාරණයක්.
ReplyDeleteවදින තැනට වදින්න රිදෙන තැනට රිදෙන්න එලටම ලියල තියෙනවා. බුකියෙ එකාල එකීල ඒ දවස් වල රෙදි නැතුව කඩේ ගියෙ ඇත්තටම කාටද කියල අගේට විග්රහ කරල තියෙනව.
අනේ මංද.....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteදේශපාලනය යනු මහා විහිළුවකි....
ReplyDeleteහැමතැනම එකම කියලා එපා වෙලා.... මේ අන්තිම පාර...
ReplyDeleteපවු ඔය මනුස්සයා... වැදගත් විදියට රටේ ඉන්න තිබ්බ කෙනෙක්.. දැං හැමෝගෙම විහිළුවට ලක් වෙලා...
සහතිකෙන්ම...
Deleteරජා වගේ ඉන්න තිබ්බ මනුස්සයානේ
මට ප්‍රශ්නෙ කවුද මැරිල උපන්න එකා කියලා... අනිත් ඒව ගැන කවර කතාද?...
ReplyDeleteඇත්තටම මේ රට යන දිශාව රටේ වෙන සංවර්ධනේ එක්ක බැලුවාම තවත් විපක්ෂය අඩපන වෙලා මේ පාලනය මේ විදියටම තියෙන්නෙ ඕනි....
ReplyDeleteහම්මේ මෙහෙම සංවර්ධනයක් අමරිකාවෙත් නැතුව ඇති....
රනිල්ට ගහන්න කිසිම චෝදනාවක් නැත්තං අඩුතරමෙ ලිංගික බෙලහීනතාවය හරි ඇදලා ගන්න ඕනි.... ආ අර අවුරුදු තිහකට ඉස්සරවෙලා බටලන්ද ඒකත් ගත හැකි...
නෑ ඔයි රනිල් සුනාමි සල්ලි හොරා කාල තියනවා , පරම්පරා ගානකට හරි යන්න විදේශ ණය අරන් තියනවා , ණයට ගත්තු සල්ලි වලින් කිසිම ඵලදායිතාවයක් නැති ව්‍යාපෘති ගොන්නක් කරලා තියනවා , අනුන් පටන් ගත්ත ප්‍රොජෙක්ට් වලටත් තමන්ගේ නම දාගෙන තියනවා , ඉන්ටර්පෝල් වරෙන්තු තිබිච්ච ත්‍රස්තවාදින්ට සමාව දීල තියනවා , රනිල්ගේ ගෝලයො මොන මැර කම කලත් උන්ට නඩු වැටෙන්න නොදී පොලිසියට අධිකරණයට බලපැම් කරල තියනවා , විදේශ ප්‍රතිපත්තියෙන් හත්පොලේම ගාගෙන තියනවා , ලිං හාරනවටත් බදු ගහලා තියනවා , වැස්සකට වගේ එකකට තමයි විශ්ව විද්යාලෙකට ගිහින් තියෙන්නෙ , රනිල්ගේ තියෙන්නේ ගෝත්‍රික සංකල්ප වලින් රටක් ගෙනියන්න වෙන්නේ ඉස්සරහට නෙවෙයි ආපස්සට ,
Deleteතව කොච්චර වැරදි තියනවද ඕයි රනිල් ගේ
අන්න කතාව, ඇයි ඕයි තව තියෙනවානේ.. රනිල්ගෙ පුතාලා... ((ඔහෙ පලයන් උන්දට පුතාලා නැහැනො )
Deleteහිතේ අමාරුව තව කාලාන්තරයක් තියෙයි
Deleteloku john කියන්නේ කාගේ හිතේ අමාරුව ගැනද ?
Deleteහැමෝගෙම බං හැමෝගෙම
Deleteබත් කන හරක් දැක්කීමට අවශ්‍ය පොඩ්ඩක් තඩි මහත තවත් හරකෙකි. ඌ ජපුරේ පියුන් කමක් කිරීම අතිරේක සුදුසුකමකි. දැන් ඒ හරකා පත්කරගෙන හානා හීයේ තරම පේන්නේ නැත්තේ සාක්ශරතාවය 98% නිසා බ්ලොග් ලියන බත් කන හරක් නිසාද?
Delete@loku john - මට නම් කිසිම හිතේ අමාරුවක් නැ ඔය ගැන, පොඩ්ඩක් තිබුනා 18 වෙනිදට මොකක් හරි වෙයි කියලා , මොකුත් වුනේ නෑ , හැමදෙයක්ම තාම කලින් තිබුනා වගේමයි . හැබැයි බරපතල හිතේ අමාරුවක් තියනවා රට යන දිහාව ගැනත් ඒක බලාගෙන සතුටු වෙන උන්ගෙම භාෂාවෙන් කියනවා නම් "බත් කන හරක්" වෙච්ච බහුතරය ගැනත්
Deleteඒගැන මට නම් අවුලක් නැත්තෙ අපි දන්න කාලේ ඉඳන් යන්නෙ ඔය පාරේ ඔය පාර කවුරුවත් හරවන්නෙ නෑ යන රියදුරා විතරයි වෙනස් වෙන්න රිය දුරා ගැන නොහිතා යන මිනිස්සු ගමන යන එකයි කෙරෙන්නේ.
Deleteආන්ඩු පක්ශෙ විපක්ශෙට ආවම විපක්ශෙ හිටපු සපෝටර්ලට උඩ පනිනවා අන්න එතකොට ආන්ඩු පක්ශෙ හිටපු සපෝටර්ලා තියන ආන්ඩුවට බනිනවා.
ඕකනේ හැමදාම වෙන්නේ. ඒකනේ අර මම දාපු කාටුන් දෙකට කවුරුත් කාටුන් වල අන්තර්ගතය ගැන කතානොකර ඇඳපු එකාගෙ ගුන අගුන කතාකරන්නේ .. හික් හික්
මෙන්න මගෙ ලින්කුව http://oldpettagama.blogspot.com/2012/10/127.html
අව්‍යාජ අදහසකි.
ReplyDeleteකලින් ලිපියට කොමෙන්ට්ටුවක් දාලා තිබ්බ අකුරු දෙකේ නමක් තියෙන බත් කන හරකෙක් නොවෙච්ච එකෙක්ගෙ කොමෙන්ට් එක කියවපු වෙලේ මටත් ඔය වගේ වගේ සිතුවිලි ගොඩක් ඇතිඋනා
ReplyDeleteඅහ් ඒක නෙමෙයි තිත්තයට වාරේ ඇවිල්ලා.....
Deleteහතර අතේ නෙලනව.......................:D:D
ආපහු කිව්වොත් එහේම පෙන්ශොන් සැපෙන් ගෙදරට වී සිටියානම්...........
ReplyDeleteවදින තැනකට වැදියල්ල......by Chinthaka
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසති දෙකයි සති දෙකයි . . .
ReplyDeleteමෙයාව කඩේ යවපු අයට තමා ගහන්න ඕන.
ReplyDeleteකඩේ යන්න බබෙක්යැ
Deleteඅනේද කියන්නෙ කඩේ යන්න එයා බබා....
Deleteඅර ඇටිකෙහෙල් කාපු මොක්කුන්ගෙද කතාව මට මතක් වෙනවා මාරයො. මම අද පොස්ට් එකක් දාගන්න බැරි තරමට හිනායනවා .
ReplyDeleteඅපරාදේ මේ රටේ මිනිස්සුන්ට සේවය කරන්න හැදුවෙ සර්... සර්ටත් තිබුනෙ දෙන දෙයක් කාල විදෙස් සවාරියක් ගහගෙන පොඩි මාටියා පාරකුත් දීගෙන ලොක්කගේ පැත්තටම වෙලා ඉන්න. එහෙම උනානම් දැන් ඔබතුමා ලොකු කොම්පැනිකාරයෙක් බැස්කවිල් වගේ.....
ReplyDeleteඅඩේ මහින්ද අයියා දන්නවනං බ්ලොගයක් දානවා අපිව අන්දන්න..
ReplyDeleteමම නං කාලයකට කලින් ටිකක් අප්සෙට් උනේ සෝම හාමුදුරුවෝ ජනාධිපතිවරෙනට ඉල්ලනවා වගේ ඉඟියක් උන්නාන්සේ දුන්නු එකට. වාසනාවට හෝ අවාසනාවට උන්නාන්සෙට එහෙම කරන්න වූනේ නෑ. (ගැලපෙනවද මන්දා මේ කමෙන්ටුව.)
ReplyDeleteඅනේ මන්ද...
ReplyDeleteකොහොම හරි බළල්ලු ලවා කොස් ඇට බෑව..
මේ මනුස්පයත් මාට්ටු උනා නෙ...
කඩේ යාම නොහොත් ජෝන් වීම!
ReplyDeleteකිසිවක් නොකියමි!
තව පොඩ්ඩක් මොළේ තිබ්බනම්...(පවුලවත් ලංකාවෙ ඉන්නව)
ReplyDeleteවයිෆ් ලැජ්ජාවටද මන්දා රට යන්නේ
ReplyDeleteඅපරාදේ ෆොන්සේකා ගෙදරට වෙලා හිටියා නම් මේ මුකුත් නැහැ.කොහෙද ඉල්ලන් කන්න ගියානේ
රටම ගරු කල යුතු පුද්ගලයෙක් උනත්...අද එතුමා ඉල්ලං කන්නේ මේ පීචං දේශපාලණය කරන්න දඟලපු නිසයි.
ReplyDeleteමටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා බුකියේ ෆොන්සේකා මහත්තයට සප් එක දීපූ උන් ගැන.. ලංකාවේ හැම දේම සෝභන විතරයි.. ජනරාල් නිකන් ෂෙහාන් කරගත්තා සම හරක්..
ReplyDeleteඑක එක ඈයින්ට ඇහැක් ඒවා තියෙනවනේ.බැරි ලබ්බ බදා ගත්තම පච වෙනවා නේන්නං.
ReplyDeleteහැබැයි ඔය මාරයා කිව්වට පොර ලොක්කට කඩේ යන්ඩ ගත්තොත් ඔය පොඩි ඇමති කෑල්ලක් එහම් අරගෙන, බොහොම පොඩ්ඩ දවසකින් අපේ රටේ උන්ට ඔක්කොම අමතක වෙලා යනවා.අනිවා.
දැන්නේ මාරයියගේ පෝස්ටුව දැක්කේ. අතේ පිච්චිය නැතුව කනෙක්ෂන් ඩිස්කනෙක්ට් කරලා අතරමං වෙලා ඉද්දි ලැබුනු සහනාධාරවලින් කනෙක්ට් වුනාම අපේ ජනරාල් ලොක්කව තොපි විනාස කොරලා.
ReplyDeleteකොටි එක්ක දහං ගැට දාල හැප්පුන අපේ තුමා ඊටත් හපං දේසපාලු ගැට වලට ලස්සන රිප්ලයි එකක් දෙනවා සුවර්. විපස්සෙටම එකතු වෙන්න තැනක් නැති නිසා, ඔහුට තනියෙන් කෙලින් වෙන්න වෙනවා සුවර්. බලමු බලමු.. !
ජය !
ආනේ සැමා.. ඒකාගේ දැං තනියෙං කෙලිං වෙන කාලේ පැනල නෙවැ
Deleteකියල වැඩක් නෑ බං. ඔය ගොං හැත්ත මේ වෙලාවේ සක්කරයා ආවත් අන්දන්න තමා ට්‍රයි එක. හැබැයි අනෝමා නෝනාගේ රට යෑම මේකට සම්බන්ධයක් නෑ අයියේ.
ReplyDeleteකොහොම වුනත් මේ මහත්තයා අතරමං කරපු එකටනම් ඇත්තටම දුකයි. හැබැයි මම හිතන්නේ නෑ දෑත් ශක්තිමත් කරන්න තරම් මේ වෙලාවේ මේ මනුස්සයා විකල් වෙයි කියල.
දකුණු ආසියාවේ දේශපාලනයේ හැටි ඔහොමය...
ReplyDeleteයුද්ධය සහ දේශපාලනය කියන්නේ දෙකක් මලේ. යුද්ධයක් දිනාගත් සිංහයෙක් බල්ලොත් එක්ක නිදාගත යුතු නෑ ..
ReplyDeleteහොදම මානවවාදී අර්ථ දැක්වීම
Deleteඒ ඇයි බං දේසපාලකයෝ අපෙන් චන්දේ ඉල්ලන්නේ... අපි මොනවා කලාටද?
ReplyDeleteනෙලාපන් මලේ නෙලාපන් හතර අතේ නෙලාපන්...
ReplyDeleteතව ටිකක් බලල එතුමත් නෝනා ගිය දිහාටම ගියාම ඔය තවමත් පස්සෙන් හිස් අතින් කඩේ යන උන්දල කොහෙද යන්නෙ කියල බලාන උන්නැහැකි
මටනං බං ඔය දේසපාලනේ අරහං!
ReplyDeleteමංගල ගොයියා වැඩකට බැස්සොත් ඉතිං ඒක අවමංගල්ලෙකින් තමා ඉවර වෙන්නෙ... දැක්කනෙ ශ්‍රීපති ට උනු දේ...
ReplyDeleteසිරාට ජය වේවා!
Deleteමංගල කියන්නේ චාටර් පීටර් ඩයල් එකක්නේ. දෙස පාලනේ නම් එපෝ............
ReplyDeleteඅපිට ඕන ගෝත්‍රික අදහස් තියන කෙනෙක් තමයි.එදා කැබිතිගොල්ලෑවෙ බෝම්බෙ පුපුරවපු වෙලාවෙ මහින්ද එතනට යාම මුලු ලෝකෙටම පැහැදිලි සංඥාවක් වුනා.රටේ න්ජනතාව ගැන කතා කරන්න රජෙක් පහල වෙලා බව ලෝකෙම දැනගත්තා.හැලපේනිස් බලයට ආවනම් එයා ජාත්‍යාන්තර ප්‍රජාව තරහ වෙයි.කොටි තරහ වෙයි කියල පිටිපස්ස හැරිල දෙකට නැමෙනවා.
ReplyDeleteරට සංවර්ධන මාවතක යනව ඒක නෑ කියන්න බෑ.එදා ඌ ඇන් පිය මහවැලිය හදනකොට සමහරු බැන්න බලන්න අද ඒක කොච්චර ප්‍රයෝජනවත්ද.
ඒ වගෙ තමයි මේවත්.හොරාකනව කියල මන්තර ජප කරන එකේ තේරුමක් නෑ.
රනිල ආවත් හොරු ටික ගේමට සෙට් වෙනව මොකා ආවත් ඔච්චරයි.පොන්සේක ආවනම් හොරුන්ගෙයි අධිරාජ්යවාදීන්ගෙයි කුක්කෙක් වෙනව.මේ තියන නිදහසත් නැති වෙනව .ඒක ඒ කාලෙ එයාට වැඩ කරපු අයත් පිළිගත්තා.
ජේ වී පියට ඕන වියවුල් තත්වයක්.මැතිවරණැ නොපවත්වන තනි පක්ෂ ආන්ඩුවක් සහිත ඊනියා විප්ලවීය රහස් පොලිස් ආන්ඩුව පිහිටවල නායකයො සැප විදින ක්‍රමයක් තියන අයනෙ.උන්ගෙ සෝබනේ බොරුව ප්‍රෝඩාව හොරකම හැමෝම දන්නව
මේ පහල වෙලා තියෙන්නෙ රටට ගැලපෙන අවශ්‍ය පාලනය තමයි
හොරු නම් කොහෙත් ඉන්නවනෙ.කවදත් හිටියනෙ හැමතැනම හිටියනෙ අදටත් ඉන්නවනෙ අනාගතෙත් ඉන්නවනෙ.
වේගවත් අත් පොලසන් හඬක්.....
Delete(කිංඩියට නෙමේ ඈ....)
බොක්කන්.... බොක්කෙන්...
එල මාරයට වඩා සැහෙන අන්තයට ගිය එකෙක් හම්බුවුනා සන්තෝසයි ඈ , උබල වගේ එවුන්ට මහින්ද හොඳ වැඩියි . ස්වාසිලන්තෙ රජා වගේ එකෙක් තමයි තිතටම ගැලපෙන්නේ
Delete